IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මේ දවස්වල නම් බිස්නස් අඩුයි

මාලබේ ලලිතා ටෙක්ස්හි වෙළෙඳ සහායිකා ප්‍රියන්ති අතුකෝරළ


මේ දිනවල බිස්නස්වල තත්වය පිළිබඳව සොයා බැලීමට අපි පිටකොටුව, නුගේගොඩ, මහරගම, කොහුවල, දෙහිවල, වැල්ලම්පිටිය, කොලොන්නාව, බොරැල්ල, දෙමටගොඩ ආදී ප්‍රදේශ වල ඇඳුම්, පාවහන්, තිර රෙදි, ප්ලාස්ටික් බඩු, පාසල් උපකරණ, ගෘහ උපකරණ ආදී එකී මෙකී නොකී භාණ්ඩ අලෙවිසැල් වෙත ගියෙමු. බිස්නස්වල තතු සෙවීමට අප මෙවර ළඟා වූයේ මාලබේ රෙදි පිළි වෙළෙඳසලක් වූ ලලිතා ටෙක්ස් වෙතය. එහි වෙළෙඳ සහයිකාවක් වන ප්‍රියන්ති අතුකෝරළ මහත්මිය මේ දිනවල බිස්නස් පිළිබඳව දැක්වූයේ මෙවැනි අදහසකි.


මේ දිනවල බිස්නස් කොහොමද? 

මම මේ බිස්නස් එක පටන් අරගෙන දැනට ලොකු කාලයක් වෙනවා. මම අවුරුදු 10 ක ඉඳන් මේ ආයතනයේ සේවකයෙක් ලෙස කටයුතු කරනවා. තවත් සේවකයන් කීපදෙනෙක් ඉන්නවා. මේ දවස්වල බිස්නස් ගැන කියනවා නම් බිස්නස් අඩුයි. පාරිභෝගිකයන්ගේ පැමිණීම හරිම අඩු තත්වයක තියෙන්නේ. 


බිස්නස් අඩුවීමට බල පෑ හේතු මොනවාද?

බිස්නස් අඩු වෙන්න බලපාන එක හේතුවක් තමයි පවතින ආර්ථික තත්වය. පාරිභෝගිකයාගේ අතේ සල්ලි තියෙනවා නම් ඇවිත් බඩු ගන්නවා. පාරිභෝගිකයාගේ අතේ මුදල් නොමැතිවීම තමයි බිස්නස් අඩුවෙන්න මූලිකම හේතුව. පාරිභෝගිකයන් දිනපතා පරිහරණය කරන බඩුවල මිල ඉහළ ගියාට මිනිසුන්ගේ අතට ලැබෙන මුදල්වල වැඩිවීමක් වුණේ නැහැ. 
මාසයක ආදායම රුපියල් පනස්දහසයි නම් ඊට සරිලන විදිහට තමයි වියදම සැලසුම් කරන්නේ. බඩුවල මිල ඉහළ යාමත් එක්ක අතේ ඇති මුදලට භාණ්ඩ මිලදී ගන්න සැලසුම් කරගන්න සිදු වුණා. පාරිභෝගිකයා අතේ මුදල් රඳා පැවතීමත් එක්ක තමයි බිස්නස්වල රඳා පැවැත්ම තීරණය වන්නේ. මේ දවස්වල භාණ්ඩවල මිලත් එක්ක පාරිභෝගිකයෝ අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගන්න විතරයි යොමු වෙලා ඉන්නේ. මිනිස්සු අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගෙන මුදල් ඉතිරි වුණොත් තමයි අමතර භාණ්ඩ මිලදී ගන්න යොමු වෙනනේ. බිස්නස් අඩු වෙන්න මිල බලපෑමක් නෑ. රෙදි පිළි මිල ගණන් අඩුයි. මිල ගණන් අඩු වුණත් පාරිභෝගිකයන්ගේ පැමිණීම අඩුයි. 


ශෂිකා අබේරත්න
ඡායාරූප - ගයාන් අමරසේකර



අදහස් (0)

මේ දවස්වල නම් බිස්නස් අඩුයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 583 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 286 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site