(රොමේෂ් මධුෂංඛ)
විවිධ ගැටළු හා බාධක රැසකට මුහුණ දීමට සිදුව ඇති නිසා මෙවර කන්නයෙන් පසුව යාපනයේ බොහෝ ගොවීන් නැවත දුම්කොළ වගා කිරීමට බාලාපොරොත්තුවක් නොමැති බව යාපනයේ දුම්කොළ වගාකරුවෝ පවසති.
රජය දුම්කොළ සදහා පනවා ඇති නීතිරීති දැඩි වීමත් සමගම ඒවා දුම්කොළ වගාව සදහාද බලපා ඇති බව පෙන්වා දෙන යාපනයේ දුම්කොළ ගොවීන් දුම්කොළ බීජ සපයා ගැනීමේ සිටම එම නීතිරීති වලට තමන්ට යටත් වීමට සිදුවූ බව කියා සිටියහ.
යාපනයේ වඩමරච්චි හා කෝපායි ඇතුළු ප්‍රදේශ ගණනාවක මේ දිනවල දුම්කොළ වගාවලින් අස්වැන්න නෙලීම ආරම්භ වීමත් සමගම දුම්කොළ මිල ඉතා සීඝ්‍රයෙන් පහත වැටෙන්නට පටන්ගෙ න ඇතැයි යාපනයේ දුම්කොළ ගොවීන් පවසන අතර දුම්කොළ මිලට ගන්නා අයෙකු යාපනයෙන් සොයා ගැනීම පවා ප්‍රශ්නයක් වී ඇතැයි කියා සිටිති.
පසුගිය වසරේ මෙම කන්නයේදී දුම්කොළයක් 180 කට අලෙවි කරගැනීමට හැකි වුවත් මෙවර තම දුම්කොළයක් තොග වශයෙන් රුපියල් 125 කටවත් අලෙවි කරගැනීමට නොහැකි වී ඇතැයි ඔවුන් පවසති.
දුම්කොළ වගාවට වඩා කපන ලද දුම්කොළ පදම්කොට පැණි යොදා පැණි දුම්කොළ වශයෙන් සකස් කිරීම ඉතා අසීරු ක්‍රියාවක් බව පෙන්වා දෙන යාපනයේ දුම්කොළ ගොවීන් දුම්කොළ වියළීමේදී දුම්කොළ පෝරණුවලට ගිනි ඇවිළීමෙන් ඇතැම් විට දුම්කොළ කිලෝ 2000ක් 3000 ක් විනාශ වන අවස්ථාද ඇති බව කියා සිටිති.
මෙතරම් මහන්සියක් වී සකස් කරණු ලබන දුම්කොළයක් රුපියල් 200 කටවත් අලෙවි කරගැනීමට නොහැකිනම් එම ගොවිතැනෙන් පළක් නොමැති හෙයින් මේ පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බවට යාපනයේ දුම්කොළ ගොවීන් කියා සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මොකක්ද බලධාරියා කරන්න ඕන? මහජන මුදලින් දුම්කොළ අරගෙන සිගරට් හදන්න සිගරට් සමාගමට දෙන එකද?
මා දන්නා පරිදි දුම්කොළ වගා කරුවන් කවදත් අසරණය. ඔවුන්ගේ දහදිය මහන්සියෙන් උපරිම පල නෙලා ගන්නේ බාම් හිමි කරුවන් සහ දුම්කොළ සමාගමය. එබැවින් රටටත් ජනතාවටත් පලක් නැති මේ දුම්කොළ වගාවෙන් ගොවින් ඉවත් වී වෙනත් බෝග වගාවකට යොමු වෙනවානම් හොදයි.
මෙම ගොවීන්ව වෙනත් ලබා ලබන බෝග වර්ගයක් සඳහා යොමුකළ යුතුයි. මොවුන් පමණක් නොවෙයි දුම්කොළ ආශ්‍රිත රැකියා වල නිරත වන සෑම දෙනාම වෙනත් අදායම් මාර්ග වලට යොමු කිරීම රජයේ වගකීමක්.
ඒකටනම් කමක් නැහැ. අත්‍යවශ්‍ය දෙයක් නොවෙයි නේ. වෙනත් වගාවන්ට පුරුදු වෙන එක තමයි හොඳම දේ.
දුම්කොළ අපිට අහිතකරයි. ඔහොම වෙන එකම හොඳයි. දුම්කොළ වගාව රටෙන් අතුගා දමන්න ඕනි.
මේ විදිහට දුම්කොළ අපේ රටින් තුරන් කරන්න පියවර ගන්න. ආහාර වර්ග වගා කරන්න දිරිමත් කරන්න. වස විස දේවල් තුරන් කරන්න.
දුම්කොළ වගාව වෙනුවට වෙනත් විකල්ප වැඩපිළිවෙලක් සකස්කර දීමට මේ රටේ නායකයාටත්,අදාළ ඇමැතිටත් තවම බැරි උනාද ? අවශ්‍ය දේට නැති කට වෙනත් දේටනම් තිබෙන බව පේනවා..
"මේ පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බවට පවසන්නේ" වෙනත් වර්ග වගාවකට සවිබල දෙන්න කියන එකකි
දුම්කොළ අපගේ ශරිරයට අහිතකරයි. පර සුද්දගේ දුම්කොළ මේ රටින් අතුගා දැමිය යුතුයි. සමාජයට අවශ්‍ය වන්නේ මත් වෙච්චි පිස්සන් ටිකක් නොවෙයි...