උද්ධමන පීඩා අඩුවෙන් පවතින වාතාවරණයක් තුළ ‘කොවිඩ්-19’ වසංගතයෙන් ආර්ථිකයට එල්ල වන අහිතකර බලපෑම්වලට මුහුණ දීම සඳහා ආර්ථිකයට තවදුරටත් සහාය වීමේ අවශ්‍යතාව සලකා බලමින් බැංකු පොළී අනුපාත තවදුරටත් පහළ දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.
මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව මේ වසරේදී සිවුවතාවක් ප්‍රතිපත්ති පොලී අනුපාත අඩු කර ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (6) රැස්වූ අතර එම විශේෂ රැස්වීමේදී වාර්තමාන මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය සමාලෝචනය කිරීමෙන් අනතුරුව එම තීරණය ගෙන ඇත.
ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 5.50ක් දක්වාත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 6.50 දක්වාත් පදනම් අංක 50කින් අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.
මෙම තීරණයත් සමඟ මුදල් තත්ත්ව ලිහිල් කිරීම සඳහා ගන්නා ලද අනෙකුත් ක්‍රියාමාර්ගවලට අමතරව මේ වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකා මහ බැංකුවේ පොලී අනුපාත පදනම් අංක 150කින් අඩු කර ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
වසර තුළ මේ දක්වා කාලය තුළ මුදල් ප්‍රතිපත්තිය සහ මුදල් තත්ත්ව ලිහිල් කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ගවලට අනුකූලව වෙළෙඳපොළ ණය පොලී අනුපාතික පහළ ගොස් ඇති බව මුදල් මණ්ඩලයේ නිරීක්ෂණයට ලක්වී ඇති බවත් ඒ මණ්ඩලය කනස්සල්ලට පත්වන බවත් මහ බැංකු පෙන්වාදෙයි.
එම නිසා තවදුරටත් ප්‍රමාදයකින් තොරව ණය අනුපාතික අඩු කරන ලෙස මූල්‍ය ආයතනවලින් දැඩිව ඉල්ලා සිටින අතර එසේ නොවුණහොත් වෙළෙඳපොළ ණය පොලී අනුපාතික පහළ දැමීම සඳහා සුදුසු නියාමන ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවට සිදුවනු ඇති බව ද එම බැංකුව සඳහන් කරයි.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඔක්කොම කරන්නේ ආයෝජන වැඩි කරන්නනේ... මොනවා කලත් විකුණගන්න පහසුකම් නොසලසන රටක ආයෝජන කලත් මිනිස්සු අමාරුවේ නේද? වවන්න කියල කිව්වට වවන දෙයක් විකුණා ගන්න ක්‍රමවේදයක් ආණ්ඩුව හදන්නේ නැහැ. රබර්, පොල් වගාකරුවන් හිඟන්නෝ වෙලා. නිෂ්පාදන වියදම විකුණුම් මිලට වඩා වැඩි. කව්දෝ ටයර් කම්හලක් දමන්න ආපු වෙලාවේ මේ ආණ්ඩුවේ දැන් ඉන්න ඇමතිවරු කට්ටියක් එකතුවෙලා ඒක බොරු කතා කියල කඩාකප්පල් කලා. එළවලු කුණුවෙලා විසි කරනවා. පලතුරු වලට බෙහෙත් ගහල ඉදවනවා. එහෙත් පිටරට ඇපල් මිදී කඳු ගණන් ගෙනත් විකුනන්න ඉඩ දෙනවා. පාම් තෙල් ගෙන්නලා පොල් තෙල් මිල බස්සනවා. ඇමති ජාවාරම් නොවේද මේවා? අනිත් පැත්තෙන් රටේ වැඩි දෙනෙක් පුද්ගලික අංශයේ සේවකයෝ. විශ්‍රාම ගියාම ජීවත් වෙන්න තියෙන ඉතුරුම් පොලිය අඩු වුනාම හිඟා කන්න වෙන්නේ නැතිද. හැම කෙනාම රජයේ සේවකයෝ කියල හිතාගෙන මේ ආණ්ඩුව වැඩ කරන්නේ. ඔක්කොම වාසි රාජ්‍ය සේවයට විතරක් ලැබෙන විදියට ආණ්ඩුව හැසිරෙන්නේ. ඔහොම යමු. හම්බ වෙයි.
ලලිත් මේ ආණ්ඩුවේ ඉන්න ඉහළම තනතුරු දරන නිලධාරීන් ආණ්ඩුවේම ඉන්න ඇමතිවරු හඳුන්වන්නේ ආර්ථික ඝාතකයන් කියලා. එහෙම කියන්නේ නිකමට නෙමේනේ. එදා හිටපු ආර්ථික සංවර්ධන ඇමතිගේ කෙරුවාව කොහොමද? ආණ්ඩුව පැරදුණු ගමන් ආර්ථිකය මෙහෙයවපු කට්ටිය රටින් පැනලා ඇමෙරිකාවට ගිය හැටි දැක්කානේ. නිවැරදිව වැඩ කලානම් ඔහොම පැනලා යන්න උවමනාවක් නැහැනේ. දැන් නැති බැරි ජනතාවට රුපියල් 5000 බෙදන්නේ එ් කට්ටියමනේ. පේනවනේ රටවිරුවට සලකන හැටි. සතපහක් ලංකාවට නොදෙන යුරෝපිය පිටරටවල ඉන්න අය ගෙන්න ගන්නවා. මැද පෙරදිග පිඟන් හෝදලා නොවිඳිනා දුක් විඳලා ගුටිකකා කීයක් හරි ලංකාවට එවන රට විරුවාව දාන්නෙ පොල්කුඩු වලට. මැදපෙරදිග ඉන්න මිනිස්සු එවන මුදලින් තමා රටට කීයක් හරි ලැබෙන්නේ. දැන් පේනවා නේද ඡන්දෙ ගන්න කොට විරුවාට දක්වපු සැලකුම්... රටවිරුවා අසරණ වුණාම දැන් සලකන හැටි කොහොමද? පිටරටවල් කියනවා සල්ලි කෝටි ගණනක් ආණ්ඩුවේ නායකයින්ට දුන්නාය කියලා. ආණ්ඩුව කියනවා අනේ අපිට දුන්නේ නැහැ කියලා. ලංකාවේ අපි මෙච්චර මෝඩයෝද මල්ලි...? වැඩි ඡන්දෙන් කසකාරයෝ පාර්ලිමේන්තු යවලා, 225ම එලවමු කියන මිනිස්සු ඉන්න රටක නේද මල්ලි අපි ජිවත් වෙන්නේ. පොඩ්ඩක් හිතල බලන්නකෝ බොරුද කියලා.
මහ බැංකුව තීරණ ගත යුත්තේ මිලියන 21ක් ජනතාව දෙස බලා මිස එක කොට්ඨාශයක් දෙස බලා නොවේ... ලංකාවේ අති විශාල පිරිසක් ඉන්නවා වයස 55 ඉක්මවූ තැන්පතු පොලියෙන් ජීවත් වන... පසුගිය මාස 8 තුළ මහ බැංකුව පොලී අඩුකිරීම මත ඔවුන්ගේ පොලිය 15% -16% සිට අද 8%ට 9යි...
හම්බවෙයි කියන්න එපා මිනිස්සු හිතන්නේ එක පැත්තක් තියෙන මොළගෙඩියෙන්... ඒ අය කියන්නේ පාර්ලිමේන්තු බලයක් නැතිව ජනපතිට වැඩක් කරන්න බැහැ. තුනෙන් දෙකේ බලයකුත් දෙන්න ඕනෑ කියලයි. මෙයට තවත් හේතුවක් වන්නේ තමාගේ ගෙය දොරවත් ශුද්ධ පවිත්‍ර කර ගැනීමට නොහැකි සාමාන්‍ය පෙළ විභාගයවත් සමත් නැති දරුවන්ට පුටු රත්කරන හෝ කාර්යාලයේ නම සහිත ඇදුමක් ඇද මහමග ඇවිදීමට රැකියාවක් ලබාගැනීමයි..
මීට කලිනුත් මේ වැඩේ කළා. මේකෙන් කරන්නේ බැංකුවල ලාභය වැඩි කරගන්න එක විතරයි. ඉතුරුම්වල පොලිය වහාම අඩු කරනවා. නමුත් ණය පොලිය එහෙමමයි. දැන් ඉතුරුම් පොලිය 5%ටත් අඩුයි. ණය පොලියේ අවමය 15%යි. කොහොමද බැංකුවල ගැරිල්ල? වහාම ණය පොලියත් අවම වශයෙන් දැනට තියෙන අගයට වඩා 8%වත් අවම වශයෙන් අඩුකළ යුතුයි.
නිවාස ණය වල පොළී අනුපාතය කොහොමද?