IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


යාපනය-චෙන්නායි ගුවන් ගමන් සඳුදා සිට

එයාර් ඉන්දියා ගුවන් සමාගමට අනුබද්ධිත, එයාර් එලයන්ස් ගුවන් සේවය මගින් යාපනය ගුවන් තොටුපළේ සිට ඉන්දියාවේ චෙන්නායි ගුවන් තොටුපළ දක්වා වාණිජ ගුවන් සේවා කටයුතු  නොවැම්බර් 11 දින සිට ආරම්භ කරන බව එයාර් එලයන්ස් ගුවන් සේවය පවසයි.

මෙම ගුවන් ගමන් සඳුදා, බදාදා සහ සෙනසුරාදා යන දිනවලදී පැවැත්වේ.

එයාර් එලයන්ස් සමාගමේ 9I 101 ගුවන්යානය චෙන්නායිහි සිට පෙරවරු 10.35ට පිටත් වන අතර, එය 12.00ට යාපනයට පැමිණීමට නියමිතය.

එම ගුවන්යානය 9I 102 දරන අංකය ඔස්සේ යාපනයේ සිට පස්වරු 12.45ට පිටත්වන අතර, එය 2.10ට චෙන්නායි ගුවන් තොටුපළ වෙත ළඟාවනු ඇත.

එයාර් එලයන්ස් සේවය ඉන්දියාවේ ගමනාන්ත 53ක් වෙත මේ වනවිට සම්බන්ධ වී සිටී. මේ අනුව එහි 54වන ගමනාන්තය ලෙස යාපනය තෝරාගනු ලැබ ඇත. එලායන්ස්හි පළමු ජාත්‍යන්තර ගුවන් සේවා සබඳතාවද මේ අනුව ඇරඹෙයි.

මෙම ගුවන් ගමන් කටයුතු යාපනය සහ ඉන්දියාවේ චෙන්නායි නුවර අතර, මෙතෙක් පැවති වසර 41ක හිදැස පිරවීමක් ද වන්නේය.

යාපනයේ සිට පියාසර කරන මගීන්ට ට්‍රිචි, මදුරායි, දිල්ලි, ත්‍රිවන්ද්‍රම්, ගෝවේ, හයිද්‍රබාද්, කුවේට්, මස්කට්, ඩුබායි, සාජා සමඟ සම්බන්ධ වී සුවපහසු ගුවන් සේවයක් ලබාගැනීමට හැකි වේ.

එයාර් ඉන්දියා සමාගමේ ප්‍රධාන කළමනාකාර අධ්‍යක්ෂක ශ්‍රී අෂ්වානි ලොහානි මහතා පැවසුවේ මෙය ආඩම්බර විය හැකි මොහොතක් බවයි. “එයාර් ඉන්දියා සමාගමේ දෙවන ගුවන් සේවය වන එයාර් එලයන්ස් සේවය ජාත්‍යන්තරයට පිවිසීමක්” බවද ඒ මහතා කීය.

“මෙය චෙන්නායි සහ යාපනය අතර, පළමු සෘජු ගුවන් ගමන් සේවය වේවි” යැයි එයාර් එලයන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ශ්‍රී සී.එස්.සුබියාහ් මහතා පැවසීය.

පලාලි ගුවන් තොටුපලේ තිබෙන කෙටි ධාවන පථය හේතුවෙන් මේ සඳහා යොදාගනු ලබන්නේ ආසන 70කින් යුතු කුඩා ප්‍රමාණයේ ගුවන් යානා වේ.

යාපනයේ සිට චෙන්නායි දක්වා ගුවන් ගමන් සඳහා ආරම්භක ගාස්තුව වශයෙන් රුපියල් 8,180ක මුදලක් වැය වන අතර, බදු ඇතුළත්ව එම මුදල රුපියල් 9,630ක් පමණ වේ.

එයාර් එලයන්ස් ගුවන් සේවයේ සියලු ගුවන් ගමන් සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සඳහා www.airindia.in වෙබ් අඩවියට පිවිසිය හැකිය.



අදහස් (14)

යාපනය-චෙන්නායි ගුවන් ගමන් සඳුදා සිට

සේන Friday, 08 November 2019 09:32 AM

මතක තියාගන්න. මේ ආරම්භ වන්නේ අනාගත ජාතික ගැටලුවක්. මෙය අනවශ්‍යම සිදුවීමක්...

:       2167       1668

SankaSaturday, 09 November 2019 02:01 AM

මේ උදාසීන ආකල්ප තියෙන අය හැම දෙයක්ම දකින්නේ වපර ඇහෙන්... ලෝකේ දියුණු හැම රටකම අසල්වැසි රටවල් සමග උපරිම ගුවන් ගමන් යොදවනවා. මොකද සංචාරක ව්‍යාපාරයට මේක උල්පතක්... රටේ ආර්ථිකයට මේ ආණ්ඩුව කරපු ඉතාම ධනාත්මක පියවරක්...

:       173       330

PerakumSaturday, 09 November 2019 08:38 AM

ගෝත්‍රික මානසිකත්වය තියනකල් රටට අනාගතයක් නැත...! ජාති, ආගම්, කුල, මල නැතුව ශ්‍රී ලාංකිකයින් ලෙස පෙනී සිටිනකල් රට ගොඩගත නොහැක.

:       31       91

LaalSaturday, 09 November 2019 11:24 AM

සේන මහත්තයෝ, දැන්වත් ඕක ඔලුවෙන් අයින් කරලා ධනාත්මක විදියට ලෝකේ දකින්න පුරුදු වෙන්න.

:       70       140

bul Friday, 08 November 2019 11:40 AM

කොළඹ ඉස්පිරිතාල සහ ව්‍යාපාරවලට බලපාවි.. ඔක්කොම දැන් චෙන්නායි යන්න ගනීවි... ඒ වැඩවලට..

:       151       64

lalithmSaturday, 09 November 2019 07:53 AM

ඔව් කොළඹ ඉස්පිරිතාලවල මිල බහින්න ඕනේ තමා. හෝටල් ගාස්තුත් එහෙමයි. බොරු ගණන් හිලව්. කොයි තේ කෝප්පෙත් කිඹුලන් ඉන්නවා කියලා හිතන්නේ ආදීවාසි ගෝත්‍රිකයෝ. මතකනේ ඉන්දියානු ගිලන් රථ සේවය? ඔය කියන කෙනාටත් උදව් ගන්න වේවි කවදාහරි...

:       34       127

mahinda Friday, 08 November 2019 12:56 PM

නවසීලන්තයේ කට්ටිය මෙහේ...

:       34       0

anura Saturday, 09 November 2019 12:00 AM

කටුනායක හරහා ගියපු, අාපු අයට පහසුවෙන්ම යන්න එන්න අවස්ථාව ලබාදීමක්... මොකද, යාපනය ගුවන් තොටුපලේ කිසිඳු දකුණේ ආගමන විගමන නිලධාරියෙක් වැඩ කරන්නේ නැත.

:       15       65

commenThursday, 14 November 2019 04:45 AM

යාපනේ එයාර් පොර්ට් එක තියෙන්නේ ගුවන්හමුදා කඳවුර ඇතුලේ. බොරුවට බයවෙලා ඉන්නේ.

:       0       32

ranjith Saturday, 09 November 2019 02:09 AM

හැමදේම අසුබවාදීව බලලා රට දියුණු කරන්න පුළුවන්ද?

:       2       174

ranjith Saturday, 09 November 2019 03:37 PM

රටක ජාතීන් කීපයක් ජීවත් වෙනකොට සෑම දේශපාලන නායකයෙක්ම තමන්ගේ අනුගාමිකයන්ව ජාතිවාදී අදහස් වලින් මුදවන්න ඕනේ. මේ වගේ වෛර සිතුවිලි වලින් විනාශ වෙන්නේ අපියි. දේශපාලන නායකයෝ අතර බේදයක් නෑ. ඒ අය එකට කාලා බීලා විනෝදෙන් ඉන්නේ. අපි දැන්වත් මේක තේරුම් ගත යුතුයි. දෙපැත්තේ ඉදන් ජනතාව ඇවිස්සුවට ඒ අයගේ ජාතිවාදයක් නෑ. ඒ අය නෑදෑකම් පවා හදාගෙන තියෙන්නේ මොන අපායකට යන්නද? පව් මේ අහිංසක මිනිස්සු මුලා කරන්නේ.

:       66       166

Jonty from Australia Monday, 11 November 2019 09:26 AM

මේක ඉන්දියන් ගිලන්රථ සේවය වගේ නෙමේ... ළඟදීම ජාතික ගැටළුවක් වන දෙයක්. දැන් දකුණු ඉන්දියානු දෙමලු ඔක්කොම මෙහෙට එයි.

:       121       149

camThursday, 14 November 2019 04:55 AM

එහෙනම් ලංකාවේ තියෙන ඔක්කොම එයාර්පොර්ට් වහලා දාමු

:       0       23

liyanage Tuesday, 12 November 2019 01:25 PM

මම නම් , හිතන්නේ මේ ගමන් වාරවල්... ශ්‍රී ලන්කන් එකෙන් කලානම් හොඳයි කියන එක... එතොකට අපේ එයාර් ලයින් එකනේ දියුණු වෙන්නේ....

:       4       88

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 687 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 448 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site