මැදපෙරදිග පවත්නා මූල්‍ය අස්ථාවර භාවයත් දේශපාලන කැළඹිලිත් නිසා මේ වසරේදී එරට සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගෙන් ලැබෙන රට සල්ලි ප්‍රමාණය අඩුවිය හැකි බව විදේශ නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා කියයි.
බොරතෙල් මිල පහළ වැටීමත් එම කලාපයේ දේශපාලන උණුසුමත් නිසා මැදපෙරදිගින් ලැබෙන රට සල්ලි පහත වැටිය හැකි බව ඔහු කියයි. ගිය වසරේ මැද පෙරදිගින් ඇමරිකා ඩොලර් කෝටි 700ක් (ශ්‍රී ලංකා රුපියල් 100672) ශ්‍රී ලංකාවට ලැබිණි. එය ඊට පෙර වසරට වඩා 10%ක වැඩිවීමකි.
එහෙත් 2015 නොවැම්බර් වන විට එරටින් ගලා ආ රට සල්ලි ප්‍රමාණය 0.8%ක් විය. මේ වසරේදී ශ්‍රී ලංකාවේ ආනයන ඍජු විදේශ ආයෝජන හා රට සල්ලි ගලා ඒම මන්දගාමී විය හැකි බව ආර්ථික විද්‍යාඥයෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා හිතන්න තිබුණේ කලින් (නි)
මේවට විසදුමක් දෙන්න රට ඉන්න අපිටම පුලුවන්. (ර)
පසුගිය රජයෙන් අපේ ඉස්තාවර තැන්පතු වල ලැබෙන පොලියෙන් 3% ගසා කෑවා.මට අවරුද්දකට රුපියල් 35000 ක් අහිමි වුණා.ජනවාරි 9 වෙනිදා පත් වුන නව රජයෙන් ඒ මුදල දැන් ගසා කන්නේ නැහැ.මෙතන කට්ටිය පටලවාගෙන කියවනවා. (අ)
පසුගිය රජයෙන් අපේ ස්ථාවර තැන්පතු වල ලැබෙන පොලියෙන් 3% ගසා කෑවා.මට අවුරුද්දකට රුපියල් 35000 ක් අහිමි වුණා.ජනවාරි 9 වෙනිදා පත් වුන නව රජයෙන් ඒ මුදල දැන් ගසා කන්නේ නැහැ.මෙතන කට්ටිය පටලවාගෙන කියවනවා. (බ)
"ගිය වසරේ මැද පෙරදිගින් ඇමරිකා ඩොලර් කෝටි 700ක් (ශ්‍රී ලංකා රුපියල් 100672) ශ්‍රී ලංකාවට ලැබිණි"........ ඔය රුපියල් කෝටි 100672 ක මුදල රාජපක්ෂලාගේ එක හක්කටත් මදිනේ. (කෞ)
ඇත්ත වශයෙන්ම දැන් හුඟක් දෙනා 'උන්ඩියල්' විදියට මුදල් යවනවා. ඒක ඉතා සාර්ථකයි විශ්වාසයි. යුරෝපයේ ඉන්න ගොඩක් අය මුදල් එවන්නේ එහෙම තමා. (නි)
ඇමතිලාගේ බඩ වඩාගන්න අපෙන් ගලා එන ඩොලර් අඩු වෙනකොට හරියට හිතට අමාරුයි නේද? කවද්ද අපේ දුක බලල අපට වැඩක් කරන්නේ? රටේ මුදල් වියදම් කරලා පුහුණු කරලා රටවල් ගානේ යවල තරග පැරදිලා එන උන්ට කාර් පර්මිට් අනෙක් හැම දෙයක්ම දෙනවා (බ)
ලංකාවට ගොඩබැහැලා රේගු නිලධාරීන්ට ගුවන් බලපත්‍ර ඉදිරිපත් කළහම සමහරු අපි දිහා බලන්නේ නිකන් ගැරඬි දිහා බලන්න වගේ (නි)
ලැජ්ජා නැති සමහර දේශපාලකයෝ සැප විඳින්නේ පිටරටවල දුක්විඳින අපේ සල්ලි වලින්. ගලාඑන ප්‍රමාණය අඩුවෙනකොට දුක ඇති. (නි)
හැම කෙනාම කතා කරන්නේ වේදනාවෙන් ,, එත් මේවා ගගට කපන ඉනි වගේ,,මොනවා හරි දෙයක් කරන්න වගකිව යුත්තන්ගේ ඇස් ඇරේවා.(හේ)
හැම කෙනාම කතා කරන්නේ වේදනාවෙන් ,,(හේ)
අඩුම ගණ්නේ බදු රහිත වාහනයක්වත් අපිට ගෙන්න ගන්න දෙන්නේ නැති වුනාට (අපිට ලංකාවේ ලෙඩ්ඩු මරන්න බැහැනේ) ගුවන් තොටුපලේ ඉදල රජයේ නිකමුන්ව දල තියෙනවා අපිව හුරගෙන කන්න. (බ)
කොහොමද අපි උණ්ඩි සල්ලිවලට ගියොත් (බ)
විදෙස් ගත ශ්‍රමිකයන්ගෙන් සල්ලි පමණයි බලාපොරොත්තු වෙන්නේ ඔවුන්ට යම්කිසි සහනයක් සලසන්න කිසිම රජයකට උවමනාවක් නැහැ. සහන කියන්නේ කටවචනවලින් දෙන සහන නෙමේ (බ) ඇත්ත සහන
අපි එවන සල්ලි වලින් තමයි ඔය සියගානක ඇමති මණ්ඩලේ ලක්ෂ ගාණක වැටුප් සහ ඉන්ධන, වාහන, දුරකතන, දහස් ගාණක කුලියට සැප කන්තෝරු සේරම ලබන්නේ. අපිට අපි එවන මුදලට බදුත් ගහලා අපේ දරුවන්ට අනගතයක් ඉතිරි වෙන්නේ නැහැ. (නි)
සල්ලි ගලාගෙන එන එක ගැන නම් ගණන් හදනවා, එ්ත් අපි ගැන පොඩ්ඩක් සැලකුවොත් නේද හොඳ ? අඩුම ගණනේ වාහන සහනයක් වත් ? (බ)
මේවා මෙහෙම වෙන්න ඕනෑ මෙයාලට තේරෙන්න (නි)
ඕවා ඉතින් ඔහොම තමයි (නි)
විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් සල්ලි පමණයි බලාපොරොත්තු වෙන්නේ. ඔවුන්ට යම්කිසි සහනයක් සළසන්න කිසිම රජයකට උවමනාවක් නැහැ. සහන කියන්නේ කටවචන වලින් දෙන සහන පමණයි (නි)
රට සල්ලි ගලා ගෙන එනව කියල උජාරුවෙන් කියනවා ඒ වුනාට රට සල්ලි උපයපු පුද්ගලයන් පරණ ටීවී එකක් පරණ ඇඳුම් ටිකක් ෆ්‍රිජ් එකක් ගෙනාවොත් ඩබල් ටැක්ස් ගහන්නේ (බ)
බණ්ඩාර කියන දේ හරි. මාත් දැන් ලංකාවට සල්ලි එවන්නෙම නැහැ. මෙහෙ ගිණුමක් ඇරලා මෙහෙ දාලා තියනවා. නිකම් බොරුවට අපේ සල්ලි වලින් බදු ගෙවන්නේ මොකටද? (නි)
මමත් ඉන්නේ මැද පෙරදිග. අපෙන් සල්ලි එවනතුරු බලාඉන්නේ නැතුව ලංකාවට සල්ලි ලැබෙන වෙනත් ක්‍රම ගැන හිතන්න ඕනෑ. මෙහෙ ඉන්න මිනිස්සු දහදුක් විඳලයි සල්ලි එවන්නේ. ලොකු සැපපහසු ජීවිත කවුරුත් ගෙවන්නේ නැහැ. ඒ ගැන පොඩ්ඩක් හිතුවොත් හරි. (නි)
මමත් ඉන්නේ මැද පෙරදිග. අපෙන් සල්ලි එවනකම් බලන් ඉන්නේ නැතුව ලංකාවට සල්ලි ලැබෙන වෙනත් ක්‍රම ගැන හිතන්න ඕන. මෙහෙ ඉන්න මිනිස්සු දහදුක් වින්දලයි සල්ලි එවන්නේ. ලොකු සැප පහසු ජීවිත කවුරුත් ගෙවන්නේ නෑ. ඒ ගැන පොඩ්ඩක් හිතුවොත් හරි. (ස)
රට සල්ලිවලින් ජාමේ බේරාගෙන තත්පරෙන් අපිව අයවැයෙනුත් අමතක කරලා ඒ මදිවාට අපි එවපු සල්ලි බැංකුවෙන් ගන්නකොට බදු ගහන්නත් තිරනය කරලා යමපාලනයෙන්. මේ පාලනය එනකොට රියල් 34යි. දැන් අවුරුද්දට 39.40යි. අපි ගෙදර වියදමට හැර සල්ලි එවන්නෙම නැහැ. මේ පාලනය ඉවර වෙනකොට රියලට රුපියල් 70කි විතර වෙයි. අපි අපේ සල්ලි පිටරට බැංකු වලම තියනවා අපේ සල්ලි වලට බදු ගැහීම නතර කරනකම්ම. (ස)
අපි එවන සල්ලි ගැන කියෙව්වට අපි ගැන බලන්න කවුරුවත් නැහැ. අපි මෙහෙ ඉඳන් සල්ලි හමබකරලා ලංකාවට එවන්නේ මෙහෙ සුර සැප විදලා නෙවෙයි. ගොඩක් අය තමන්ගේ අඹු දරුවෝ දාල ඇවිත් මෙහෙ දුක් විදින්නේ. එකට කිසිම රජයකින් සහනයක් නැහැ. ගොඩක් අයට මේ ගැන ගානක් නැත්තේ අපි සල්ලි එවන්නේ කාගෙවත් එකවුන්ට් එකකට නොවන නිසා වෙන්න ඇති. නමුත් අපි එවන සල්ලි ලංකාවේ ආර්ථිකයට එකතුවී ආර්ථිකය නගා සිටුවන්න ලොකු සේවයක් කරනවා. එවන සල්ලි අඩුවෙනවා පේනකොට තමයි කට්ටියට රත් වෙලා තියෙන්නේ. (ස)
හැම ආණ්ඩුවක්ම කළේ රට ඉන්න අපේ සල්ලි වලට ගණන් හදපු එක පමණි. අයවැයෙන් බොරුවට කියනවා විශ්‍රාම වැටුප් ගැන. කෝ අද වෙනතුරු කිසිම සහනයක් නැහැ, මැදපෙරදිග දුක්විඳින අපට ලැජ්ජා නැතුව තව රට සල්ලි වලට ගණන් හදනවා. (නි)
හැම ආණ්ඩුවක්ම කළේ රට ඉන්න අපේ සල්ලි වලට ගණන් හදපු එක පමණි. අය වැයෙන් බොරුවට කියනවා විශ්‍රාම වැටුප් ගැන කෝ අද වෙනකම් කිසිම සහනයක් නැහැ මැදපෙරදිග දුක් විඳින අපට.ලජ්ජා නැතිව තව රට සල්ලි වලට ගණන් හදනවා. (බ)
ගරු ඇමතිතුමනි,මේ සල්ලි ඉබේට ගලාගෙන ලංකාවට එන්නේ නැහැ. අපේ සහෝදර සහෝදරියන් බොහොම දුක්විඳලා ගන්න මුදල්. ඔබ දන්නවද එම මුදල් වලින් කීයද රටේ දියුණුවට යොදවන්නේ කියලා? ජනතාවට කියන්න ,මෙපමණ සල්ලි සොයා එවන අයට මොනවාද දී තිබෙන පහසුකම්? (නි)
ශාන්ත කටාර් කියන එක හරි (නි)