IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මිල දෙගුණවෙලා:වෙළෙඳාම අඩුයි

මේ කාල සීමාව මංගල උත්සව සඳහා දින නියම වුණ කාල සීමාවක් වුණත් පසුගිය වසරවල වගේ රත්රන් භාණ්ඩ කිහිපයක් මිලදී ගන්න එන පිරිස අඩුයි. ගිය වසරවල මුදු දෙකක්, මාලයක්, ඊට අමතරව තවත් රත්රන් භාණ්ඩ මිලදී ගන්න පාරිභෝගිකයන් ආවට මේ වතාවේ ඔවුන් මිලදී ගත්තේ මුදු දෙකක් විතරයි.

දෙහිවල එස්. පී. එස්. ජුවලරි හිමිකරු - ආර්. රාමනාන්


රත්‍රන් කියන්නේ අනෙක් ලෝහවලට වඩා බොහොම පහසුවෙන් ඔපමට්ටම් කිරීමට හැකි ලෝහයකි. ඒ වගේම රත්‍රන් කියන්නේ බොහොම පහසුවෙන් අනෙකුත් ලෝහ සමග මිශ්‍ර කිරීමට ද පුළුවන් ලෝහයකි. මේ වන විට නවීන තාක්ෂණයත් එක්ක විවිධ වර්ණවල රත්‍රන් වෙළඳපොළට පැමිණ තිබේ. 
මැයි, ජුනි මාසවල මංගල උත්සව සඳහා දින වෙන්වීමත් සමඟ පාරිභෝගිකයෝ මංගල ඇඳුම් පැළඳුම් මිලදී ගැනීමට, රන් ආශ්‍රිත නිෂ්පාදන මිලදී ගැනීමට රුචිකත්වයක් දක්වති. මේ දිනවල රන් භාණ්ඩ නිෂ්පාදනවල වෙළෙඳපොළ කොයි ආකාරයෙන් ද පවතින්නේ යන්න සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය ගමනේ දී දෙහිවල වෙළඳ නගරයේ SPS JUWELLERY වෙළඳ ආයතනයේ හිමිකරු වන ආර්.රාමනාන් මහතා දැක්වූයේ මෙවන් අදහසකි.


Q:  මේ දිනවල වෙ​ෙළඳාම කොහොමද?
රත්‍රන් මිලෙහි වැඩිවීමත් එක්ක රත්‍රන්වලට තිබූ ඉල්ලු‍ම මේ වෙද්දී අඩුවෙලා තියෙන්නේ. ගිය වසර සහ මේ වසර එක්ක බැලු‍වාම ගිය වසරෙයි මේ වසරෙයි කියලා වෙ​ෙළඳාමේ වැඩිවීමක් වෙලා නෑ. රත්‍රන් මිල වැඩිවීම නිසා පාරිභෝගිකයෝ මිලදී ගැනීම්වලින් ඈත් වෙලා තියෙන්නේ.


Q:   බිස්නස් මේ තත්වයට පත්වීමට බලපෑ හේතු මොනවාද?
ගිය වසරට සාපේක්ෂව මේ අවුරුද්ද වෙද්දී රත්‍රන් මිල දෙගුණවෙලා තියෙන්නේ. ගිය වසරේ 160000කට තිබුණ රත්රන් මිල මේ වසර වෙද්දී 260000ක් දක්වා වැඩිවෙලා තියෙන්නේ. රත්තරන් මිල වැඩිවීම නිසා පාරිභෝගිකයෝ මිලදී ගැනීම්වලින් ඈත් වෙලා තියෙන්නේ.
මේ කාල සීමාව මංගල උත්සව සඳහා දින නියම වුණ කාල සීමාවක් වුණත් පසුගිය වසරවල වගේ රත්රන් භාණ්ඩ කිහිපයක් මිලදී ගන්න එන පිරිස අඩුයි. ගිය වසරවල මුදු දෙකක්, මාලයක්, ඊට අමතරව තවත් රත්රන් භාණ්ඩ මිලදී ගන්න පාරිභෝගිකයන් ආවට මේ වතාවේ ඔවුන් මිලදී ගත්තේ මුදු දෙකක් විතරයි. ඒ වගේම පවුමක රන් භාණ්ඩයක් මිලදී ගන්නවා වෙනුවට පවුම් භාගයක රන් භාණ්ඩයක් මිලදී ගන්න යොමුවෙලා ඉන්නේ. රන් භාණ්ඩවල මිල වැඩිවීමත් එක්ක පාරිභෝගිකයාට ඒ මුදල දරාගන්න බැරිවීම නිසා අවශ්‍යම දෙය පමණක් මිලදී ගන්න යොමුවෙලා ඉන්නේ. මේ වෙද්දී බිස්නස් කඩාවැටීමත් එක්ක වෙළඳ සහයකයන් සහභාගී කරගෙන බිස්නස් කරන්න අමාරුයි. ඒ අයට මාසික වේතනයන් ගෙවීමට හැකියාවක් මේ වෙද්දී ව්‍යාපාරිකයන් වන අපට නැහැ. ඉදිරියේ දී රන් භාණ්ඩ ව්‍යාපාරයේ කුමක්ද වේදැයි ව්‍යාපාරිකයකු විදිහට බලන් ඉන්නවා.


මනීෂා වීරසිංහ
ඡායාරූප : ඉසුරු පෙරේරා



අදහස් (0)

මිල දෙගුණවෙලා:වෙළෙඳාම අඩුයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site