IMG-LOGO

යූනියන් ඇෂුවරන්ස් ‘Blog It Symposium 2025’ පවත්වයි

ශ්‍රී ලංකාවේ දීර්ඝතම කාලයක් පුරා ක්‍රියාත්මකව පවතින පෞද්ගලික ජීවිත රක්ෂණ සමාගමක් වන යූනියන් ඇෂුවරන්ස්, ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රථම වරට පැවැත්වෙන ආකාරයේ වැඩසටහනක් ‘Blog It Symposium  2025’ යුතුව සංවිධානය කරනු ලැබුවේ තවත් කැපී පෙනෙන සන්ධිස්ථානයක් සනිටුහන් කරමිනි. පොදු ජනතාවට විවෘතව පැවති මෙම අවස්ථාවට ප්‍රධාන දේශනය පැවැත්වූ අශෝක් ෆෙරී මෙන්ම ලාල් මැද්වත්තෙගෙදර, චිරන්ති රාජපක්ෂ, ධර්ම ශ්‍රී කාරියවසම්, සාවිත්‍රි රුද්‍රිගු සහ මහාචාර්ය කෝපලපිල්ලෙයි අමිර්තලිංගම් ඇතුළු සාහිත්‍ය ලෝකයේ පිරිසක් සහභාගි වූහ. 

මෙම සම්භාෂණයට දැනුම බෙදාහදා ගැනීම සහ අනාගත ලේඛක ලේඛිකා පරපුර දිරිගැන්වීම අරමුණු කරගත් සක්‍රිය සංවාද මණ්ඩප සහ විශේෂිත වැඩමුළු ඇතුළු සහභාගිත්ව වැඩසටහන් පෙළක් ඇතුළත්ව තිබිණි. එයට අමතරව, යූනියන් ඇෂුවරන්ස් Blog It  3.0 තරගයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ගේ ජයග්‍රහණ විදහා දැක්වෙන සම්මාන උළෙලකින් වැඩසටහන අවසන් විය.     

‘Blog It Symposium  2025’ යනු ජනතාව දැනුවත් කිරීම සහ සිය මූල්‍ය අනාගතය නිවැරදි දෙසට යොමුකර ගැනීම සඳහා සියලු‍ දෙනා සවිබල ගැන්වීම උදෙසා යූනියන් ඇෂුවරන්ස් සතු අඛණ්ඩ කැපවීමෙහි දිගුවක් වන Blog It  නමැති පුළුල් වැඩසටහනෙහි එක් පියවරකි. ජීවිත රක්ෂණය පිළිබඳ දැනුවත් කිරීමේ මාසය සැමරීම සඳහා ක්ෂේත්‍රයට ප්‍රථම වරට හඳුන්වාදෙන ලද නව වැඩසටහනක් ලෙස 2022 වසරේදී ආරම්භ කරන ලද  Blog It  වැඩසටහන සැලසුම් කරන ලද්දේ විශේෂයෙන්ම මූල්‍ය අනාගතය සුරක්ෂිත කරගැනීම සඳහා ජීවිත රක්ෂණයෙන් ඉටු වන අතිශය වැදගත් කාර්යභාරය ඇතුළුව මූල්‍ය සාක්ෂරතාව පිළිබඳ වැදගත් සංවාද මතුකර ගැනීම සඳහාය. එදා සිට ගත වූ වසර කිහිපය තුළ  Blog It  වැඩසටහන විශිෂ්ට වර්ධනයක් අත්පත් කරගෙන ඇත්තේ 2022 වසරේ 500කට අධික සහ 2023 වසරේ 900කට අධික මෙන්ම 2024 වසරේ 1,100කට අධික ආකර්ෂණීය ඉදිරිපත් කිරීම් ප්‍රමාණයක් ලබමින්, සහභාගිත්වය අඛණ්ඩව ඉහළ නංවා ගනිමිනි. මෙම ඉහළ යෑම් මඟින් මූල්‍ය සාක්ෂරතාව පිළිබඳව ජනතා අවධානය ඉහළ යෑමක් මෙන්ම වැඩසටහන ඔස්සේ මතු කරන ලද අර්ථවත් සංවාදවල වැදගත්කමද පිළිබිඹු වෙයි.       

 



අදහස් (0)

යූනියන් ඇෂුවරන්ස් ‘Blog It Symposium 2025’ පවත්වයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 258 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 781 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1201 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site