භානුක අමරසිංහ
යුනියන් ඇෂුවරන්ස් පීඑල්සී සමාගම සතුව තිබූ ෆෙයාර්ෆර්ස්ට් ඉන්ෂුවරන්ස් ලිමිටඩ් සමාගමේ සියයට 22ක කොටස් හිමිකාරීත්වය අලෙවි කළ බව එම සමාගම පවසයි. ඊයේ දිනයේදී කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දෙමින් එම සමාගම මේ බව පවසා සිටියි.
මෙය ෆෙයාර්ෆර්ස්ට් ඉන්ෂුවරන්ස් ලිමිටඩ් සමාගමේ සාමාන්‍ය කොටස් අතරින් 30,800,000කි. මෙහිදී අදාළ කොටස් ෆෙයාර්ෆැක්ස් ෆයිනෑන්ෂියල් හෝල්ඩිංග්ස් ලිමිටිඩ් සමූහයෙහි පරිපාලිත සමාගමක් වන ෆෙයාර්ෆැක්ස් ඒෂියා ලිමිටඩ් වෙත අලෙවි කර ඇති අතර, එම ගනුදෙනුවේ වටිනාකම රුපියල් බිලියන 2.63ක් (2,638,079,877ක්) ලෙස සටහන්ව තිබේ.
යුනියන් ඇෂුවරන්ස් පීඑල්සී සමාගමේ සියයට 90ක කොටස් හිමිකාරීත්වයක් ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමූහය සතු වන අතර, ඒ අනුව ජීවිත නොවන රක්ෂණ අංශයේ මෙහෙයුම් සිදු කළ මෙම ෆෙයාර්ෆර්ස්ට් ඉන්ෂුවරන්ස් ලිමිටඞ් සමාගම ජෝන්කීල්ස් සමූහයේ සහකාර සමාගමක් ලෙසද සැලකුණි.
1988 වසරේදී ආරම්භ වුණු එම සමාගම මීට පෙර යුනියන් ඇෂුවරන්ස් ලෙසින් හැඳින්වුණු අතර, රක්ෂණ සමාගම් ජීවිත සහ සාමාන්‍ය ලෙස කාණ්ඩ දෙකකට බෙදීමත් සමගින්ම ෆෙයාර්ෆර්ස්ට් ඉන්ෂුවරන්ස් බිහි විය. මෙම ෆෙයාර්ෆර්ස්ට් ඉන්ෂුවරන්ස් ලිමිටඩ් කැනඩාවේ පිහිටි ෆෙයාර්ෆැක්ස් ෆයිනෑන්ෂියල් හෝල්ඩිංග්ස් ලිමිටිඩ් සමූහයෙහි පරිපාලිත සමාගමකි.
2025 දෙසැම්බර් මස 16
14
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
යුනියන් ඇෂුවරන්ස් ෆෙයාර්ෆර්ස්ට් ඉන්ෂුවරන්ස් අත්හරී