හර්ෂණ තුෂාර සිල්වා
මේ වසරේ මුල් මාස නවයක කාලයේදී රබර් නිෂ්පාදිත අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 614ක් දක්වා ඉහළ ගිය බව ශ්‍රී ලංකා මහ බැංකු සඳහන් කරයි.
රබර් ටයර් සහ ශල්‍යාගාරවල යොදා ගැනෙන අත්වැසුම් සහ වෙනත් අත්වැසුම් අපනයන ආදායම ඉහළ යෑම මෙලෙස රබර් නිෂ්පාදිත අපනයන ආදායම ඉහළ යෑමට හේතු වී තිබේ.
සැප්තැම්බර් මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය ප්‍රකාශයට පත් කරමින් ඒ බව සඳහන් ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය වසරේ මුල් මාස නවය සැලකීමේදී මේ වසරේ මුල් මාස නවයේදී රබර් නිෂ්පාදිත අපනයන ආදායම පසුගිය වසරේ පැවැති ඩොලර් මිලියන 575.9 සිට සියයට 6.7කින් ඩොලර් මිලියන 614.6ක් දක්වා වර්ධනය වී ඇත.
ඊට අමතරව පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ඩොලර් මිලියන 67.5ක් වූ රබර් නිෂ්පාදිත අපනයන ආදායම මේ වසරේ සැප්තැම්බර් මාසයේදී සියයට 13.3කින් ඩොලර් මිලියන 76.5ක් දක්වා වර්ධනය වී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රබර් වල මිල අඩු වීම නිසා ලබන අදායම වගාව නඩත්තු කර ගැනීමටත් බැරි තත්වය පවතී......... වගාවන් කරන්න ජීවත්විම සඳහා... එහෙත් රබර් වලින් ලැබෙන මේ ආදායම ප්‍රමාණවත් නෑ....මේ සම්බන්දයන් රජ සොයාබලා යමක් කරානම් හොඳයි...