(හර්ෂණ තුෂාර සිල්වා)
මේ වසරේ මුල් මාස හයක කාලයේදී මුහුදු ආහාර අපනයන සියයට 40.3කින් වර්ධනය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
වසර 2016 මුල් මාස හයේ මුහුදු ආහාර අපනයන ආදායම රුපියල් ලක්ෂ 840ක් වූ අතර එය මේ වසරේ මුල් මාස හයක කාලයේදී රුපියල් ලක්ෂ 1170ක් දක්වා වර්ධනය වී තිබේ.
මේ අතර අඛණ්ඩව සයවැනි මසටත් මේ වසරේ ජූනි මාසයේදී මුහුදු ආහාර අපනයන ආදායම වැඩි වී තිබේ. පසුගිය වසරේ ජූනි මාසයේදී මුහුදු ආහාර අපනයන ආදායම රුපියල් ලක්ෂ 130ක් වූ අතර මේ වසරේ ජූනි මාසයේදී එය රුපියල් ලක්ෂ 150ක් විය.
ඒ අනුව පසුගිය වසරේ ජූනි මාසය හා සැසඳීමේදී මේ වසරේ ජූනි මාසයේදී මුහුදු ආහාර අපනයනය සියයට 17.4කින් වර්ධනය වී ඇත.
යුරෝපා සංගම් වෙළෙඳපොළ වෙත ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදිත අපනයන කිරීම සඳහා පනවා තිබූ තහනම ඉවත් කිරීම මෙලෙස මුහුදු ආහාර අපනයන ආදායම වැඩි වීමට හේතු වූ බව ද ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වාදෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොදම මාළු ටික පිටරට පටවලා පිටරට උදවියට කවලා රටේ ජනතාවට ඉන්දියාවේ අසුචි ගොඩේ වේලපු පනුවෝ හැදෙන්නේ නැතිවෙන්න කෘමිනාශක ගහපු කරවල හාල්මැස්සෝ කවල ඒ ගැන බොහොම ආඩම්බර වෙන පාලකයෝ ඉන්න රටක් මේක.
ධීවර අමාත්‍යාංශය පුද්ගලීකරණය කලොත් රටේ ධීවරයන්ට සහ මත්ස්‍ය නිෂ්පාදනයට, අපනයනයට විශාල සේවයක් වෙයි. අපිට හිතා ගන්නත් බැරි තරමේ ජයග්‍රහණ ධීවර අංශයෙන් ලබාගන්න පුළුවන් කියල මගේ දැඩි විශ්වාසයක් තියෙනවා. ධීවර අමාත්‍යාංශයේ සියලු දෙපාර්තමේන්තු ලොක්කන් සහ සියලුම සේවකයන් ධීවර අංශය දකින්නේ විය සිදුරෙන් අහස දකින කැස්බෑවෙක් ලෙසයි.. රාජ්‍ය සේවයක් තුලින් ලංකාවේ කිසිම කර්මාන්තයක් දියුණු කරන්න බැහැ. ඒක ලංකාව තුල ඔප්පුවෙලා ඉවරයි. මේ ඊයේ පෙරේදා ධීවර ඇමතිතුමා කරපු විශාලම කාර්යක් තමයි තෝරාගත් බහුදින ධීවර බෝට්ටු හිමියන් කීප දෙනෙකුට නොමිලේ ටැබ්ලට් බෙදීම. තව මේ මෑතක පටන් ගත්ත කාර්යයක් තමයි බහුදින ධීවර යාත්‍රා සඳහා වීඑම්එස් නමින් බෝට්ටුව තියෙන තැන සහ මාළුන් අල්ලන ස්ථාන සොයාගැනීමේ යන්ත්‍ර අනිවාර්ය කිරීම. මේ මගින් ධීවර අමාත්‍යංශයට පුළුවන් සජීවීව බෝට්ටුවක් නිරීක්ෂණය කිරීමට. මෙහි ඇති ධුෂිත බව තමයි එය නිරීක්ෂණය කරන නිලධාරීන්ට පුළුවන් තමන් කැමති වෙනත් බෝට්ටු වලට අධිකව මාළුන් ගැවසෙන තැනක් දැනුම් දීමට... මුළු ලෝකයේම කිසිම රටක ධීවරයෙක් අකමැතිම දෙය තමයි තමන් සොයාගත් මාළුන් ගැවසෙන තැනක් වෙන කෙනෙකුට පැවසීමයි.
සියලු දෙපාර්තමේන්තු/අමාත්‍යාංශය පුද්ගලීකරණය කලොත් රටේ අපනයනයට විශාල සේවයක් වෙයි.
අපනයනය වැඩි වෙන්නේ ලක්ෂ වලින් , ආනයනය සහ ණය ගැනීම් වැඩි වෙන්නේ බිලියන් වලින් (ලක්ෂ දස දහසක් එක බිලියනයයි) , අනේ මන්ද කොහාටද අපි යන්නේ කියල .
ඔය වැඩි වුණු ඔක්කොම ඉවරයි... එක අැමතියෙකුට වාහනයක් (ලක්ශ 400කට) ගෙනාපු ගමන්
පයාගල මුහුදේ මීටර 30ක් විතර ගැඹුරේ ඩයිනමයිට් වැදුණු මාළු පාවෙනවා.