IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


මේ දවස්වල බිස්නස් අඩුයි


මිල ගණන් අඩු වුණත් මේ දවස්වල පාරිභෝගිකයන් වෙළෙන්ඳන් භාණ්ඩ ගන්න නොපැමිණීම නිසා බිස්නස් අඩුවෙලා තියෙන්නේ. උත්සව සමයත් එක්ක යම් වර්ධනයක් වෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා.


ප්‍රධාන වීදියේ S.T.R  රෙදිපිළි ආයතනයේ
ආර්.ජෙයරාජ්


 

වෙනත් වෙළෙඳ නගරයකින් සොයා ගැනීමට නොහැකි භාණ්ඩයක් සොයා ගන්නටත්, භාණ්ඩයක් අඩු මිලකට ගන්නටත් යා යුත්තේ කොළඹ කොටුවට බව පාරිභෝගිකයාට ඒත්තු ගැන්වී තිබෙනුයේ වෙළෙඳ නගරයේ ආරම්භයේ සිටම ය. පාරිභෝගික අවශ්‍යතාවලට සරිලන පරිදි භාණ්ඩ මිලදී ගැනීමට විශාල ප්‍රදේශයක් පුරා පැතිරුණු පිටකොටුව වෙළෙඳ ක්‍රියාකාරකම්වල කේන්ද්‍රස්ථානයක් වශයෙන් ද සැලකිය හැකිය. 

ළඟ ළඟම එන උත්සව සමයත් සමඟ කොළඹ කොටුවේ ව්‍යාපාරිකයන්ගේ සූදානම කෙබඳු ද යන්නත් මේ දිනවල බිස්නස්වල තතු සොයා බැලීමට ගිය ගමනේ දී ඇතැම් වෙළෙඳසැල් ඉතාමත් පාළු ස්වභාවයක් ගෙන තිබෙනු දක්නට ලැබුණි. එයට හේතු රාශියක් තිබෙන්නට පුළුවන. 

මේ දිනවල බිස්නස් සම්බන්ධයෙන් ප්‍රධාන වීදියේ S.T.R. රෙදිපිළි ආයතනයේ ආර්.ජෙයරාජ් මහතා දැක්වූයේ මෙවන් අදහසකි.

Q: මේ දවස්වල බිස්නස් කොහොමද?

මේ දවස්වල බිස්නස් අඩුයි. මේ දවස්වල භාණ්ඩ ගන්න පාරිභෝගිකයකු පැමිණෙන්නේ ඉතාමත් කලාතුරකින්. අවුරුදු සීසන් එකත්, රාමසාන් එක්ක බිස්නස් එකක් ඇතිවෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒත් සාධනීය වෙනසක් සිදුවෙයි කියලා හිතන්න අමාරුයි.

Q බිස්නස් අඩුවීමට බලපෑ හේතු මොනවාද?

අපි ප්‍රධාන වශයෙන් තොඟ සහ සිල්ලර කියන දෙයංශයෙන්ම රෙදිපිළි අලෙවිකරනවා. මේ වෙද්දී වෙළෙඳපොළේ පවතින රෙදිපිළි පැවතුණ මිල ගණන් යටතේම තමයි තියෙන්නේ. මිල ගණන් අඩු වුණත් මේ දවස්වල පාරිභෝගිකයන් වෙළෙන්ඳන් භාණ්ඩ ගන්න නොපැමිණීම නිසා බිස්නස් අඩුවෙලා තියෙන්නේ. උත්සව සමයත් එක්ක යම් වර්ධනයක් වෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා. එහෙත් භාණ්වල මිල ගණන් වැඩි වුණොත් සාධනීය වෙනසක් ලබාගන්න බැරිවෙයි. අපි ඉන්දියාවෙන් තමයි රෙදිපිළි ආනයනය කරන්නේ. මේ වෙද්දී කලින් ආනයනය කළ රෙදිපිළි තොග වශයෙන් ගබඩා කරලා තියෙන්නේ. 

හැමෝම මේ වෙද්දී දන්නවා ආනයනික භාණ්ඩ තොග රේගුවෙන් නිදහස් කරගැනීමේ ගැටලු‍වක් තියෙනවා කියලා. අපිත් ඒ ගැටලු‍වට මුහුණ දීලා ඉන්නේ. අවුරුදු සීසන් වෙද්දී භාණ්ඩ වෙළෙඳපොළට නිකුත් කරගැනීමට නොහැකි වුණොත් භාණ්ඩවල මිල ගණන් ඉහළ යාමට තිබෙන ඉඩකඩ වැඩියි. අපි වෙළෙඳ සහයකයන් තුන්දෙනෙක් සම්බන්ධ කරගෙන තමයි මේ බිස්නස් එක කරන්නේ. 

 

 

මනීෂා වීරසිංහ


ඡායාරූප : සුමුදු හේවාපතිරණ



අදහස් (0)

මේ දවස්වල බිස්නස් අඩුයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 211 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 721 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1135 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site