භානුක අ මරසිංහ
|
ශ්‍රී ලංකා ඒකක භාර සංගමයේ සභාපතිනී ක්‍රිස්ටීන් බණ්ඩාරනායක
|
මෙරට තුළ ඒකක භාර හෙවත් යුනිට් ට්‍රස්ට් (Unit Trust) වල කරන ආයෝජන කැපී පෙනෙන ලෙස ඉහළ යාමක් පෙන්නුම් කරන බව වාර්තා වෙයි. ඒ අනුව මේ වසරේ අගෝස්තු මාසය අවසන් වනවිට යුනිට් ට්‍රස්ට් වල ආයෝජන කර ඇති ආයෝජකයන් සංඛ්‍යාව 131,609ක් වන අතර, එම ආයෝජනවල වටිනාකම රුපියල් බිලියන 601ක් (601,225,517,869.32ක්) බවට පත්ව තිබෙන බව ශ්‍රී ලංකා යුනිට් ට්‍රස්ට් සංගමය (Unit Trust Association of Sri Lanka) නිකුත් කළ දත්ත වාර්තා වල සටහන්ව තිබේ.
මෙය 2024 වසර අවසානයේදී සිටි යුනිට් ට්‍රස්ට් ආයෝජකයන් සංඛ්‍යාව වන 114,637 සහ ආයෝජනවල වටිනාකම වූ රුපියල් බිලියන 544 (544,827,755,072.35ක්) හා සැසඳීමේදී අලුතින් ආයෝජකයන් 16,972 ක වර්ධනයක් සහ වටිනාකම අතින් රුපියල් බිලියන 56.4ක වර්ධනයකි.
කෙසේ වෙතත් මෙම යුනිට් ට්‍රස්ට් ආයෝජකයන් සංඛ්‍යාව සහ එහි වටිනාකම තවදුරටත් ඉහළ යාමේ හැකියාවක් පවතින බව ශ්‍රී ලංකා ඒකක භාර සංගමයේ සභාපතිනී ක්‍රිස්ටීන් බණ්ඩාරනායක මහත්මිය ලංකාදීපFT වෙත සඳහන් කළාය. යුනිට් ට්‍රස්ට්හි ආයෝජනය සඳහා පහසුකම් සලසන ආයතන 17ක එකමුතුවකින් මෙම සංගමය සමන්විත වෙයි.
“යුනිට් ට්‍රස්ට් ආයෝජන ක්‍රමය රටට හඳුන්වාදීලා දශක තුනකට අධික කාලයක් ගතවුණත්, දැන් තමයි මේ යුනිට් ට්‍රස්ට්වල ආයෝජනය ගැන වැඩි උනන්දුවක් දකින්නේ. විශේෂයෙන්ම තරුණ ප්‍රජාව බැංකු තුළ සිදු කරන සාම්ප්‍රදායික ස්ථාවර තැන්පතුවලට යන්නේ නැතිව ආයෝජනයට නැඹුරුවීමක් අපි දකිනවා.”
විශේෂයෙන්ම මෙම යුනිට් ට්‍රස්ට් යනු කොළඹ කොටස් හුවමාරුව තුළ ලැයිස්තුගත සමාගම්හි ආයෝජනය සඳහා කැමැත්තක් දක්වන ආයෝජකයන්ට වඩාත් සුදුසු සහ පහසු ක්‍රමවේදයක් වීම එය මෙලෙස ජනප්‍රිය වීමට හේතුව වී තිබෙන බවත් ඇය සඳහන් කළාය.
“ශ්‍රී ලංකා යුනිට් ට්‍රස්ට් සංගමය හැටියට අපි විශ්වාස කරනවා මෙය යුනිට් ට්‍රස්ට් සම්බන්ධයෙන් රට තුළ තීරණාත්මක මොහොතක් කියලා. රටෙහි ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනයත් සමගින් ඇතිව තිබෙන ව්‍යාපාර විශ්වාසය එතැනදී වැදගත් අවස්ථාවක්.” යනුවෙන්ද ඇය පවසා සිටියාය.
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
යුනිට් ට්‍රස්ට්වලට ඉල්ලුම ඉහළට