
මිනැස්රෝ කොලේජ් විදුහල්පතිනි පුෂ්පා හෙට්ටිආරච්චි මහත්මිය මැලේසියාවේ බයිනරි විශ්ව විද්‍යාලයේ සහ ලින්කන් විශ්ව විද්‍යාලයේ පැවැත්වුණු මනෝ විද්‍යාව සහ උපදේශනය පිළිබඳ පුහුණු සැසියකට සහභාගී වූවාය. එම පුහුණු සැසිවලදී සිසුන්ගේ මානසික සෞඛ්‍යය ඉහළ නැංවීම සහ පාසල් පද්ධතිය තුළ උපදේශන ක්‍රියාවලිය වර්ධනය පිළිබඳව ඇය විශේෂ අධ්‍යනයක යෙදුණි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර සංඛ්‍යානය විශේෂ උපාධිය ලබා සිටින ඇය මනෝ විද්‍යාව සහ උපදේශනය පිළිබඳව බයිනරි විශ්ව විද්‍යාලය සමඟ එක් වී ඒල්පෙක් කැම්පස් පිරිනමන ඩිප්ලෝමාවක් ලබමින් සිය විශේෂඥතාව ඉහළ නංවා ගැනීමේ අරමුණෙන් මෙම පුහුණු සැසියට සහභාගී විය.
සිසුන්ට අංග සම්පූර්ණ අධ්‍යාපනයක් සැපැයීමට ඔවුන් හඳුන්වා දී ඇති වැඩසටහන් දෙස් විදෙස් වශයෙන්ද ඇගැයීමට ලක් වී තිබේ. අධ්‍යාපන විශිෂ්ටත්වය, චරිත සංවර්ධනය, ශිෂ්‍ය සුබසාධනය එම පාසලේ ප්‍රමුඛතා අතර වේ. Minasro College දේශීය සහ විදේශීය සම්මාන රැසක් දිනා තිබේ. දිනා තිබේ. මැලේසියාවේදී පැවැත්වුණු ලෝක පාසල් සම්මේලනයේදී දිනූ අංග සම්පූර්ණ අධ්‍යාපනයක් සඳහා වන විශිෂ්ටම පාසල් සම්මානය, People’s Excellency 2024 සම්මානය, Global Business Excellence 2025 සම්මාන උළෙලේදී දිනූ විශිෂ්ටම අධ්‍යාපන සේවා සපයන්නා (පෙර පාසැල් සහ ප්‍රාථමික අංශ) සම්මානය ඒ අතරින් ප්‍රධාන වේ. Minasro College පන්ති කාමරයේදී මෙන්ම ඉන් පිටතදීත් සිසුන්ට සහාය වන ආකාරයේ උසස් ප්‍රමිතිවලට අනුකූල සමබර අධ්‍යාපන රටාවක් නිර්මාණය කර ඇත. ඔවුන්ගේ තේමාව ‘Good Start, Grow Smart’ යන්නයි.

2025 දෙසැම්බර් මස 18
567
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
281
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මිනැස්රෝ කොලේජ් විදුහල්පතිනිය මැලේසියාවේ විශේෂ පුහුණුවකට
Yasith Tuesday, 05 August 2025 07:33 PM
මම ඔක්කෝටම සුබ පතනවා.