IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මේ වෙද්දී යම් මට්ටමකින් බිස්නස් අඩුවෙලා

පළමු හරස් වීදීයේ ලංකා විෂන් ආයතනයේ ව්‍යාපාරික මොහොමඩ් ජින්නා


වෙනස් වන ව්‍යාපාරික ලෝකයේ තතු සොයා බැලීමට මෙවර අප ගියේ පාරිභෝගික පැමිණීම බහුල ප්‍රදේශයක් වන පිටකොටුව ව්‍යාපාරික කලාපයටයි. එහිදී පළමු හරස් වීදීයේ පිහිටි සීසීටීවී කැමරා උපාංග අලෙවිසලක් වන ලංකා විෂන් වෙළෙඳ ආයතනයේ ව්‍යාපාරික මොහොමඩ් ජින්නා මේ දිනවල බිස්නස් සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසකි.

මේ දිනවල බිස්නස් කොහොමද?
අවුරුද්දේ මුලදී තිබුණාට වඩා මේ වෙද්දී යම් මට්ටමකින් බිස්නස් අඩුවෙලා තියනවා. මෙතන අපි විකුණන්නේ සීසීටීවි කැමරා උපාංග පාරිභෝගිකයන් ඉල්ලන අඩු මිලට භාණ්ඩ ලබාදීමේ හැකියාවක් අපට නැති නිසා  බිස්නස් අඩු වෙලා තියනවා.


බිස්නස් අඩු වීමට බලපෑ හේතූ මොනවාද?
මේ දිනවල නම් බිස්නස් අඩු වීමට මූලිකවම බලපාන්නේ පළමු හරස් වීදියේ පසුගියදා ඇති වු ගිනි ගැනීමයි. ඒත් සමග පාරිභෝගික පැමිණීම වෙනදාට සාපේක්ෂව අඩු වෙලා තියනවා. ඊට අමතරව සීසීටීවී වැනි කැමරා උපාංගවලට විශේෂ සීසන් එකක් නැති නිසා බිස්නස්වල ලොකු වර්ධනයක් සිදු වන්නේ නැහැ. අපි මේ උපාංග මිලදී ගන්නේ  ලංකාවේ ඇති කර්මාන්තශාලාවකින් නිසා විශාල ලාබයක් ලබා ගැනීම අපහසුයි. වෙළෙඳසලේ සේවය කරන සේවකයන්ගේ වැටුප් ලබා දීමෙන් පසුව ඉතිරි මුදලෙන් අපට කඩ කුලිය ගෙවීමටත් අමාරු මාස තියනවා. මේ දිනවල පාරිභෝගිකයන් අතේ මුදල් ගැවසෙන ප්‍රමාණය අඩු වීමත් බිස්නස් අඩු වීමට බලපානවා. සාමාන්‍ය මිනිස්සු සීසීටීවි වැනි උපාංග මිලදී නොගැනීමත් මිලදී ගන්නා පාරිභෝගිකයන් ප්‍රසිද්ධ වෙළෙඳසල් වෙතට යොමුවීමත් අපේ බිස්නස් අඩු වීමට බලපෑමක් ඇතිකරනවා. ඉදිරියේදී නව වසරේ ආරම්භයත් සමග බිස්නස් වැඩිවෙයි කියලා අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා.


චතුමාලී විජේරත්න
ඡායාරූප - ඉසුරු පෙරේරා



අදහස් (0)

මේ වෙද්දී යම් මට්ටමකින් බිස්නස් අඩුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site