
දෙමටගොඩ එළවළු ව්‍යාපාරික එස්. අමිර්තලිංගම්
මේ දිනවල බිස්නස්වල තතු සොයා බැලීමට ගිය ගමනේ දී වසර තිස්නවයක කාලයක් පුරාවට දෙමටගොඩ වෙළෙඳ නගරයේ එළවළු ව්‍යාපාරයේ නියුතු ව්‍යාපාරික එස්. අමිර්තලිංගම් මහතාගේ වෙළෙඳ ආයතනය වෙත ගොඩවැදුණු අවස්ථාවේ මේ දිනවල බිස්නස් සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසකි.
Q: මේ දිනවල බිස්නස් කොහොමද?
මේ දිනවල එළවළුවල මිල ගණන් වැඩිවීම නිසා බිස්නස් පහත වැටිලා තියෙන්නේ. බිස්නස්වල කඩාවැටීමක් වෙලා නෑ. මේ දවස්වල වැස්සත් එකක් යම් මට්ටමකට බිස්නස් අඩුවෙලා තියෙන්නේ.
Q: බිස්නස් මේ තත්වයට පත්වීමට බලපෑ හේතු මොනවාද?
එළවළුවල මිල ගණන් වෙනස් වෙන්න වැස්ස ප්‍රධානවම බලපානවා. අපි පෑලියගොඩ ආර්ථික මධ්‍යස්ථානයෙන් එළවළු අරගෙන ඇවිත් තමයි බිස්නස් කරන්නේ. මේ දවස්වල වැස්සත් එක්ක භාණ්ඩවල මිල දවසෙන් දවස වෙනස් වෙනවා.
අපි අද දවසේ වැඩි මිලක් දීලා අරගෙන එන එළවළුවල මිල හෙට දවසේ පහත යනවා. අපි වැඩි මිලක් යොඳවලා එළවළු ගෙනත් ඒවා අඩුමිලකට විකුණනවා කියන්නේ අපිට වෙන්නේ පාඩුවක්. එනිසා බිස්නස් යන විදිහ බලලා තමයි අපි එළවළු වෙළෙඳපොළට ගේන්නේ. ඒකයි මේ එළවළු ව්‍යාපාරික ස්ථාන පාලුවට ගිහින් තියෙන්නේ. නැතුව බිස්නස්වල කඩාවැටීමක් වෙලා නැහැ.
මනීෂා වීරසිංහ
ඡායාරූප සුමුදු හේවාපතිරණ
2025 දෙසැම්බර් මස 18
528
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මිල ගණන් වැඩි නිසා බිස්නස් පහත වැටිලා