පසුගිය ජනවාරියේදී ශ්‍රී ලංකාවට සංචාරක පැමිණීම සියයට 13.4කින් ඉහළ ගිය බව රජයේ සංඛ්‍යා ලේඛන කියයි.
2009 මැයි මාසයේ යුද්ධය අවසන් වීමෙන් පසු සංචාරකයන්ගේ පැමිණීම එක දිගටම 45 වැනි මාසය දක්වා ඉහළ ගිය බව එම තොරතුරු පවසයි.
මේ වසරේ ජනවාරියේදී පැමිණි සංචාරකයන් ගණන 97411ක් විය. 2012 ජනවාරියේ සංඛ්‍යාව 85840කි.
ගිය වසරේ සංචාරක පැමිණීම දස ලක්ෂය ඉක්මවීය.
ආදායම ද රුපියල් සිය කෝටිය ඉක්ම වීය. ශ්‍රී ලංකාවේ ප්‍රධාන රට සල්ලි ආදායම් මාර්ගයක් වන්නේ සංචාරක කර්මාන්තයයි.
තේ කර්මාන්තය ද, එතෙර සිටින ශ්‍රමිකයෝ ද, ඇඟළුම් කර්මාන්තය ද රට සල්ලි උපයන තවත් ප්‍රධාන මාර්ගයෝය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕනෑම කෙනෙක් බයයි මැරෙන්න (දී)
කියන්නත් දෙයක්ද (දී)
බයක් නැතුව දැන් එන්න පුළුවන් (දී)
එක් එක් රටවලින් ආව ප්‍රමාණය දන්නේ නැද්ද.(නදී)
ඕක තමයි ලෝකේ අනෙක් රටවල් වලට ඉවසා ගන්න බැරි (දී)
ඔන්න ඕවා තමයි ඉවසා ගන්න බැරි (දී)
ලංකාවේ කොල්ලෝ ටික ඉවරයි (ස)
මරාති ගොවියෝ, මලයාලි කට්ටඩියෝ එහෙමත් ගනන් කළාද?(නදී)
අනේ මන්දා...ඔයාලා කියනවා, අපි අහනවා (ස)
වාසනාව..වාසනාව.. (දී)
දැන් කියන්නකෝ බලන්න කාටද ආඩම්බර (දී)
මිනිස්සු බය නැති උනාම එනවා (දී)
පැමිණෙන සංචාරකයින් මුහුණදෙන අපහසුතා ගැන සොයාබලා නිසි පියවර ගතයුතුයි. (නි)
සංචාරකයන්ට හොද පිලිගැනීමක් දක්වන්න ලාංකිකයන්ට පුරුදු කළොත් හොදයි.(නදී)
අර ඊයේ පෙරේදා කොල්ලුපිටියෙන් අල්ලපු තායි, රුසියානු, උස්බෙකිස්තාන්, ඉන්දුනීසියන් නෝනලත් ඉන්නවද ඔය සංචාරකයින්ගේ ලැයිස්තුවේ.(නදී)
අතේ සතේ නැතිව මෙහෙ ඇවිල්ල අපේ තියෙන ටිකත් හූරගෙන යන දකුනු ඉන්දියානු සංචාරකයො කීදෙනෙක් ඔතන ඉන්නවද? (නි)