2011 දී ගෘහ සේවිකාවක ලෙස සිංගප්පූරුවට ගිය ශ්‍රී ලංකා තරුණියක් ඉන් වසර පහළොවකට පමණ පසුව සාර්ථක ව්‍යාපාරිකාවක් බවට පත්වී ඇතැයි සිංගප්පූරුවේ පළවන ස්ට්‍රේට් ටයිම්ස් පුවත්පත කියයි.
සිය දෙමාපියන්ගේ වියෝවෙන් පසු අනාථ නිවාසයක වාසය කළ නිලූෂිකා ජයවීර (36) දිරිය තරුණිය මුලින්ම සිංගප්පූරුවට පිවිසෙන්නේ සිය ජීවිකාව පවත්වාගෙන යෑමට අවශ්‍ය මුදල් සොයාගැනීම සඳහායි.
නමුත් ඇය සිය දිවිය නව මානයකට යොමු කරමින් සිංගප්පූරුවේ ව්‍යාපාරිකාවක බවට පත්වූවාය. එසේම ඇය සිංගප්පූරුවේ විවිධ අවස්ථාවලදී ධනාත්මක චින්තනය පිළිබඳ හා ව්‍යවසායික ක්ෂේත්‍රයන් හි දේශනද පැවැත්වූවාය. නිලූෂිකා ශ්‍රී ලංකාවේ තේ වතුවලින් ලබාගන්නා තේ ජාත්‍යන්තර ගැනුම්කරුවන් වෙත අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නීය. එසේම ඇයට ඒ සඳහා 500ට අධික ජාත්‍යන්තර ගැනුම්කරුවෝ සංඛ්‍යාවක් සිටිති.
සිංගප්පූරුවේ පැවැති ටී.ඊ.ඩී නම් වැඩසහටනකදී ඇය සිය ජීවිත කතාව පිළිබඳව දැක්වූ අදහස් සිංගප්පූරු මාධ්‍ය ඉහළ වටිනාකමකින් වාර්තා කළේය.
මෙම වැඩසටහනේ දේශකයන් ලෙස නිලූෂිකාට අමතරව ලෝකයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් වන බිල් ගේට්ස්, හිටපු ඇමෙරිකා උප ජනපති අල් ගෝ හා පර්යේෂක ජේන් ගුඩාල් සහභාගිවී සිටියහ.
දෙමාපියන්ගේ වියෝවෙන් පසුව තම කුඩා සහෝදර සහෝදරියන් සිවු දෙනකු ජීවත් කරවීමට ඇය තෝරා ගන්නේ සිංගප්පූරු ගෘහ සේවයයි. සිංගප්පූරුවේ ගත කළ කාලයේදී ඇය අයිඩා නම් රාජ්‍ය නොවන සංවිධානයකට එක්ව තම මුදල් කළමනාකරණය කරගන්නා අයුරු හා ව්‍යාපාරයක් ආරම්භ කරන අයුරු ඉගෙන ගත්තාය.
සිය දැනුම වර්ධනය කරගැනීමට ඇය මූල්‍ය සාක්ෂරතාව, ව්‍යාපාර හා නායකත්ව ගුණාංග පිළිබඳව හැදෑරීම් කළාය. ඉන් අනතුරුව ඇය සිය සැමියා සමග එක්ව ක්‍රමයෙන් ව්‍යාපාරික කටයුතු ආරම්භ කළාය.
ඇය ශ්‍රී ලංකාවේ සිටින ගැමි කාන්තාවන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට ද කටයුතු කළාය. ඒ සඳහා ඇය රාජ්‍ය නොවන සංවිධානයක් පිහිටුවා ඇති අතර ඒ හරහා ව්‍යාපාරයක් ආරම්භ කරන ආකාරය පිළිබඳව කාන්තාවන්ට උගන්වන්නීය. එසේම දුප්පත් දරුවන්ට අධ්‍යාපනය ලබාගැනීමට ද උදව් කරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනතරම් ආඩම්බරයක්ද රටට? (නි)
දියණියනි,ඔබට ජයෙන් ජයම වේවා! (බ)
ඇගේ ජයග්‍රහණය ගැන අපෙන් සුබ පැතුම්! (නි)
ඔබගෙන් ගත හැකි ආදර්ශ බොහොමයි (නි)
ඔබ ගැන හරිම ආඩම්බරයි (නි)
මටනම් මම ගැනම ලැජ්ජාවක් ඇතිවුණා ආඩම්බරයි සොහොයුරිය ඔබ ගැන. ඔබට ජයෙන් ජයම වේවා! (බ)
දීප්තිමත් අනාගතයකට ආසිරි පතමි! (නි)
ඔබ වැනි අය තව තවත් බිහිවේවා! (නි)
මේ රටේ හිටියා නම් මෙහෙම තැනකට කවදා එන්නද? (නි)
ලංකාවේ ඇතුළේ මෝඩයෝ ටික ඉතුරුවෙලා දක්ෂයෝ ටික පිටරට ගියා. බුද්ධිගලනය හේතුවෙන් වැඩබැරි ටාසන්ලා ටික තමයි අන්තිමේ ලංකාවේ ඉතුරු වුණේ. කයිය විතරයි වැඩ නැහැ. ලංකාවේ අනුවණයින්ට වටිනාකමක් තිබුනට, පිටරට දක්ෂයින්ට වටිනාකමක් තියනවා කියලා අපිත් දන්නවා නංගි. ඔබට ජය!! (නි)
අපේ අයට කොහෙද ඉතින් මෙහෙම මිනිසුන්ගේ අගයක් දැනෙන්නේ? (නි)
දියණියනි, ඔබට ජයෙන් ජයම වේවා! (නි)
ඔබට ජයවේවා! (නි)
මම ජිවත්වන්නේ විදේශ රටක. මා මෙතැනට ගෙනාවෙත් ලංකාවේම කුහක මිනිස්සු. කුඩා කල සිටම මට පුදුම කෙණෙහිළිකම් කළා. මගේ දියණිය වෛද්‍ය විද්‍යාලයේ. මාව පහළට දාපු ගොඩක් අයට පින්සිදුවන්නට මම මේ සුද්දන්ගේ රටේ ඉහළ තලයක සිටින්නේ (නි)
මම ජිවත් වන්නේ විදේශ රටක මාව මෙතැනට ගෙනාවෙත් ලංකාවේම කුහක මිනිස්සු කුඩා කල සිටම මට පුදුම කෙනෙහිළිකම් කළ මිනිසුන්ට වැඩ අදම ඉහල ජිවිතයක් ගෙවනවා ,මගේ දියණියන් දෙදෙනාටමත් වෛද්‍ය විද්‍යාලයේ,මාව පල්ලහාට දාපු ගොඩක් සිජහලයින්ට පින්සිදුවන්නට (බ)
ඉදිරියටම යන්න දියණියනි! (නි)
ඔලුව ඇති කෙනාට උවමනා ස්ථානයකට මොන ආකාරයකට හෝ ඇතුළුවීම පමණයි කළයුත්තේ. එතනින් නැගිටින හැටි එයා දන්නවා. බොහෝ අය කරන්නේ පටන් ගැන්මේදීම ලොකුතැන් සොයනවා. ලොකු ව්‍යාපාරික චරිත දිහා බැලුවම අපිට ඉගෙනගන්න පුළුවන්. (නි)
උත්සාහවන්තයා ජය ගනී (බ)
තවත් ඉහළට යන්න ලැබේවා! (නි)
මෙවන් වීර දියණියන් ලද ලක්මාතාව වාසනාවන්තයි (නි)
ඔබ අපේ රටට අභිමානයක්! (නි)
හරිම ආඩම්බරයි ඔබ ගැන. ඔබට ජය! (නි)
හරිම ආඩම්බරයි ඔබ ගැන.(හේ)
ගොඩක් සතුටුයි මේ ගැන.(හේ)
දිරිය කාන්තාවනි ඔබට අපගේ සුබ පැතුම.(හේ)
හරිම ආඩම්බරයි ඔබ ගැන.(හේ)
ජීවිතය ජයගත් ඔබට සුබ පැතුම්!!! (හේ)
මෙය කාට කාටත් ලොකු ආදර්ශයක්.(හේ)
හරිම ආඩම්බරයි ඔබ ගැන. ඔබ වැනි උත්සාහවන්ත වැඩිමල් සොහොයුරියක් ලැබීමට ඔබේ කුඩා සහෝදර සහෝදරියන් පින් කරලා තිබෙනවා. ජීවිතය ජයගත් ඔබට සුබ පැතුම්!!! (හේ)
ඔබ වැනි අය රටට වාසනාවක්! (නි)
ඒ තවත් එක් දිරිය කතක්. ශ්‍රී ලංකාව නම් වූ අපේ පින් බිමේ නම ඉහළින් රැන්ඳු ඔබට අපේ ගෞරව ප්‍රණාමය සුභාශිංසනය හිමියි. (නි)
මේ රටේ සමහර ළිං මැඩියන්ට විදේශ රටක් කිව්වොත් අජීර්ණයි. මේවා දැකලා හරි යමක් ඉගෙනගත්තොත් අනික් අයටත් කරන උදව්වක් වේවි. (නි)
හරිම ආඩම්බරයි ඔබ ගැන. ඔබ වැනි උත්සාහවන්ත වැඩිමල් සොහොයුරියක් ලැබීමට ඔබේ කුඩා සහෝදර සහෝදරියන් පින් කරලා තිබෙනවා. ජීවිතය ජයගත් ඔබට සුබ පැතුම්!!! (බ)
බලන්න මේ දිරිය කාන්තාව ඉහළට ගිය හැටි. බොහෝ දෙනෙක් විදෙස්ගතව තම ජීවිතය අයාලේ යන්න දෙන අතරේ තව කෙනෙක් තම ජීවිතය පමණක් නොවෙයි අනෙක් අයගේ ජිවිතත් නඟා සිටුවන්න හිතන හැටි. ඇයව අපි අගය කළයුත්තේ ඒ නිසාම පමණක් නොවෙයි, ලෝකයේම ඉහළම ව්‍යාපාරිකයින් සමඟ එකට ඉඳගන්න පුළුවන් කෙනෙක් වීම නිසයි. ඕනෑකම තියෙනවා නම් කෙනෙකුට ඉහළ යන්නත් පුළුවන්, නැත්නම් අගාධයට යන්නත් පුළුවන්. (නි)
දිරිය ලඳක්. සුබ පැතුම්! (නි)
සියලුම ලාංකිකයන්ට ඔබ ආදර්ශයකි. ඔබට තව තවත් ඉදිරියට යාමට සුබ පැතුම්! (නි)
ඇය සියල්ලන්ටම ආදර්ශයක් (නි)
ඔබට සුන්දර අනාගතයක්! (නි)
සුභ පැතුම් ,හරිම දක්ෂ කාන්තාවක් , ලංකාවේ හිටියනම මෙතුමියට මේ ම තත්වයට එන්න බැහැ, ලංකාවේ තිබෙන ක්‍රමය අනුව මෙවැනි දියුණුවක් ලබන්න නම් දේශපාලන සම්බන්ධ කම් ඉත අවශ්‍යවේ , (ම)
මේ වාසනාවන්ත උවතියට තෙරුවන් සරණයි (ම)
සිංහල කාන්තාවෝ සුවිශේෂ දක්ෂයින් ඔවුන් පරදින්නේ බ්‍රිතාන්‍ය කාන්තාවන්ට පමණයි අවුරුදු 30ක වර්ගවාදී යුද්ධයේදී හැමෝම සිහි කරන්නේ, පිරිමි සොල්දාදුවන් පමණයි, යුද්ධයේදී අනේක දුක ගැහැට වින්දේ සිංහල කාන්තාවෝය ඔවුන් අතර මව්වරු සෙබලියන් ,සාත්තු සේවිකාවන් සිටිනවා (බ)
උත්සාහවන්ත දක්ෂ කාන්තාවක් සුභ පතනවා (ම)