IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


යෝජිත නව ගාස්තු ක්‍රමයෙන් පුනර්ජනනීය ව්‍යාපෘති 200ක් කොටඋඩ

 

  • එම ව්‍යාපෘති ඇන හිටියොත් විදුලිබල මණ්ඩලයට වසරකට අවම වශයෙන් රු. බි. 13 ක පාඩුවක්
  • පියසි මත ඉදිකරන සූර්ය බල ව්‍යාපෘති ක්‍රියාත්මක කරන සමාගම් 1000 ක්
  • එම සමාගම් මෙරටට ව්‍යාපෘති සඳහා අවශ්‍ය රුපියල් බිලියන 2 ක පමණ උපකරණ මේ වනවිටත් ගෙනවිත්
  • වර්තමානයේ පියස මත ඉදිකරන සූර්ය බල ව්‍යාපෘති 10,000 ක්
  • පළාත් බද අනුමැතිය ලබා ගැනීමේ පියවරේ ව්‍යාපෘති 150 ත් 200 ත් අතර ගණනක්
  • අහිමිවන මෙගාවොට් ප්‍රමාණය ගල් අඟු‍රුවලින් ලබා ගැනීමට ගියහොත් අමතරව රුපියල් බිලියන 13ත් 15ත් අතර මුදලක්

විමුක්ති එස්. රුද්‍රිගු


කැබිනට් අනුමැතිය සඳහා යොමුකර ඇති යෝජිත නව ගාස්තු ක්‍රමය හේතුවෙන් පුනර්ජනනීය ව්‍යාපෘති 150ත් 200ත් අතර ගණනක් අතරමග නතර වී තිබෙන බවත් එම ව්‍යාපෘති ඇන හිටියොත් ලංකා විදුලිබල මණ්ඩලයට වසරකට අවම වශයෙන් රුපියල් බිලියන 13 ක පාඩුවක් සිදුවනු ඇති බවත් පුනර්ජනනීය බලශක්ති සංවර්ධකයන්ගේ සම්මේලනයේ සභාපති තුසිත පීරිස් මහතා ඊයේ (01) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

එසේම තම සම්මේලනයට සම්බන්ධ නොවූවත් පියසි මත ඉදිකරන සූර්ය බල ව්‍යාපෘතිද යෝජිත නව ගාස්තු ක්‍රමය හේතුවෙන් අර්බුදයට ලක්ව තිබෙන බව ඒ මහතා ප්‍රකාශ කළේය. පියසි මත ඉදිකරන සූර්ය බල ව්‍යාපෘති ක්‍රියාත්මක කරන සමාගම් 1000 ක් පමණ තිබෙන බවත් එම සමාගම් මෙරටට ව්‍යාපෘති සඳහා අවශ්‍ය රුපියල් බිලියන 2 ක පමණ උපකරණ මේ වනවිටත් ගෙනවිත් අවසන් බවත් ඔහු පැවැසුවේය. යෝජිත නව ගාස්තු ක්‍රමය යටතේ එම සමාගම් පාඩු ලබන හෝ වසා දැමීමට සිදුවන තත්වයක් උද්ගත වනු හැකි බවත් එවිට සේවය කරන සේවකයන් අඩු කිරීමට හෝ සියලු‍ දෙනා ඉවත් කිරීමට එම සමාගම්වලට සිදුවනු ඇති බවත් පීරිස් මහතා ප්‍රකාශ කළේය. වර්තමානයේ පියස මත ඉදිකරන සූර්ය බල ව්‍යාපෘති 10,000 ක් පමණ තිබෙන බවත් ඒවා නඩත්තු කිරීමට එවිට ගැටලු‍වක් වනු ඇති බවත් ඔහු පැවැසුවේය.

පොළව මත ඉදිකරන සූර්ය බල ව්‍යාපෘති මගින් මෙගාවොට් 1 සිට 10 දක්වා විදුලියක් ජනනය කරන බවත් පොළොව මත ඉදිකරන සූර්ය බල ව්‍යාපෘති ව්‍යාපාරික අවස්ථාවක් බවත් තුසිත පීරිස් මහතා ප්‍රකාශ කළේය. 
බැංකුවකින් සියයට 9 ක පොලී අනුපාතයකට අවුරුදු 7 ක කාලසීමාවක් සඳහා ණය මුදලක් ගැනීමට සාමාන්‍ය පුද්ගලයකුට නොහැකි නමුත් ගාස්තු තීරණය කළ ආකෘතියට අනුව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා සියයට 9.9 පොලී අනුපාතිකයට වසර 10 ක කාලයක් සඳහා ණය මුදලක් ගැනීමට හැකියාව පවතින බව පුනර්ජනනීය බලශක්ති සංවර්ධකයන්ගේ සම්මේලනයේ සභාපති තුසිත පීරිස් මහතා ප්‍රකාශ කළේය.

එම පොලී අනුපාතය සියයට 2 කින් ඉහළ ගියවිට කිසිවක් කර ගැනීමට නොහැකි වන බවද ඔහු පැවසුවේය. කමිටුව පවසන්නේ වසර 10 භාණ්ඩාගාර බිල්පත් ගාණට ව්‍යාපෘති සිදුකළ යුතු බව යැයි පීරිස් මහතා පැවැසුවේය. එවැනි ආකාරයට ආයෝජනයක් කරන්නේ කුමන හේතුවක් මතදැයි ඔහු ප්‍රශ්න කළේය. තමන් සිදුකරන්නේ ව්‍යාපාරයක් බවත් අත්සන් කරනු ලබන ගිවිසුමේ උත්පාදනය කරන විදුලිය ජාතික විදුලිබල පද්ධතියට ගැනීම කොන්දේසි විරහිතව සීමා කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට හැකි බවට වන වගන්තියක් ඇතුළත් වන බවත් ඔහු ප්‍රකාශ කළේය.

බලශක්ති බලපත්‍රයක් ලබා ගැනීම සඳහා මූලික පියවරක් වන්නේ පළාත් බද අනුමැතිය ලබා ගැනීම බවත් එම පියවරේ ව්‍යාපෘති 150ත් 200ත් අතර ප්‍රමාණයක් මේ අවස්ථාව වනවිට තිබෙන බවත් ඔහු පැවැසුවේය. එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවෙන් සිටින ආයෝජකයන් රුපියල් 24 ක විදුලිය ගාස්තුවක් යටතේ ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා පෞද්ගලික ඉඩම් මිලදී ගෙන තිබෙන බවත් කැබිනට් පත්‍රිකාව අනුමත වුවහොත් විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම අත්සන් කරන විට රුපියල් 24 ගාස්තුව රුපියල් 19 දක්වා අඩුවනු ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය. එය සියයට 25 ක මිල අඩුවීමක් බවද ඔහු පැවැසුවේය.

පුනර්ජනනීය බලශක්තිය මගින් උත්පාදනය කරනු ලබන විදුලිය මෙගාවොට් 300 ක් පමණ නව ගාස්තු ක්‍රමය හේතුවෙන් ලබන වසරේ ජාතික විදුලිබල පද්ධතියට අහිමිවනු ඇති බවත් එය ඒකකවලින් ගත්විට ලක්ෂ 5 කට වඩා වැඩි බවත් ඒ මහතා පැවැසුවේය. එහිදී අහිමිවන එම මෙගාවොට් ප්‍රමාණය ගල් අඟු‍රුවලින් ලබා ගැනීමට ගියහොත් අමතරව රුපියල් බිලියන 13ත් 15ත් අතර මුදලක් ලංකා විදුලිබල මණ්ඩලයට වැය කිරීමට සිදුවනු ඇතැයි ඔහු ප්‍රකාශ කළේය.

 



අදහස් (0)

යෝජිත නව ගාස්තු ක්‍රමයෙන් පුනර්ජනනීය ව්‍යාපෘති 200ක් කොටඋඩ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 179 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2066 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1585 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site