(හර්ෂණ තුෂාර සිල්වා)
මේ වසරේ මුල් මාස හයක කාලයේදී තේ අපනයන සියයට 17.8කින් වර්ධනය වී තිබේ. තේ අපනයන පරිමාව සියයට 9.5කින් පහළ ගියද ඉහළ මිල ගණන් නිසා තේ අපනයන වැඩි වූ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත වාර්තා සඳහන් කරයි.
පසුගිය වසරේ ජනවාරි සිට ජූනි දක්වා කාලයේදී තේ අපනයන ආදායම රුපියල් මිලියන 618.4ක් වූ අතර මේ වසරේ ජනවාරි සිට ජූනි දක්වා කාලයේදී එය රුපියල් මිලියන 728.4ක් දක්වා වැඩි විය.
ජාත්‍යන්තරයේ ඉහළ තේ මිල ගණන් නිසා පසුගිය වසරේදී තේ අපනයන ආදායම රුපියල් මිලියන 139ක් දක්වා සියයට 13.7කින් වර්ධනය විය. පසුගිය වසරේ ජූනි මාසයේදී තේ අපනයන ආදායම රුපියල් මිලියන 122ක් විය.
ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ පවතින ඉහළ තේ මිල ගණන් හා සමගාමීව ශ්‍රී ලංකාවේ තේ සඳහා වූ සාමාන්‍ය අපනයන මිල පසුගිය වසරේ ජූනි මාසයේදී කිලෝග්‍රෑමයකට ඇමෙරිකානු ඩොලර් 4.27 සිට මේ වසරේදී ඩොලර් 5.36ක් දක්වා ඉහළ ගිය බව ද ශ්‍රී ලංකා මහ බැංකු තවදුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
302
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
418
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
393
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මුල් මාස හයේ තේ අපනයනය වැඩි වෙලා