IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මාර්තුවේදී තේ අලෙවියේ වටිනාකම් ඉහළට

2025 මාර්තු මාසයේදී මෙරට ජාතික තේ අලෙවියේ සාමාන්‍ය අගය කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 1,183.76ක් එනම් ඩොලර් 4.02ක් ලෙස සටහන්ව තිබේ. ඒ අනුව මෙය 2025 පෙබරවාරි මාසයේදී කිලෝග්‍රෑමයක් සඳහා වාර්තා කළ වටිනාකම හා සැසඳීමේදී රුපියල් 14.83ක එනම් ඩොලර් 0.06ක ඉහළ යාමක් බව ෆෝබ්ස් වෝකර් ටී බ්‍රෝකර්ස් සමාගම පවසයි. 
කෙසේ වෙතත් මෙම වටිනාකම 2024 මාර්තු මාසයේදී වාර්තා කළ රුපියල් 1,296.48 එනම් ඩොලර් 4.27 හා සැසඳීමේදී රුපියල් 112.72ක් එනම් ඩොලර් 0.25ක අඩුවීමක් ලෙස සටහන්ව තිබේ. 
එම සමාගමට අනුව 2025 මාර්තු මාසයේදී ඉහළ මට්ටමේ තේ වගාබිම් මගින් ලැබුණු ආදායමේ සාමාන්‍ය 2025 පෙබරවාරි මාසය හා සැසඳීමේදී රුපියල් 39.28 කින් එනම් ඩොලර් 0.14කින් ඉහළ ගොස් තිබේ. කෙසේ වෙතත් පසුගිය වසරේ මාර්තු මාසය හා සැසඳීමේදී එම මට්ටමේ තේ වගාබිම් මගින් ලැබුණු ආදායම රුපියල් 96.94කින් එනම් ඩොලර් ශත 20කින් පහත වැටී තිබේ.
එසේම මැදි මට්ටමේ තේ වගාබිම් මගින් 2025 මාර්තුවේදී ලැබුණු ආදායම 2025 පෙබරවාරිය හා සැසඳීමේදී රුපියල් 28.02 ක් එනම් ඩොලර් ශත 10ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.



අදහස් (0)

මාර්තුවේදී තේ අලෙවියේ වටිනාකම් ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 553 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site