මෙම වසරේ ජනවාරි පළමු වැනි දා සිට මැයි 31 වැනි දා දක්‌වා වූ කාලයේ තැඹිලි ගෙඩි දහසය ලක්‌ෂයක් අපනයනය කිරීම මඟින් රුපියල් කෝටි 16.5 ක් විදේශ විනිමය වශයෙන් උපයාගෙන ඇතැයි පොල් වගා කිරීමේ මණ්ඩලය සදහන් කරයි.
පසුගිය වසරේ තැඹිලි ගෙඩි තිස් එක් ලක්‌ෂයක් අපනයනය කර ඇති අතර, එමඟින් උපයා ගෙන ඇති විදේශ විනිමය ප්‍රමාණය රුපියල් කෝටි 29කි.
විදෙස් වෙළෙඳපොළ තුළ මෙරට තැඹිලි ගෙඩියක් ශ්‍රී ලංකා මුදලින් රුපියල් 130 ක් පමණ වන අතර . විශේෂයෙන්ම මැද පෙරදිග රටවලින් තැඹිලි සඳහා විශාල ඉල්ලුමක් පවතින බව පොල් වගා කිරීමේ මණ්ඩලය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුලින් දකිනකොටම මම හිතුවේ කවුරුහරි කෙනෙක් කළ වැඩක් කියලා. (නි)
අහන්නත් සතුටුයි (නි)
මැති අැමතිවරුන්ගෙන් ප්‍රවේශම් වෙන්න. වනාන්තර සහ කඳු ගිනිතබා තැඹිලි වවන්නට පටන්ගනීවි (නි)
අනේ මෝඩ හේවායෝ (බ)
මෙහෙ අරාබිකරයේ අපි තැඹිලි ගන්නේ රුපියල් 365/00 කට වගේ ගණනකට. (අ)
ලන්ඩන් මාර්කට් එකේ රු .500 - 600 විතර වෙනවා .(අ)
තව තවත් වැඩියෙන් තැඹිලි වවන්න. තව තවත් විදේශ විනිමය හොයන්න ඕනෑ (නි)
තව එක අඩියක් ඉස්සරහට තියමුකෝ මේ කර්මාන්තයෙන්. (නි)
අපි දෝහවල කුරුම්බා ගෙඩියක් ගන්නේ රියාල් පහලවකට රුපියල් 585 ක් පමණ වෙනවා (බ)
මම ඉන්න අබුඩාබි වල තැඹිලි ගෙඩියක් රුපියල් 210 ක මුදලට අලෙවි කරන්නේ. ඇත්තටම මෙහෙ හොඳ අලෙවියක් තියෙනවා තැඹිලි වලට. (නි)
මම දැනට අවුරුදු 25 කට පෙර තමිල්නාඩුවට ගිය මොහොතක එම ප්‍රාන්තයේ පොල් ගෙඩියක් ලංකා මුදලින් රුපියල් 50 ට අළෙවිවෙන බව දුටිමි. මෑතකදී කළ සංචාරයකදී ලොකු පොල් ගෙඩියක් ලංකා මුදලින් රුපියල් 30 ට මිලදී ගත හැකිවීම දැක පුදුම වුණෙමි. පොල් වගාව ඉතා සරුවෙන් කරන ප්‍රාන්තයක් වශයෙන් තමිල්නාඩුව මුදුන්පෙත්තේ සිටී. (නි)
මෙහෙ තැඹිලි දකින්නත් නැහැ, ඉඳල හිටලා කුරුම්බා ගෙඩියක් බොනවා , එකත් එන්නේ කෙරලෙන් ,, සුනිල් හරි ,, සමහරක් දාට රුපියල් 600 විතර වෙනවා. පුළුවන් නම් දෝහා මකෙට් එක අල්ලන්න , හොඳ ආයෝජනයක් වෙයි (අ)
අර මොන සුදාගේද කතාවේ ඇත්තක් තිබෙනවා වගේ (අ)