ටොයෝටා ප්‍රීමියෝ, ඇලියන් සහ හොන්ඩා වෙසල් මෝටර් රථවල මිල නොවැම්බර් 1 වැනිදා සිට ඉහළ ගොස් ඇතැයි වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති දිනේෂ් සේනානායක පවසයි.
ඒ අනුව එම රථ රුපියල් දෙලක්ෂ විසි දහසේ සිට ලක්ෂ හතර දක්වා වැඩිවී ඇති බවත් ඊට හේතුව ඒවායෙහි තීරු බදු වටිනාකම ඉහළ යාම බවද ඔහු කියයි.
ටොයෝටා ප්‍රීමියෝ මෝටර් රථයේ නව තීරු බද්ද රුපියල් 3,84,027ක් බව ද ඇලියන් රථයක් සඳහා 3,62570 ක තීරු බද්දක් ද හොන්ඩා වෙසල් රථයකට රුපියල් 2,20,222ක තීරු බද්දක් ද ගෙවීමට සිදුව ඇතැයි ඔහු සඳහන් කරයි.
රේගු මාධ්‍ය ප්‍රකාශක ධර්මසේන කහඳව මහතා සඳහන් කළේ වාහනයේ තක්සේරු වටිනාකම රේගුව විසින් ඉහළ දමා නැති බවත් එම වාහන නිෂ්පාදන ආයතන ඒවායේ පහසුකම් වැඩිකර 2017 නවීකරණය කළ වාහන සඳහා මිල වැඩි කර ඇති බවයි. ඒ අනුව ඒවායේ නව මිල එම ආයතනවල වෙබ් අඩවිවල සඳහන්ව ඇති බවත් ඒ අනුව ශ්‍රී ලංකා රේගුව එම වාහනවල නව වටිනාකම් අනුව මෙම මිල වැඩිකිරීම සිදු කර ඇති බවත්ය.
මෙය හදිසියේ ගත් තීරණයක් නොවන බවත් රජය පසුගියදා ඉදිරිපත් කළ ගැසට් නිවේදනයක් මගින් මෙම මිල වැඩිවීම සිදුකළ බවත් කහඳව මහතා කියයි.
2025 දෙසැම්බර් මස 04
266
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
404
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
388
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මෝටර් රථ කිහිපයක මිල ඉහළට