IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


මුහුදු ආහාර අපනයන ආදායම ඉහළට

(හර්ෂණ තුෂාර සිල්වා)

මේ වසරේ මුල් මාස නවයක කාලයේදී මුහුදු ආහාර අපනයනය කිරීමෙන් ලද ආදායම සියයට 40.4කින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

එය ඇමෙරිකානු ඩොලර් මිලියන 155.4කින් ඉහළ ගොස් ඇත.

පසුගිය වසරේ මුල් මාස නවයක කාලයේදී මුහුදු ආහාර අපනයෙන් ලද ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 110.7ක් වූ අතර එය මේ වසරේ දී තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 44.7 කින් ඩොලර් මිලියන 155.4 දක්වා ඉහළ ගොස් තිබේ.

අගෝස්තු මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය ප්‍රකාශයට පත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මේ දත්තා වාර්තා සඳහන් කරයි.

එපමණක් නොව මේ වසරේ අගෝස්තු මාසය තුළ පමණක් කළ මුහුදු ආහාර අපනයනවලින් ලද ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 18.0 කි. එය පසුගිය වසරේ අගෝස්තු මාසයේ ලද ඩොලර් මිලියන 13.0ක ආදායම හා සැසඳීමේදී සියයට 38.6ක වර්ධනයකි.

යුරෝපා වෙළෙඳපොළ වෙත මුහුදු ආහාර අපනයනය කිරීම සඳහා පනවා තිබූ තහනම ඉවත් කිරීම මෙලෙස මුහුදු ආහාර අපනයන ආදායම අඛණ්ඩව වර්ධනය වීමට හේතු වී තිබේ.



අදහස් (1)

මුහුදු ආහාර අපනයන ආදායම ඉහළට

anthony Thursday, 26 October 2017 06:15 AM

මුහුදු ආහාර වලින් ඩොලර් මිලියන් ගණන් වැඩි වුණත් ධීවරයා ගොවියා වගේම හැමදාම දුප්පත්... ගොවියාට නම් රැකියාවේදී ජීවිත අවදානමක් නැහැ.. නමුත් ධීවරයාට ජීවිත අවදානම කවදාද? කොයිවෙලේද? කියන්න බැහැ.. ධීවරයාට කිසිම ආණ්ඩුවකින් හරියට කිසිම පහසුකමක් සහනාධාරයක් ලැබෙන්නේ නැහැ .. අඩු තරමේ හරියකට වරාය පහසුකමක්, නැංගුරම් පහසුකමක්වත් ලැබෙන්නේ නැහැ .. අඩු මුදලකින් රට වටේම මොන තරම් පොඩි පොඩි වරායවල් කොච්චර ප්‍රමාණයක් හැදුවැහැකිද..? නමුත් මොකක්ද හැම ආණ්ඩුවක්ම කරන්නේ ..? නිකන් කළු ගල් ටිකක් රැල්ල කඩන තැනට හලලා දානවා..

:       0       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 420 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 449 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 408 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site