(චමිල් රූපසිංහ)
මහනුවර නගරයේ සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථාන ගණනාවක් ආවරණය වන පරිදි දෙස් විදෙස් සංචාරකයින් සඳහා විශේෂ බස් සේවාවක් අද(20) සිට ආරම්භ විය.
සෑම දිනකම පෙරවරු 8.30 ට මහනුවර නගරයෙන් ගමන් ආරම්භ කරන මෙම බස් රථයෙන් මහනුවර සිට පේරාදෙණිය උද්භිද උද්‍යානය දක්වා ඇති ඓතිහාසික වැදගත් කමකින් යුත් ස්ථාන වලට හා සාප්පු සංකීර්ණ වෙත ගමන් ගැනීමේ අවස්ථාව මගීන්ට ලැබේ.
නව ප්‍රවාහන සේවාව මධ්‍යම පළාත් සභාව, පළාත් සංචාරක දෙපාර්තමේන්තුව හා කලාපීය ආර්ථීක සහයෝගීතා ආයතනය ඇතුව ආයතන කිහිපයක මෙහෙයවීමෙන් ආරම්භ විය.
මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැති සරත් ඒකනායක, මධ්‍යම පළාත් ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති තිළිණ බණ්ඩාර තෙන්නකෝන් යන මහත්වරු සහභාගී වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහනුවරට ඕනේ මේවගේ තාවකාලික වැඩ නෙවයි. මහනුවර නගරය ඇතුලත තියෙන වායු දුෂණය නැති කරන්න බදු රහිත විදුලියෙන් දුවන බස් රථ ලබාදෙන්න. මහනුවර නගරය තුලට එන කෙටි දුර බස් රථ ප්‍රමාණය අධිකයි ,ඒවා ක්‍රමානුකුලව රජයේ මැදහත් වීම ඇතිව විදුලි බස් රථ වලට මාරු කල හැකයි .බදු රහිතව බෙන්ස් වැනි විදුලි බස් රථයක මිල බදු සහිත ඉන්දියන් බසයකට ආසන්නයි.
මේකත් අර කටුනායක එයාර් පොර්ට් එකේ ඉඳල කොළඹට දාපු කොච්චියවගේ සුමානයක් දෙකක් දුවයි.
හොද වැඩක්
බස් එකට වෙලා වාඩි වෙලා ඉන්න තමයි වෙන්නේ. දැනුත් පේරාදෙණියට යන්න යන වෙලාව දන්නවා නේ. මාලිගාව ඉස්සරහ පාර ඇරලා තිබුන නම් වැව වට වත් යන්න තිබුන.
අනුරාධපුරයටත් අටමස්ථානය වදින්න බස් සේවයක් දෙන්න සි ටි බි හොඳයි
"ලුම්බිණි කියනව වගේ උඩපෙරදෙනිය පාරෙන් ගියොත්නම් පේරාදෙණියට යන්න නම් විනාඩි 60 ක් විතර යනව. එබැවින් ,මෙම බස් සේවයේ එක ගමන් වාරයකට විනාඩි 120 වෙන් කලොත් වඩාත් සුදුසුයි. නුවර වැවේ සිහිල් සුලන් පොදක සුවය විදින්නට වැව රවුමේ වට දෙකක් වත් ගියොත් වඩාත් උචිත වෙයි ,එත් මෙම සේවාව ට්‍රැෆික් වෙලාවල් වලට පරිබාහිරව දියත් කරොත් වඩාත් සාර්ථක වේවි.
මේක හොද වැඩක් - අපි ඔබ සැමට සුභ පතමු .
මහනුවර නියම අසිරිය බලන්න නම් මේ බස් එකේ නැගලා පාසල් ඇරෙන වෙලාවට ගැටඹේ මහනුවර අතර රවුමක් යන්න. පැය ගානක් කට්ට අව්වේ එකම තැන ඉන්න පුළුවන්.
පහුගිය කාලේ ශ්‍රී දළදා මාලිගාව අසල දුම් දමමින්, සද්දේ පිට කරමින් රේසින් කාර්පැද්ද අයට වඩා මොළයක් තියෙන අය විසින් පටන් ගත් මේ සේවාව අතරමග නතර නොකරන්න. සාධාරණ මිලකට ටිකට් අලෙවිකර මේ ගමන් වාර තව තවත් වැඩිකරොත් මහනුවර නගරයට ඇතුල් වන වාහන ප්‍රමාණය අඩු වෙන්නත් පුළුවන්. දුමෙන් ඇතිවන වායු දුෂණය අඩු වෙනවා නො අනුමානයි ...
නරකද කාර් රේස් එකත් පටන්ගත්ත නම් ?
මහනුවර නගරය වාහන දුමින් පිරිලා ඉන්දියන් බස් ලදරන් නිසා පමණක් දුම් කොපමණ එකතු වෙනවද ද්ව්ත්ව පහරේ එන්ජින් අනිත් එක මෙහි මුලින්ම අදහස් පල කල සරත් කරුණු හොඳින් පැහැදිලි කර තිබෙනවා