( හිරාන් ප්‍රියංකර ජයසිංහ )
මිල පහත වැටිමෙන් කල්පිටිය අර්ධද්විපයේ රතු ළුණු වගාකරුවන් තමන් වගාවට වැය කල මුදල පවා උපයා ගැනිමට නොහැකි තත්වයක් මතුව ඇති බව කියයි.
මෙවර කල්පිටිය අර්ධද්විපයේ තලවිල ,පුලච්චේන, දළුව ,මාම්පුරිය , කන්දකුලිය , ඒත්තාල, පනිඅඩිය , ඇතුළු ප්‍රදේශ රැසක අක්කර 6000 ක් පමන රතු ළුණු වගා කර ඇති බව වගාකරුවන් කියයි.
මෙම කාලය කල්පිටියේ රතු ළුණු අස්වැන්න නෙළන කාලය වන බවත් එසේ අස්වැන්න වෙළද පොලට එමින් සිටියදී මේ වන විට කිලෝව රුපියල් 120 සිට 140 දක්වා පහත මිලකට වැටිමත් සමග තමන් වගාවට වැය කල ලක්ෂ ගනනක් මුදල පියවා ගැනිමට පවා නොහැකි තත්වයක් මතුව ඇති බව කියයි.
කල්පිටිය පුත්තලම දිස්ත්‍රික්කයේ සුවිශේෂ භු විෂමතාවයකට මැදිවු ප්‍රාදේශීය ලේකම් කොඨඨාශයක් වන අතර ග්‍රාම නිළධාරි බල ප්‍රදේශ 31 කින් සමන්විත වෙයි .
ගොවි පවුල් 7500 කින් සමන්විත මෙම කලාපයේ ගොවින් 22048 ක් වගා කටයුතු වන නිරත අතර වියළි දේශගුණයකට හිමිකම් කියන කලාපයකි.
ශ්‍රී ලංකාවේ එළවළු අවශ්‍යතාවයෙන් 30% කට වඩා වැඩි දායකත්වයක් දක්වන පසුබිමක රතු ළුණු ද එහි ප්‍රමුඛත්වයක් ගනි.
මේ නොරෝච්චෝල ප්‍රදේශයේ වගාකරුවකු වන ජේ. ඒ . අජීත් නිශාන්ත මහතා පවසන්නේ මෙවැන්නකී .
“අපි රතු ළුණු අක්කරයක රතු ළුණු වගාවක් වගාකර අස්වැන්න නෙළා වෙළද පොලට යනු තුරු ලක්ෂ ගනනක් වැය කරනවා .
ඒ නිසා අපි ජීවත් වන වගාව තුළ තවත් බොහෝ පිරිසකට රැකියාව දිලා තමයි මේ වගාව කරන්නේ .
ඒ නිසා දිගින් දිගටම පවත්වාගෙන පවත්වාගෙන යාමට නම් වගාකරුවන්ට අතර අඩුම තරමින් රතු ළුණු කිලෝවක් සදහා රුපියල් 200 ක මිලක් වත් ලැබිය යුතු බවයි. ඔහු පවසයි .
නොරෝච්චෝල ආර් ථීක මධ්‍යස්ථානය තුළ රතු ළුණු මිළදි ගැනිම වල නිරත වන ව්‍යාපාරිකයකු වන මොහොමඩ් ආසිර් මහතා මෙසේ පවසන්නට විය .
“කල්පිටියේ වගා කිරිමට බිජ සපයා ගැනිම සිදුවන්නේ යාපනයෙන් බිජ රතු ළුණු වල අධික මිළ හමුවේ අපේ වගාකරුවන් අසරණ වෙනවා .
නමුත් කොහොම හරි වගාව කරලා වෙළද පොලට අරන් එද්දි මිළ පහලට වැටිලා .ඒ වෙනකොට වගාකරුවා නොවෙයි අපිත් අසරණයි .මොකද වැඩි මිලක් තිබුනොත් අපිටත් හොද කොමිස් මුදලක් ලැබෙන්වා නමුත් මේ මිළ හමුවේ අපිට තිබේන්නේත් සුලු ලාභයක් .ඒ නිසා සාධාරණ මිලක් කල්පිටියේ රතු ළුණු වලට ලැබිය යුතුයි කියන එකයි අපි කියන්නේ ,,
මේ පිළිබදව අදහස් දැක්වු රතු ළුණු වගාකරුවකු වන තලවිල ඉෂාර මධුවන්ත මහතා මෙසේ පවසන්නට විය .
“ කල්පිටියේ රතු ළුණු වගාවට බිජ රැගෙන එන්නේ යාපනයෙන් .නමුත් මේ ළුණු වල විශේෂත්වය තමා තද රතු පැහැයට තිබිම .එය යාපනයේ ළුණු වල නැහැ .ඒ වාගේම අපි අවුරුද්දේ 365 ම එළවළු පළතුරු හා රතුළුණු හා මිරිස් වගා කරන ගොවින් මේ නිසා කල්පිටිය ගොවියා වසර පුරාම ගොවිතැන තුළයි ඉන්නේ .එය අනිත් ප්‍රදේශ තුලින් දැක ගන්න අමාරුයි .මේ නිසා අපි ඒ කාල අනුව වගාවන් තොරා ගෙන වගාකරනවා .අපි ඉල්ලා සිටින්නේ අපේ රතු ළුණු වලට සාධාරණ මිලක් දෙන්න කියලා යැයි ඔහු පවසයි .
මෙහිදි අදහස් දැක්වු ඔවුන් පවසන්නේ යාපනය හා කල්පිටියේ රතු ළුණු අස්වැන්න වෙළද පොලට ලැබෙන සමයන් වලදි විදේශ රතු ළුණු රැගෙන එම නවතා දැමිම සිදු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවයි.




2025 දෙසැම්බර් මස 04
791
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘මිල පහත වැටිමෙන් කල්පිටිය රතු ළුණු වගාකරුවෝ අසරණ වෙති‘
de silva Monday, 06 July 2020 06:17 PM
ඉන්දියාවේ, පාකිස්තානයේ වවන ළුෑණු එම රටවල වරාය ගාස්තු, නැව් ගාස්තු, ලංකාවේ වරාය ගාස්තු තීරුබදු ගෙවලා අඩුමුදලකට පාරිභෝගිකයාට දෙන්න බැරිනම් ලංකාවේ වවන ළුෑණු දෙන්න මේගොල්ලන්ට බැරි මොකද?