IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මාස 12ට රුපියල සියයට 15කින් බාල්දු වෙලා

හර්ෂණ තුෂාර සිල්වා

මේ වසරේ ජනවාරි පළමු වැනිදා සිට දෙසැම්බර් 21 වැනිදා දක්වා කාලයේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 15.5කින් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. 

එමෙන්ම පසුගිය වසරේදී (2017) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වූයේ සියයට 2.0කින් යැයි ද ශ්‍රී ලංකා මහ බැංකු දත්ත පෙන්වාදෙයි. 

මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට දෙසැම්බර් 21 වැනිදා දක්වා කාලයේදී අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වලට සාපේක්ෂව ද ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී ඇත. 

ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරය ශක්තිමත් වීම, රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළෙන් ආයෝජන පිටතට ගලායෑම සහ ආනයන ගෙවීම් වෙනුවෙන් විනිමය වෙළෙඳපොළ තුළ පැවැති ඉල්ලුම යනාදි කරුණු එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීමට වැඩි වශයෙන් බලපෑවේ යැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වාදෙයි.

විදෙස් ව්‍යවහාර මුදල් ඒකක හා සැසඳීමේදී ශ්‍රී ලංකා රුපියල වැඩිම අගයකින් අවප්‍රමාණය වී ඇත්තේ ජපන් යෙන්වලට එරෙහිවය. ජපන් යෙන් හා සැසඳීමේදී ශ්‍රී ලංකා රුපියල සියයට 16.6කින් අවප්‍රමාණය වී ඇත.

ඉහත සඳහන් කාලයේදී යුරෝවට සාපේක්ෂව සියයට 11.9කින්, ස්ටර්ලින් පවුමකට සාපේක්ෂව සියයට 10.2කින්, කැනේඩියානු ඩොලරයට සාපේක්ෂව සියයට 9.2කින්, ඕස්ටේ්‍රලියානු ඩොලරයට සාපේක්ෂව සියයට 7.5කින් සහ ඉන්දීය රුපියලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී ඇත. 

 



අදහස් (1)

මාස 12ට රුපියල සියයට 15කින් බාල්දු වෙලා

Senarath Tuesday, 25 December 2018 08:31 AM

ඒ වුණාට අගමැති පම්පෝරි ගහනවා... හරියට රට කිරියෙන් පැණියෙන් උතුරනවා වගේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site