IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මෑත කාලයේ අඩුම දෛනික පිරිවැටුම වාර්තා වේ.

ඊයේ දිනය අවසානයේ දී කොළඹ කොටස් වෙළෙද පොළ ගනුදෙනු නැවතත් රතු පැහැයට හැරිණ. තියුණු පසුබෑමක් වාර්තා කළේය. සියලු කොටස් මිල දර්ශකය 15,11.36 ක් වූ අතර එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 142.65 ක පසුබැසීමකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,749.69 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 66.41 ක පහළ යාමක් වේ.

කලින් දිනයට සාපේක්ෂව තව දුරටත් පිරිවැටුම අඩු වූ අතර එය රු. බිලියන 4.12 කට සීමා වී තිබුණි. මෙදින ගනුදෙනු 24,944 ක් සිදුවී තිබේ. කලින් දිනයේ ගනුදෙනුවල මිලට සාපේක්ෂව සමාගම් 165 ක කොටස් මිල පහත වැටිණි. සමාගම් 72 ක කොටස් මිල ඉහළ ගියේය. රු මිලියන 427 ක ජොන් කීල්ස් කොටස් හුවමාරු වූ අතර රු. මිලියන 263 ක බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් කොටස් විකිණී තිබුණි. 

වැඩිම පිරිවැටුමක් සඳහා දායක වූ කොටස් හිමි සමාගම් අතර එල්. බී. ෆයිනෑන්ස් රු. මිලියන 233 ක්,  ආර්. අයි, එල්. ප්‍රොපටි රු. මිලියන 222 ක හා ඩිජිටල් මොබයිල් රු. මිලියන 160 ක කොටස් ඒ අතර විය. බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්, ජෝන් කීල්ස්, ආර්. අයි, එල්. ප්‍රොපටි, සම්පත් බැංකුව සහ එච්.ඩී.එෆ්.සී බැංකුව යන කොටස් වැඩිම කොටස් ප්‍රමාණයක් හුවමාරු විය. නේෂන්න ලංකා, ඉන්ඩ්‍රස්ට්‍රියල් ඇස්පගල්ස්, එස්.එම්.බී. ලීසිං, යූ.බී. ෆිනෑන්ස්, සමාගම්වල කොටස් වැඩිම ප්‍රතිශතයකින් ඉහළ ගිය අතර සෙංකඩගල ෆිනෑන්ස්, නවලෝක, මිලෙනියම් හවුස්, මයිලෑන්ඞ්, කොළඹ ඉන්වෙස්ට්මන්, සහ සී. ටී. ලෑන්ඩ් කොටස් වැඩිම ප්‍රතිශතයකින් පහතට වැටුණ සමාගම් අතර වේ. 

ඒ.සී.එල්. ප්ලාස්ටික් කොටස් ගනුදෙනු සුළු මොහොතකට තාවකාලිකව නතර කර තිබුණ අතර වෙළෙඳ පොළ නිර්නායක අනුව අනාවරණ සඳහා අසමත්වීම හේතුවූ බව දැක්වේ. කෙසේ වෙතත් ඊයේ ගනුදෙනු සඳහා නැවත ඉඩ දීමෙන් පසු කොටසක මිල රු. 594 දක්වා රු. හතළිස් දෙකකින් පමණ දිනයේ ගනුදෙනු අතර පහත වැටිණ. අද සිකුරාදා දිනයේ ගනුදෙනු අවසන් කිරීමෙන් පසු සඳුදා හා අඟහරුවාදා දෙදින වෙළෙඳ පොළ නිවාඩු ප්‍රකාශයට පත්ව ඇත. සිකුරාදා දිනයේ ගනුදෙනු සීමා විය හැකි අතර නැවත වෙළෙඳ පොළ ලබන සතියේ ආරම්භවීමෙන් පසු යුහුසුළුවීමක් අපේක්ෂා කළ හැකිය. මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතාගේ වාණිජ බැංකුවල තැන්පත් දිරිමත් කරන ක්‍රියාමාර්ග ගැනීමට උපදෙස් සපයා ඇති අතර අඩු පොලී අනුපාත තිබිය දී පවා ආර්ථික දියුණුව අරමුණු කරගෙන තැන්පත් වර්ධනය කරගැනීමේ අවශ්‍යතාවක් පවතින බව පෙන්වා දී ඇත. කොටස් වෙළඳපොළ වර්ධනය පවා වාණිජ බැංකු තැන්පත් ආකර්ශණය කරගැනීමට හරවා ගැනීම සුදුසු තත්වයක් බව දක්වා තිබේ. 

මේ අතර ජාත්‍යන්තර වෙළෙඳ පොළේ බොරතෙල් මිල ගණන් සති තුනක කාලයක් ඇතුළත ඉහළම මිලට ගොස් තිබේ. බැරලයක බ්‍රෙන්ට් මිල ඇමරිකානු ඩොලර් 77.32 කි. ලෝක වෙළෙද පොළ සැපයුම සීමාසහිතවීම මෙම මිල ඉහළ නැගීමට හේතුව සේ දැක්වේ. මෙම ස්වභාවය මෙරට ආර්ථිකයට ඉදිරියේ දී බලපෑමක් එල්ල කරනු ඇතැයි සැලකිය හැකිය.

නිරීක්ෂක



අදහස් (0)

මෑත කාලයේ අඩුම දෛනික පිරිවැටුම වාර්තා වේ.

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site