IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මේ දවස්වල බිස්නස් හොඳටම අඩුයි

රත්තරන් කියන්නෙ ලෝකයේ බහුතරයක් දෙනා ආස කරන, ආසාවෙන් එක්රැස් කරන ලෝහ වර්ගයකි. තමන්ගේ පෙනුම මෙන්ම බලය වැඩි කරගන්නත් මේ රත්තරන් උපයෝගී කර ගනු ලබයි. ලෝකයේ පවතින වටිනාම ලෝහ අතරින් එකක් ලෙස රත්තරන් හඳුනාගත හැකිය. එමෙන්ම ආභරණ නිෂ්පාදනය අතින් ඉදිරියෙන්ම පවතින ලෝහයක් ලෙසත් රත්තරන් හඳුනාගත හැකිය. එහෙයින් කෙතරම් මිල ඉහළ ගියත් රත්තරන් සඳහා පවතින ඉල්ලු‍ම නම් ලේසියෙන් අඩු නොවේ. මේ දිනවල රත්තරන් වෙ​ෙළදාම පිළිබඳව දැනගැනීමට අප දෙහිවල වෙත ගියෙමු. දෙහිවල ආදීශ් ස්වර්ණාභරණ වෙළෙඳසලේ හිමිකරු වූ වෙලායුදම් විපුලානන්ද මහතා අප සමග අදහස් බෙදා ගත්තේ මෙලෙසිනි.

Q මේ දිනවල වෙළෙඳාම කොහොමද?

මම අවුරුදු 20 වගේ ඉඳන් දෙහිවල බිස්නස්  කරන්නේ. මේ දවස්වල බිස්නස් ගැන කියනවානම් බිස්නස් හොඳටම අඩුයි. ගිය අවුරුද්දේ මේ අවුරුද්දට වඩා බිස්නස් තිබ්බා මාර්තු අප්‍රේල් මාසවල. මේ පාරනම් බිස්නස් තිබ්බෙම නෑ. කලින් අවුරුදුවල මැයි, ජුනි වගේ මංගල උත්සව වැඩි මාසවල කඩේ පිරෙන්න පාරිභෝගිකයෝ ඉන්නවා. දැන් ඔයාලට වුනත් පේනවනේ කවුරුත්ම එන්නෙ නෑ. දවසට එක්කෙනෙක්වත් එන්නෙ නැති දවස් තියනවා.

Q වෙ​ෙළදාම අඩුවීමට හෝ වැඩිවීමට බල පෑ හේතු මොනවාද?

බිස්නස් අඩු වෙන්න බලපාන ප්‍රධාන හේතු දෙකයි. එකක් තමයි මිනිස්සු ළඟ සල්ලි නෑ. මේ දවස්වල තියන ආර්ථික තත්වෙත් එක්ක මිනිස්සුන්ගේ ජීවන වියදම වැඩියි. මිනිසුන්ට කන්න බොන්නත් ලොකු වියදමක් යනවා. රත්තරන් කියන්නේ අමතර වියදමක් නිසා කොහොමත් රත්තරන් මිලදී ගන්නවා අඩුයි. මොකද ජීවත් වෙන්න නම් කන බොන දේට මුල් තැන දෙන්න ඕනනේ. ඒ මූලික වියදම්වලට අමතරව තමයි කවුරුහරි රත්තරන් මිලදී ගන්නේ. අනිත් හේතුව තමයි රත්තරන්වල අධික මිල. කැරට් 22 රත්තරන් පවුමක් රුපියල් 238500 ක් වෙනවා. කැරට් 24 රත්තරන් පවුමක් රුපියල් 260000 ක් වෙනවා. මේ ගණන් වෙන්නේ රත්තරන් මිල විතරයි. මේකට තව හැදුම් කුලියකුත් එකතු වෙනවා. මෙච්චර ගාණක් දීලා රත්තරන් මිලදී ගන්න මිනිස්සුන්ට වත්කමක් නෑ. ඔය හේතු නිසා තමයි අපිට බිස්නස් අඩු වෙන්නේ.

ශෂිකා අබේරත්න
ඡායාරූප: ඉසුරු පෙ​ෙර්රා



අදහස් (0)

මේ දවස්වල බිස්නස් හොඳටම අඩුයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site