විමුක්ති එස් රුද්‍රිගු
පවතින එක් දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය ඒ ආකාරයෙන්ම නොවෙනස්ව පවත්වාගෙන යාමට මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය පෙරේදා (22) රැස්වූ අවස්ථාවේදී තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (23) ප්‍රකාශ කළේය.
ඒ අනුව එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සියයට 7.75 සීමාවේ නොවෙනස්ව පවතිනු ඇත.
දේශීය හා ගෝලීය වර්ධනයන් පිළිබඳව දැඩි ලෙස අවධානය යොමු කිරීමෙන් පසුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹි බව මහ බැංකුව සඳහන් කළේය. වත්මන් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය ඉලක්කගත සීයට 5 උද්ධමන සීමාවේ පවත්වාගෙන යමින් රටේ ආර්ථික වර්ධනයට සහාය වීමට ප්‍රමාණවත් බව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය වූ බව මහ බැංකුව සඳහන් කළේය.
අපේක්ෂා කළ පරිදි, කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ මෑත කාලීන වෙනස්වීම් මගින් තවදුරටත් අවධමන තත්වයේ ලිහිල්වීමක් පිළිබිඹු කෙරිණි. ඒ අනුව මෙම කාර්තුවේදී මෙරට උද්ධමනය ධන අගයක් කරා ළඟාවනු ඇති බවත් ඉන් පසුව ක්‍රමයෙන් සියයට 5ක ඉලක්කගත සීමාව කරා ළඟා වනු ඇති බවත් මහ බැංකුව ප්‍රකාශ කළේය.
2025 ඔක්තෝබර් මස 08
1904
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1521
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
533
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මුදල් ප්‍රතිපත්තිය වෙනස් නොවේ