IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


මේ දවස්වල බිස්නස් ගොඩක් අඩුයි

දෙහිවල ඩයමන්ඩ් ගෝල්ඩ් හවුස්හි අලෙවිකරු 
රිෆාස් වසීම්

 

රත්රන් කියන්නෙ ලෝකයේ බහුතරයක් දෙනා ආදරය කරන, ආසාවෙන් එක්රැස් කරන ලෝහ වර්ගයකි. තමන්ගේ පෙනුම මෙන්ම බලය වැඩි කරගන්නත් මේ රත්තරන් උපයෝගී කර ගනී. ලෝකයේ තිබෙන වටිනාම ලෝහ අතරින් එකක් ලෙස රත්තරන් හඳුනාගත හැකිය. එමෙන්ම ආභරණ නිෂ්පාදනය අතින් ඉදිරියෙන්ම පවතින ලෝහයක් ලෙසත් රත්රන් හඳුනාගත හැකිය. ඒ නිසාම කොයි තරම් මිල ඉහළ ගියත් රත්රන්වලට තිබෙන ඉල්ලු‍මනම් ලේසියෙන් අඩුවෙනවා දකින්න ලැබෙන්නෙ නැත. රත්තරන් වෙළෙඳාමේ වත්මන් ස්වරූපය දැන ගැනීමට අප ගොඩ වූයේ දෙහිවල ඩයමන්ඩ් ගෝල්ඩ් හවුස් වෙතයි. එහි අලෙවිකරුවකු වූ රිෆාස් වසීම් මහතා මේ දිනවල බිස්නස් පිළිබඳව අදහස් දැක්වූයේ මෙලෙසය.

Q මේ දිනවල බිස්නස් කොහොමද?

මේ දවස්වල බිස්නස් ගොඩක් අඩුයි. ගිය අවුරුද්දට සාපේක්ෂව බලද්දිත් මේ අවුරුද්දේ බිස්නස් අඩුයි. මැයි මාසේ කියන්නේ නැකත් මාසයක් නිසා විවාහ මංගල උත්සව වැඩියෙන්ම තියෙන්නේ මැයි මාසයේ. ඒ නිසා ඒ කාලෙට අපිටත් බිස්නස් තිබ්බා. කර මාල මුදු ගන්න කොයි කවුරුත් වගේ එනවනේ. ඒවුණාට දැන් එහෙම මැයි මාසෙත් බිස්නස් නෑ. මිනිස්සු දැන් විවාහ උත්සවවලටත් රත්රන් බඩු ගන්නේ නෑ. ගත්තත් මුදු විතරයි. ඒකත් හරිම අඩු පවුම් ගාණකින් ගන්නේ. 

Q බිස්නස් අඩුවීමට බල පෑ හේතු මොනවාද?

බිස්නස් අඩු වෙන්න ප්‍රධානම හේතුව තමයි රත්තරන් මිල වැඩි එක. කැරට් 22 රත්රන් පවුමක් රුපියල් 238500 ක් වෙනවා. කැරට් 24 ‍රත්රන් පවුමක් රුපියල් 260000 ක් වෙනවා. මේ ගණන් වෙන්නේ රත්රන් මිල විතරයි. මේකට තව හැදුම් කුලියකුත් එකතු වෙනවා. මෙච්චර ගාණක් දීලා රත්රන් මිලදී ගන්න මිනිස්සුන්ට වත්කමක් නෑ.

මනුස්සයකුට රත්රන් මිලදී ගන්න පුළුවන් මිලකට අඩු වෙන්න ඕන. එහෙම වුණොත් තමයි අපිට වෙළෙඳාමක් කරගන්න පුළුවන් වෙන්නේ. මිනිස්සු ඉන්නේ ආර්ථික අපහසුතා මැද. කන්න බොන්න බඩු ටික ගන්නත් අමාරු කාලේ රත්රන් ගන්න මිනිස්සු එන්නේ නෑ තියන රත්රන් බඩුත් උකස් තියනවා ඇරෙන්න. මිනිස්සු ඇවිල්ලා ගණන් අහල ආපහු යන එක සාධාරණයි. සාමාන්‍යයෙන් දෙසැම්බර් මාසේ තමයි රත්රන් මිල වෙනස් වෙන්නේ. දැන් එහෙම නෑ. අඩු වෙනවා වැඩි වෙනවා සැරින් සැරේට ඒකට කාලයක් නෑ. 

ශෂිකා අබේරත්න
ඡායාරූප- ඉසුරු පෙරේරා

 



අදහස් (0)

මේ දවස්වල බිස්නස් ගොඩක් අඩුයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 718 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17958 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 769 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site