IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මිනිස්සු ඇවිල්ලා ගණන් අහලා යනවා බිස්නස් ටිකක් අඩුයි

ඉලෙක්ට්‍රොනික හා ඉලෙක්ට්‍රිකල් විදුලි උපකරණ ආදියට ප්‍රධාන වශයෙන් ප්‍රසිද්ධ වන්නේ පිටකොටුවේ පළමු හරස් වීදියයි. පළමු හරස් විදියට ඕල්කොට් මාවත පිවිසෙන ඔබට මුලින්ම හමු වන්නේ විශාල ශබ්ද පරිපාලක උපකරණ සහ ඉලෙක්ට්‍රොනික බඩු බාහිරාදිය විකුණන කඩ කිහිපයකි. අලංකාර විදුලි බල්බ අලෙවි කරන අලෙවිසැල්ද පළමු හරස් වීදියේ බොහෝය. රාත්‍රී සැණකෙළියක සිරි ගන්වා ඇති අයුරින් විවිධ මාදිලියේ විදුලි බුබුළු අලවි කර‍න වෙළෙඳසලකට අපි ගොඩ වූයෙමු. මේ දිනවල බිස්නස්වල ස්වභාවය පිළිබදව මොහොමඩ් මස්ලීම් මහතා අප හා අදහස් බෙදා ගත්තේ මෙලෙසිනි.


Q: මේ දිනවල බිස්නස් කොහොමද?
බිස්නස් නම් අඩුයි ටිකක්. බිස්නස් නැත්තේමත් නෑ ඒ වුණාට, අපේ තියෙනේ ලයිට් අයිටම් නිසා උත්සව සමය කියලා නම් අපිට විශේෂයක් නෑ. වෙනදට දෙසැම්බර්වල වැඩිපුර බල්බ් වැල්, ලයිට් වර්ග විකිණෙනවා. මේ පාරනම් බිස්නස් ටිකක් අඩු වුණා. මොනවහරි ඉදිකිරීමක් කරනවා නම්, අලු‍තින් ගෙයක් හදනවා නම් තමයි අපේ ලයිට් අයිටම් ගොඩක් ඕන වෙන්නේ. සාමාන්‍යයෙන් ගෙදරකට එක ලයිට් එකක් දෙකක් ඕන වු‍ණාට අපි ළගට එන්නේ නෑ බඩු ගන්න. අනික කොළඹම විතරක් නෙමෙයි හැම තැනම මේ ලයිට් අයිටම් ගන්න තියනවා.


Q: බිස්නස් අඩුවීමට බල පෑ හේතු මොනවාද?
හැමෝම කැමැතිනේ තමන් අලු‍ත් ගෙයක් හදනාවා නම් ලස්සනට ලයිට් එහෙම දාන්න. ඒවුණාට දැන් මේ බඩුත් ටිකක් ගණන්. ඒවත් එක්ක පාරිභෝගිකයන්ට තමන්ට ආස ආස විදියට බඩු මිලදී ගන්න සල්ලි නෑ මේ ආර්ථික අපහසුතා එක්ක. මිනිස්සු ඇවිල්ලා බලලා ගණන් අහලා යනවා. මිනිස්සු ගොඩක් ලයිට් අයිටම් ගන්නේ පිටකොටුවේ පේමන්ට් එකෙන්. ඒවගේ ගණන් අඩුයි කියල තමයි කියන්නේ. අපි ඕනම ලයිට් අයිටම් එකකට වොරන්ටියක් දෙනවා. ඒක මාස 6 ක් අවුරුද්දක් හෝ ඊට වැඩි වෙන්නත් පුළුවන්. එහෙත් පිටකොටුවේ පේමන්ට් එකේ අඩුවට තියන ලයිට් අයිටම්වලට එහෙම වොරන්ටි එකක් දෙන්නේ නෑ. මිනිස්සු ගාණ අඩු නිසා ගත්තට ඒවයේ කල් පැවැත්මක් නෑ.

ශෂිකා අබේරත්න
ඡායාරූපය - ඉසුරු පෙරේරා



අදහස් (0)

මිනිස්සු ඇවිල්ලා ගණන් අහලා යනවා බිස්නස් ටිකක් අඩුයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site