සඳලංකාව හේමලතා ඩී හේවගේ
නොයෙල් විජේසිංහ |
කමල් පද්මලාල් |
අරවින්ද කුමාර |
බ්‍රසීලය නිජබිම කරගත් අන්නාසි අනනාස් කොමොසස් යන උද්ගිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබයි. ලෝකයේ ඇති රසවත්ම පලතුරක් ලෙස පිළිගෙන ඇති මෙය චීනය, පිලිපීනය, උගණ්ඩාව, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක වැඩි වශයෙන් ව්‍යාප්තව පවතී.
බොහෝ දෙනකුගේ රුචිකත්වය දිනා ගෙන ඇති මෙම අන්නාසි ඉහළ වෙළෙඳපොළ වටිනාකමක් ඇති රසවත් පලතුරකි. ශ්‍රී ලංකාවේද හොඳින් වැඩෙන මෙම පලතුර කුරුණෑගල, පුත්තලම සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල මුරිසි හා කිවි යන ප්‍රභේද බහුල වශයෙන් වගා කරනු ලබයි.
දේශීය අන්නාසි ගොවියෝ විශාල පිරිසක් අපනයන වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් මහා පරිමාණයෙන් මෙම අන්නාසි වගාවේ නිරත වන අතර පසුගිය කාලය හා සසඳා බැලීමේදී වෙළෙඳපොළ තුළ මේ වනවිට අන්නාසි මිල විශාල ලෙස පහත වැටී ඇති බව ඔවුන් පවසති.
පසුගිය දිනයන්හි වෙළෙඳපොළේ රුපියල් 500 ත් 600 ත් අතර මිලක පැවති අන්නාසි කිලෝවක මිල මේ වන විට රුපියල් 200 ත් 250 ත් අතර මිල දක්වා පහත වැටී ඇති බවත් මේ වන විට අන්නාසි වගාව කරගෙන යෑමට නොහැකි තත්වයක් උදා වී ඇති බවත් ඔවුහු පෙන්වා දෙති.
අන්නාසිවලට යොදන පොහොර, බෙහෙත්, කෘමි නාශක ද්‍රව්‍ය සහ සේවක වැටුප් ඇතුළු අනෙකුත් වියදම් හා සසඳා බැලීමේදී වර්තමාන වෙළෙදපොළේ අන්නාසි කිලෝවක් සඳහා ඇති මිල කිසිසේත් ප්‍රමාණවත් නොවන බවද එම ගොවියෝ කියති.
අද වන විට අන්නාසි වගාවට අත්ව ඇති ඉරණම සම්බන්ධයෙන් දේශීය හා අපනයන වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් වගාවේ නිරතවන නොයෙල් විජේසිංහ මහතා පැවසුවේ මෙවන් අදහසකි.
මම දැන් වසර 25 කට වැඩියි මේ අන්නාසි වගා කරන්න අරගෙන. දේශීය හා අපනයන වෙළෙඳපොළ සඳහා තමයි වැඩි වශයෙන් වගා කරන්නේ. රජය මගින් අධික බද්දක් පැනවීම නිසා අද වන විට අන්නාසි අපනයනය ඇන හිටලා තියෙනවා. අපි මේ වගාවලට විශාල මුදලක් වැය කරලා තියෙන්නේ. රජය කොයිම අවස්ථාවකවත් වගාකරුවන් දිහා බලන්නේ නැහැ.
අද දේශීය වෙළෙඳපොළේ අන්නාසි මිල විශාල ලෙස පහත වැටිලා. රුපියල් 500, 600 අතර මිල තිබුණ අන්නාසි කිලෝවක මිල අද රුපියල් 200, යි. 250 යි. අපි කොහොමද මෙවැනි මිලක් යටතේ අන්නාසි වගාව තවදුරටත් පවත්වාගෙන යන්නේ. සේවකයන් කිහිප දෙනෙක් මගේ ළඟ වැඩ කරනවා. ඔවුන්ට අවශ්‍ය පහසුකම් ටික දීලා හොඳ දෛනික වේතනයක් ලබාදෙන්න ඕන. නැත්නම් ඔවුන් රැදෙන්නේ නැහැ.
ඒ වගේම තමයි පොහොර මිල. පසුගිය කාලයේ තිබුණ මිලට වඩා තුන් හතර ගුණයක් වැඩි වෙලා. බෙහෙත් වර්ග, කෘමි නාශක ද්‍රව්‍ය ඒවත් විශාල ලෙස මිල වැඩිවෙලා. වගාකරුවන්ට සහන දෙනවා කිව්වට මේ වෙනකන් කිසිම සහනයක් ලැබුණේ නැහැ.
රටේ ඩොලර් නැහැ කියලා රජය කෙඳිරි ගානවා. අපිත් මේ රටේ ගොවියෝ හැටියට සෑම විටම උත්සාහ කරන්නේ රටට අවශ්‍ය ඩොලර් හොයන්න තමයි. අපේ රටේ අන්නාසි වලට ලෝකයේ ඕනෑම රටක හොඳ ඉල්ලුමක් තියෙනවා. ලෝකයේ රසම අන්නාසි තියෙන්නේ අපේ රටේ.
ලංකාවට පැමිණෙන සංචාරකයොත් විශේෂයෙන්ම අන්නාසි කෑල්ලක රස බලන්න කැමැතියි. මේක අපනයනය කරන්න අවශ්‍ය ක්‍රියාවලිය හරියට සිදුවෙනවා නම් රටට අවශ්‍ය ඩොලර් උපයා ගන්න පුළුවන්. පසුගිය කාලයේ එවැනි වැඩසටහන් ක්‍රියාත්මක වුණා. ඒ සඳහා කැපවුණ රාජ්‍ය නිලධාරීන් හිටියා. මාකදුර තිරසාර කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ හිටිය ජානකී අල්විස් මහත්මිය සහ කෘෂිකර්ම පර්යේෂණ සංවර්ධන නිලධාරී මහත්වරුන් කීපදෙනෙක් ගොවීන්ට තාක්ෂණික උපදෙස් හා අවශ්‍ය සහයෝගය ලබා දුන්නා. ඔවුන් දියත් කළ එම වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා නම් අන්නාසිවලට මෙවැනි තත්වයක් උදා වෙන්නේ නැහැ.
අපනයන වෙළෙඳාම සිදු වෙන්නේ නැහැ කියන්නේ සියලුම ඵලදාව දේශීය වෙළෙඳපොළ තුළයි සැරිසරන්නේ. ඒක නිසා අන්නාසි අද විකුණ ගන්න බැරි මට්ටමට ඇවිල්ලා. වැය බර වැඩියි. ආදායම අඩුයි. රුපියල් 20 ට 30 ට තිබුණ බීජ පැළ අද රුපියල් 60 යි. 70 යි. ගොවි මහතෙකුට අලුතෙන් මෙම වගාවට අවතීර්ණ වෙන්න බැරි තත්වයක් දැන් උදා වෙලා තියෙන්නේ. අපි කියන්නේ අසීමිත මිල වැඩිවීමක් සිදුවෙන්න අවශ්‍ය නැහැ. මේ අන්නාසි වගාව පවත්වාගෙන යන්න නම් අඩුම තරමින් කිලෝ එකක් රුපියල් 300 ත් 350 ත් අතර මිලක් පැවතිය යුතුයි. මේකෙන් ගොවියා ගොඩ යන්නත් ඕනා. පාරිභෝගිකයා අන්නාසි කන්නත් ඕනා.
ලෝකයේ රසවත්ම පලතුර වන මේ අන්නාසි වලට විදේශීය වෙළෙදපොළේ ඇති ඉල්ලුමට අවශ්‍ය සැපයුම සිදු කරන්න ගොවියන්ට සහයෝගය ලබා දෙන්න රජය මැදිහත් විය යුතුයි. ඔය වැඩි කරල තියන බදු අඩු කරලා අපනයන වෙළෙදපොළ විවෘත කරන්න කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා.
පන්නල හියවල පදිංචි වයි එම් කමල් පද්මලාල් මහතා ද මහා පරිමාණ අන්නාසි වගාකරුවකි. අද වන විට අන්නාසි වලට අත්ව ඇති තත්වය පිළිබඳව පැහැදිලි කරමින් කියා සිටියේ මෙසේය.
අලුතෙන් ගොවියකුට අද අන්නාසි වගා කරන්න බැහැ. මමත් වසර විස්සකටත් වැඩි කාලෙක ඉඳලා මේ අන්නාසි වගාව තමයි සිදුකරන්නේ. අපේම බීජ පැළ නිසා කරගෙන යනවා. රජයෙන් කියල කිසිම සහයෝගයක් ලැබෙන්නේ නැහැ.
වී ගොවිතැනට වගේම අනෙක් වගා වලටත් පොහොර සහනාධාරය ලබාදෙනවා කියලා පසුගිය දවස්වල රජය කිව්වා. අද වෙනකන් ලැබුණ සහනයක් නැහැ. දිනෙන් දින තිබුණටත් වඩා පොහොර මිල ඉහළ යනවා.
අනෙක් කාරණය තමයි පසුගිය කාලයේ අන්නාසි මිල ඉහළ මට්ටමක පැවතුණේ. රුපියල් 650, 700 අතර මිලකට ගියා. එතකොට අන්නාසි වගා නොකරන අයත් අන්නාසි හිටවන්න ගත්තා. ඒ අපේ මිනිස්සුන්ගේ හැටිනේ. පසුගිය කාලයේ කහ ඉඟුරු ගණන් ගියා. දොස්තරලා ඉංජිනේරුවො, මහා පරිමාණ ව්‍යාපාරිකයෝ කහ හිටවන්න ගත්තා. අන්තිමට කහ විකුණ ගන්න බැරි තරමට මිල පහත වැටුණා. දීර්ඝ කාලයක් තිස්සේ කරගෙන ආ වගාකරුවන්ටත් ඒක නැති කළා. ලංකාවේ මිනිස්සුන්ගේ තත්වය ඕක තමයි.
රජය වී ගොවියට පොහොර සහනාධාරය ලබා දෙනවා. රුපියල් 120 ට වී ත් ගන්නවා. අපි රජයට කියන්නේ කාටවත් සහන දෙන්න අවශ්‍ය නැහැ. රුපියල් 5000 ක් වැනි මිලකට පොහොර මිටියක් ගන්න ගොවියට අවස්ථාව සලස්වා දෙන්න කියලා. එතකොට රටේ ජනතාවගේ බදු සල්ලි නිකරුණේ බෙදන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හැමෝටම සාධාරණ මිලකට වෙළෙදපොළේ පොහොර තියෙනවා. ගොවියා වෙනුවෙන් කෙරෙන්න ඕනා ඒක. අපි කෘෂිකර්ම නියෝජ්‍ය ඇමතිවරයාට මේ සම්බන්ධයෙන් යෝජනා කළා. එහෙත් තවම ක්‍රියාත්මක වෙන්නේ නැහැ.
සමහර අන්නාසි වගා කරන ගොවියෝ ඉන්නවා තමාගේ කණකර බඩු ටික උකස් කරලා වගාවට අවශ්‍ය පොහොර බෙහෙත් ටික ගන්නවා. අද ඒ අයට රත්තරන් බඩු ටිකවත් බේරගන්න විදිහක් නැහැ අන්නාසි මිල විශාල ලෙස පහත වැටීම නිසා. අපි රජයට කියන්නේ මේ අන්නාසි ගොවියෝ ආරක්ෂා කර ගන්න නම් බදු ලිහිල් කරලා අපනයන වෙළෙඳපොළ විවෘත කරන්න කියලයි. එතකොට මේ තත්වය ඉබේම වෙනස් වෙනවා.
පන්නල කොටුවැල්ල ප්‍රදේශයේ පදිංචි අරවින්ද කුමාර මහතාද අදහස් දක්වමින් මෙසේ පැවසීය.
අන්නාසි මිල පහත වැටීම නිසා අන්නාසි ගොවියා අද දැඩි දුෂ්කරතාවකට මුහුණ දීලා තියෙන්නේ. බීජ පැලයක් රුපියල් 70 යි 80 යි. බෙහෙත් ගහලා පොහොර දාලා හිටවලා අස්වනු නෙළනකොට අඩු මිලකට දෙන්න වෙලා තියෙන්නේ. මමත් අවුරුදු ගානක් අන්නාසි වගා කරලා පසුගිය කාලයේ රෝගයක් ඇවිත් සියල්ලම විනාශ වෙලා ගියා. නැවත අලුතෙන් තමයි හිටවන්න ගත්තේ. දැනට අක්කර 12 ක විතර දාලා තියෙනවා.
මමත් මේ වෙද්දි අන්නාසි වගාව වෙනුවෙන් විශාල මුදලක් යට කරලා තියෙන්නේ. අපේ ශ්‍රමයට කිසිම මිලක් නැහැ. කුලියට කෙනෙක්ව ගත්තහම දවසකට රුපියල් 2500 ක් 3000 ක් දෙන්න ඕනා. ඒ වියදම් පොහොර ඇතුළු අනෙකුත් වියදම් ගියහම අද වෙද්දී අන්නාසි විකුණන්න වෙලා තියෙන්නේ අතේ පාඩුවට. දිගටම මේ මිල පැවතුනොත් අන්නාසි වලට හොඳ කල දසාවක් යන එකක් නැහැ.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
මිල පහළ යෑමෙන් අන්නාසි ගොවියෝ දැඩි අර්බුදයක