
2011 දී ගෘහ සේවිකාවක ලෙස සිංගප්පූරුවට ගිය ශ්‍රී ලංකා තරුණියක් ඉන් වසර පහළොවකට පමණ පසුව සාර්ථක ව්‍යාපාරිකාවක් බවට පත්වී ඇතැයි සිංගප්පූරුවේ පළවන ස්ට්‍රේට් ටයිම්ස් පුවත්පත කියයි.
සිය දෙමාපියන්ගේ වියෝවෙන් පසු අනාථ නිවාසයක වාසය කළ නිලූෂිකා ජයවීර (36) දිරිය තරුණිය මුලින්ම සිංගප්පූරුවට පිවිසෙන්නේ සිය ජීවිකාව පවත්වාගෙන යෑමට අවශ්‍ය මුදල් සොයාගැනීම සඳහායි.
නමුත් ඇය සිය දිවිය නව මානයකට යොමු කරමින් සිංගප්පූරුවේ ව්‍යාපාරිකාවක බවට පත්වූවාය. එසේම ඇය සිංගප්පූරුවේ විවිධ අවස්ථාවලදී ධනාත්මක චින්තනය පිළිබඳ හා ව්‍යවසායික ක්ෂේත්‍රයන් හි දේශනද පැවැත්වූවාය. නිලූෂිකා ශ්‍රී ලංකාවේ තේ වතුවලින් ලබාගන්නා තේ ජාත්‍යන්තර ගැනුම්කරුවන් වෙත අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නීය. එසේම ඇයට ඒ සඳහා 500ට අධික ජාත්‍යන්තර ගැනුම්කරුවෝ සංඛ්‍යාවක් සිටිති.
සිංගප්පූරුවේ පැවැති ටී.ඊ.ඩී නම් වැඩසහටනකදී ඇය සිය ජීවිත කතාව පිළිබඳව දැක්වූ අදහස් සිංගප්පූරු මාධ්‍ය ඉහළ වටිනාකමකින් වාර්තා කළේය.
මෙම වැඩසටහනේ දේශකයන් ලෙස නිලූෂිකාට අමතරව ලෝකයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් වන බිල් ගේට්ස්, හිටපු ඇමෙරිකා උප ජනපති අල් ගෝ හා පර්යේෂක ජේන් ගුඩාල් සහභාගිවී සිටියහ.
දෙමාපියන්ගේ වියෝවෙන් පසුව තම කුඩා සහෝදර සහෝදරියන් සිවු දෙනකු ජීවත් කරවීමට ඇය තෝරා ගන්නේ සිංගප්පූරු ගෘහ සේවයයි. සිංගප්පූරුවේ ගත කළ කාලයේදී ඇය අයිඩා නම් රාජ්‍ය නොවන සංවිධානයකට එක්ව තම මුදල් කළමනාකරණය කරගන්නා අයුරු හා ව්‍යාපාරයක් ආරම්භ කරන අයුරු ඉගෙන ගත්තාය.
සිය දැනුම වර්ධනය කරගැනීමට ඇය මූල්‍ය සාක්ෂරතාව, ව්‍යාපාර හා නායකත්ව ගුණාංග පිළිබඳව හැදෑරීම් කළාය. ඉන් අනතුරුව ඇය සිය සැමියා සමග එක්ව ක්‍රමයෙන් ව්‍යාපාරික කටයුතු ආරම්භ කළාය.
ඇය ශ්‍රී ලංකාවේ සිටින ගැමි කාන්තාවන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට ද කටයුතු කළාය. ඒ සඳහා ඇය රාජ්‍ය නොවන සංවිධානයක් පිහිටුවා ඇති අතර ඒ හරහා ව්‍යාපාරයක් ආරම්භ කරන ආකාරය පිළිබඳව කාන්තාවන්ට උගන්වන්නීය. එසේම දුප්පත් දරුවන්ට අධ්‍යාපනය ලබාගැනීමට ද උදව් කරයි.
2025 දෙසැම්බර් මස 04
284
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
411
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
391
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මෙහෙකාරකමට ගිහින් ලොවම දිනයි
heshan Thursday, 27 April 2017 02:27 AM
දක්ෂ කෙල්ලෙක්. අපිට ආඩම්බර වෙන්න පුළුවන් මේ වගේ අය ගැන. සුභ පතනවා නිලුක්ෂි.