IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මැලිබන් ඉන්දියානු වෙළෙඳපොළට පිවිසීමේ සූදානමක

භානුක අමරසිංහ


වසර 70 කට අධික කාලයක් පුරා මෙරට බිස්කට් නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාමයක් වන මැලිබන් සන්නාමය ඉන්දියානු වෙළෙඳපොළට පිවිසීමේ සූදානමකින් පසුවන බව වාර්තා පවසයි. ඉන්දියාවේ රිලායන්ස් රිටේල් සමාගම යටතේ ක්‍රියාත්මක රිලයන්ස් කන්සියුමර් ප්‍රඩක්ට්ස් ලිමිටඩ් සමාගම හා ඇති කරගත් උපායමාර්ගික හවුල්කාරීත්වයක් යටතේ මෙලෙස මැලිබන් නිෂ්පාදන ඉන්දියානු වෙළෙඳපොළ වෙත අවතීර්ණ වන බව සඳහන් වෙයි. 
මෙම පිවිසීමත් සමගින්ම මැලිබන් සමාගම කලාපයේ සිය මෙහෙයුම් තවදුරටත් පුළුල් කිරීමේ අවස්ථාවකටද පත්ව සිටින බව පවසයි. දැනටමත් මැලිබන් සන්නාමය හිමි මැලිබන් සමූහ ව්‍යාපාරය සිය නිෂ්පාදන ලොව පුරා රටවල් 40 කට වැඩි සංඛ්‍යාවකට අපනයනය කරයි. මෙලෙස ඉන්දියානු වෙළෙඳපොළ වෙත පිවිසීම එම සන්නාමය බිලියන 1.4කට අධික ජනතාවක් වාසය කරන දකුණු ආසියාවේ විශාලතම වෙළෙඳපොළ වෙත පිවිසීමක්ද සනිටුහන් කරයි.
මෙම හවුල්කාරීත්වය සම්බන්ධයෙන් අදහස් දක්වන රිලයන්ස් කන්සියුමර් ප්‍රඩක්ට්ස් හි අධ්‍යක්ෂ ටී ක්‍රිෂ්ණකුමාර් මහතා, “සුවිශේෂී උරුමය සහ විවිධාංගීකරණය වූ නිෂ්පාදන කළඹත් සමගින් එන මැලිබන් අපගේ දැක්ම වෙත උපරිම දායකත්වයක් ලබා දෙනවා’’ යනුවෙන් පවසා තිබේ. 
මේ අතර රිලයන්ස් කන්සියුමර් ප්‍රඩක්ට්ස් ලිමිටඩ් සමාගම හා ඇති කරගන්නා හවුල්කාරීත්වයක් යටතේ මැලිබන් නිෂ්පාදන ඉන්දියානු වෙළෙඳ පොළ වෙත හඳුන්වාදීමේ මූලික සාකච්ඡා 2023 වසරේදී ආරම්භවී තිබෙන බව ඉන්දියානු මාධ්‍ය සඳහන් කර තිබේ. එසේම මැලිබන් නිෂ්පාදන තායිලන්ත වෙළෙඳ පොළ වෙතත් හඳුන්වාදීම සඳහා වන සාකච්ඡාද මේ වන විට සිදු කරමින් පවතින බවද වාර්තා පවසයි.



අදහස් (0)

මැලිබන් ඉන්දියානු වෙළෙඳපොළට පිවිසීමේ සූදානමක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 583 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 286 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site