IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මාලන් ෆෙරෙයිරා ව්‍යවසායකත්ව සම්මාන දිනයි

මෙරට ප්‍රමුඛතම පළිබෝධ කළමනාකරණ සමාගම වන Exterminators සමාගමේ නිර්මාතෘ මාලන් ෆෙරෙයිරා ශ්‍රී ලංකා ව්‍යවසායක සම්මාන උළෙලේදී ව්‍යවසායකත්වය සඳහා ඔහු ලැබූ 21 වැනි සම්මානය දිනා ගත්තේය. තරුණ ලාංකික ව්‍යවසායක මණ්ඩලය (COYLE) සංවිධානය කළ සම්මාන උළෙල කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්විණි. 

එහිදී Exterminators සමාගම සිය 68 වන සම්මානය දිනා ගත්තේ පළිබෝධ කළමනාකරණ ක්ෂේත්‍රයේ නායකත්වය තව දුරටත් තහවුරු කරමිනි. විශිෂ්ට නායකත්වයක් යටතේ ගුණාත්මකභාවය සහ පාරිභෝගික තෘප්තිය පිළිබඳව කැපවීමෙන් කටයුතු කරන එම සමාගම ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් කර ඇත. 

22 හැවිරිදි වියේ පසු වූ ෆෙරෙයිරා මාසිකව රු. 10,000ත් 12,000ත් අතර වැටුපක් ලැබූ රැකියාව අත්හැර ව්‍යවසායකයකු වීමට තීරණය කළේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමිනි. විශාල මුදලක් ඉතුරුම් වශයෙන් නොතිබුණු බැවින් ඔහු පවුලේ සාමාජිකයන්ගෙන් සහ මිතුරන්ගෙන් රු. 75,000ක මුදලක් ණය ලෙස ගෙන යතුරුපැදියක් සහ දියර ඉසින යන්ත්‍රයක් මිල දී ගත්තේය. එලෙස ඇරැඹුණු ඔහුගේ ව්‍යවසායකත්ව ගමන අභියෝගවලින් පිරුණු එකක් විය. ආරම්භයේදී නිවසේ සිට ව්‍යාපාර කටයුතු කළ ෆෙරෙයිරා ශක්තිමත් පාරිභෝගික ජාලයක් ගොඩ නඟා ගත්තේ කොළඹ නගරය පුරා අත් පත්‍රිකා බෙදමිනි. පළිබෝධ කළමනාකරණ ක්ෂේත්‍රයට නව ප්‍රමිති හඳුන්වා දීමට Exterminators සමාගමට හැකි වී තිබේ. ක්ෂේත්‍රයේ කාබන් විමෝචනය පිටුදකින පළමු සමාගම වෙමින් තිරසාරත්වය වැළඳ ගෙන ඇති එම සමාගම ISO 9001, ISO 14001 සහ ISO 45001 ජාත්‍යන්තර තත්ව සහතික ලබා ඇත.  Exterminators සමාගමේ මෙහෙයුම් වර්තමානයේදී එක්සත් රාජධානියේද අරඹා ඇත.



අදහස් (0)

මාලන් ෆෙරෙයිරා ව්‍යවසායකත්ව සම්මාන දිනයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site