IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


මේ වසරේ රජයේ වියදම් සීමාවෙලා

බදු මුදල් වියදම් කිරීමේදී සෑම රුපියලකටම නිසි වටිනාකමක් ලැබෙන බවට සහතික කළ යුතුයි
නීතිමය වියදම් සීමාව දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 13 ක් 
අයවැයෙන් සමාජ ආරක්ෂණය සඳහා රුපියල් බිලියන 749 ක්
ශ්‍රී ලංකාව ආර්ථිකය ස්ථාවර කිරීමේ සිට ආර්ථිකය වර්ධනය කිරීම දක්වා ගමන් කරන බවට හොඳ සාක්ෂියක්
 අයවැය සඳහා අවශ්‍ය අරමුදල් වැඩි ප්‍රමාණයක් වාහන ආනයනය හා සම්බන්ධ බදුවලින් උපයා ගැනීමේ අපේක්ෂාවක්
රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15.1 ක අවශ්‍යතාව සපුරා ගැනීමට හැකිවනු ඇතැයි විශ්වාසයක්


විමුක්ති එස් රුද්‍රිගු


භාණ්ඩාගාරයට මුදල් ගලා ඒම සීමාවීම සහ ප්‍රාථමික වියදම් සීමාව දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 13 ක් වියයුතු බවට 2024 අංක 44 දරන මූල්‍ය කළමනාකරණ පනත මගින් පනවා ඇති නීතිමය සීමාව හේතුවෙන් මෙම වසරේ රජයේ වියදම් සීමාවී තිබෙන බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ සහ භාණ්ඩාගාරයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ඊයේ (18) කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැති සමුළුවකදී ප්‍රකාශ කළේය.

වෙහෙස මහන්සිවී වැඩකර ශ්‍රී ලාංකිකයන් ගෙවන බදු මුදල්වලින් උපයාගත් සීමිත අදායමක් රජය සතු බවත් ඒ හේතුවෙන් එම මුදල් වියදම් කිරීමේදී ඉතාමත් සැලකිල්ලෙන් කළ යුතු බවත් එහිදී භාණ්ඩාගාර ලේකම්වරයා පැවැසුවේය. ජනතාවගේ බදු මුදල් වියදම් කිරීමේදී සෑම රුපියලකටම නිසි වටිනාකමක් ලැබෙන බවට සහතික කළ යුතු බවද ඔහු ප්‍රකාශ කළේය.
මෙම සන්දර්භය තුළ, දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 13 ක් වූ නීතිමය වියදම් සීමාව නාස්තිය අවම කරමින් පරෙස්සමෙන් ක්‍රියාත්මක කළහොත් සැලකිය යුතු වටිනාකමක් ලබා ගැනීමට එය භාවිත කළහැකි බවද භාණ්ඩාගාරලේකම්වරයා පැවැසුවේය.

රජයට ඇති මූල්‍ය සීමා සැලකිල්ලට ගනිමින් ලබාදුන් ජනවරමට අනුකූල වන පරිදි නව රජය මෙරට ප්‍රධාන ප්‍රමුඛතා ක්ෂේත්‍ර සඳහා සැලකිය යුතු සම්පත් ප්‍රමාණයක් වෙන්කර තිබෙන බව භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ප්‍රකාශ කළේය. මෙවර අයවැයෙන් සමාජ ආරක්ෂණය සඳහා රුපියල් බිලියන 749 ක මුදලක් වෙන්කර තිබෙන බවත් ඉන් අස්වැසුම වෙනුවෙන් වෙන්කර ඇති මුදල් ප්‍රමාණය ඉහළ දමා ඇති බවත් ඔහු පැවැසුවේය.

එසේම මහජන සෞඛ්‍ය සේවා සඳහා රුපියල් බිලියන 604 ක් වෙන්කර තිබෙන බවත් අධ්‍යාපනය සඳහා රුපියල් බිලියන 619 ක් වෙන්කර තිබෙන බවත් භාණ්ඩාගාර ලේකම්වරයා ප්‍රකාශ කළේය. ළමයින්ගේ පෝෂණය, පෙර පාසල් අධ්‍යාපනය සහ ළමා සංවර්ධනය සඳහා අවධානය යොමු කළ යුතු අනෙකුත් ක්ෂේත්‍ර පිළිබඳ වැඩි අවධානයක් යොමු කරමින් රුපියල් බිලියන 619 ක මුදල අධ්‍යාපනය සඳහා වෙන්කර ඇති බවද මහින්ද සිරිවර්ධන මහතා පැවැසුවේය.

තවද මෙවර අයවැයෙන් රුපියල් බිලියන 483 ක මුදලක් පොදු ප්‍රවාහනය සහ ප්‍රවාහනය සම්බන්ධ යටිතල පහසුකම් වෙනුවෙන් වෙන්කර තිබෙන බවත් එය මෙරට ජනතාවගේ ජීවන තත්වය ඉහළ දැමීම සඳහා අත්‍යාවශ්‍ය අංශයක් බවත් භාණ්ඩාගාර ලේකම්වරයා ප්‍රකාශ කළේය.

ප්‍රාග්ධන වියදම් සඳහා මෙවර අයවැයෙන් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4 වෙන්කර ඇති බවත් පසුගිය වසරේ ප්‍රාග්ධන වියදම් සඳහා වෙන්කර තිබුණේ සියයට 2.7 ක ප්‍රමාණයක් බවත් මහින්ද සිරිවර්ධන මහතා පෙන්වා දුන්නේය. එය ශ්‍රී ලංකාව ආර්ථිකය ස්ථාවර කිරීමේ සිට ආර්ථිකය වර්ධනය කිරීම දක්වා ගමන් කරන බවට හොඳ සාක්ෂියක් බව ඔහු ප්‍රකාශ කළේය.

මෙවර අයවැය සඳහා අවශ්‍ය අරමුදල් වැඩි ප්‍රමාණයක් වාහන ආනයනය හා සම්බන්ධ බදු වලින් උපයා ගැනීමට රජය බලාපොරොත්තු වන බව භාණ්ඩාගාර ලේකම්වරයා ප්‍රකාශ කළේය. වාහන ආනයනය හා සම්බන්ධ බදුවලින් මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1 ක් උපයා ගැනීමට රජය අදහස් කර තිබෙන බව සිරිවර්ධන මහතා පැවැසුවේය.

රජයේ සියලු‍ ආදායම් උපයා ගැනීමේ මාර්ග මේ වනවිටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමග සාකච්ඡා කර තිබෙන බවද ඔහු ප්‍රකාශ කළේය. මෙම අයවැයේ ප්‍රධාන අරමුණ මෙරට ආර්ථිකය යථා තත්වයට පත් කිරීම මෙන්ම ආර්ථික වර්ධනය බවත් බදු සහන සහ බදු නිදහස් කිරීම් ලබාදී එම අරමුණ ඉෂ්ඨ කරගත නොහැකි බවත් ඔහු පැවැසුවේය.

මෙම මූල්‍ය ප්‍රතිපත්තිය මගින් රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15.1 ක අවශ්‍යතාව සපුරා ගැනීමට හැකියාව ලැබුණු ඇතැයි විශ්වාසයක් පවතින බවද සිරිවර්ධන මහතා ප්‍රකාශ කළේය. මෙම අයවැයේ තවත් එක් වැදගත් කරුණක් වන්නේ මෙවර අයවැයෙන් රජයේ මූල්‍ය ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් වැඩි ප්‍රමාණයක් අනාවරණය කර තිබීම බව සිරිවර්ධන මහතා පැවැසුවේය.

පසුගිය අයවැයේ ප්‍රාථමික අයවැය ශේෂ කාර්ය සාධනය මෙම අවස්ථාවේදී බදු අඩුකිරීම සඳහා ඉඩක් ලබා නොදෙන බවද ඔහු ප්‍රකාශ කළේය. 2022 වසරේදී මෙරට උද්ධමනය සියයට 70 ක් දක්වා ඉහළ ගිය අවස්ථාවේ උද්ධමනය පහළට ගෙන ඒම සඳහා පොලී අනුපාත ඉහළ දැමීමට සිදුවූ බවත් රජයේ ණය ගැනීමේ පිරිවැය සැලකිය යුතු ලෙස වැඩිවූ බවත් භාණ්ඩාගාර ලේකම්වරයා පැවැසුවේය.

2024 වසරේ මූලික මූල්‍ය දත්ත අනුව දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 9 ක පමණ ඉහළ පොලී පිරිවැයක් දැරීමට සිදුව තිබෙන බවද මහින්ද සිරිවර්ධන මහතා ප්‍රකාශ කළේය.



අදහස් (0)

මේ වසරේ රජයේ වියදම් සීමාවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

දිගුකාලීන ආර්ථික වර්ධනයකට අඛණ්ඩව ප්‍රතිසංස්කරණ අවශ්‍යයි
2025 මැයි මස 06 54 0

කලාපීය ආර්ථිකය ශක්තිමත් ස්ථානයක සිට තවත් ඉදිරියට ගමන් කරමින් සිටියත් ඉදිරියේදී ඇතිවිය හැකි අවිනිශ්චිතා බොහෝයි වත්මන් තත්වය පිළිබඳව කලාපයට සෑහීමකට


ලංකාවේ ආයෝජනයට වියට්නාමයේ වින්ගෲප් සමූහයට ජනපතිගෙන් ඇරියුම්
2025 මැයි මස 06 96 0

වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ වින්ගෲප් (Vingroup) සමූහ ව්‍යාපාරයේ ඉහළ කළමනාකාරීත්වය හමුවී සාකච්ඡා පැවැත්වී


අප්‍රේල් මාසයේදී මහ බැංකුව ඩො.මි. 160 ක් මිලට අරන්
2025 මැයි මස 06 142 0

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය අප්‍රේල් මාසයේදී මෙරට මූල්‍ය වෙළෙඳපොළෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 160 ක ඩොලර් ප්‍රමාණයක් මිලදී ගෙන ඇතැයි නවතම දත්ත වාර්තා පෙ


කොටස් ගනුදෙනු අද පැය තුනකට පමණයි
2025 මැයි මස 06 23 0

අද (06) දිනයේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය හේතුවෙන් කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු පැය තුනකට සීමා වන බව එම හුවමාරුව පවසයි. ඒ අනුව පෙරවරු 9.30ට ආරම්භ කෙරෙන


එමිරේට්ස් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමග හවුල්කාරීත්වය දීර්ඝ කරයි
2025 මැයි මස 06 29 0

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය තවදුරටත් සංවර්ධනය කිරීම අරමුණු කරගනිමින් එමිරේට්ස් හා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) ඔවුන්ගේ හවුල්කාරීත්ව


හේලීස් රු.බි. 7ක ණයකර නිකුතුවට අධිදායකත්වයක්
2025 මැයි මස 06 24 0

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හේලීස් පීඑල්සී සමාගම රුපියල් බිලියන 7ක් රැස් කරගැනීම සඳහා සිදු කළ ණයකර නිකුතුවට අධි දායකත්වයක් හිමි වූ බව පවසයි. ඊයේ (05)


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1019 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 249 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1293 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site