භානුක අමරසිංහ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත මිලේනියම් හවුසින්ග් ඩිවලොපර්ස් පීඑල්සී සමාගමේ සුරැකුම්පත් එහි ගනුදෙනු කිරීම අත්හිටුවීම 2026 වසරේ අගෝස්තු 31 වැනිදා දක්වා කල් දැමීමට සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව අනුමැතිය ලබාදී ඇතැයි එම සමාගම පවසයි.
එම කොමිෂන් සභාව මීට පෙර ගෙන තිබූ තීරණයකට අනුව 2025 දෙසැම්බර් 31 වැනිදා සිට මෙම අත්හිටුවීම ක්‍රියාත්මක කිරිමට නියමිතව තිබුණි. 2023 මාර්තු 31 න් අවසන් වූ මූල්‍ය වර්ෂ සඳහා එම සමාගම සම්බන්ධයෙන් නිකුත් කළ ස්වාධීන විගණන වාර්තා අනුව 2023 දෙසැම්බර් 07 සිට එහි සුරැකුම්පත් කොළඹ කොටස් හුවමාරුවේ watch list ලැයිස්තුවටද ඇතුළත්ව තිබුණි.
එසේම 2024 සහ 2025 මාර්තු 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂ සඳහාද එම ගැටලුව එලෙසින්ම පැවතුණු බව සඳහන් වෙයි. මෙලෙස දිගු කාලයක් එම ලැයිස්තුවට ඇතුළත්ව තිබීම හේතුවෙන් මෙලෙස එම සුරැකුම්පත් ගනුදෙනු අත්හිටුවීම සිදු වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd