IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


මේ දවස් වල බිස්නස් සාමාන්‍ය මට්ටමක

වේල්ලවීදියේ MaxMIX Ingredients Suppliers (Pvt)Ltd වෙළෙඳ ආයතනයේ හිමිකරු සරන් රාජ්


පාරිභෝගික අවශ්‍යතාවට සරිලන පරිදි භාණ්ඩ මිලදී ගැනීමට විශාල ප්‍රදේශයක් පුරා පැතිරුණු පිටකොටුව වෙළෙඳ ක්‍රියාකාරකම්වල කේන්ද්‍රස්ථානයක් වශයෙන් ද සැළකිය හැකිය. ළඟ ළඟම එන උත්සව සමයත් සමඟ කොළඹ කොටුවේ ව්‍යාපාරිකයන්ගේ සූදානම කෙබඳු ද යන්නත්, මේ දිනවල වෙළෙඳාමේ තතු සොයා බැලීමට ගිය ගමනේ දී පිටකොටුවේ මඳක් දුරින් පිහිටා තිබෙන වේල්ලවීදියට පිවිසුණෙමු. කඩිමුඩියේ භාණ්ඩ තොග වාහනවලට පටවන ආකාරය එහි ගිය ගමනේ දී සුලභ දසුනක් විය. 

මේ දිනවල බිස්නස් සම්බන්ධයෙන් වේල්ලවීදියේ MaxMIX Ingredients Suppliers (Pvt Ltd) වෙළෙඳ ආයතනයෙහි හිමිකරුවන සරන් රාජ් මහතා දැක්වූයේ මෙවන් අදහසකි.

Q: මේ දවස්වල වෙළෙඳාම කොහොමද?
බිස්කට් සහ බේකිරි ආශ්‍රිත නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය වෙළෙඳපොළට සැපයීම තමයි අපි කරන්නේ. මේ දවස්වල බිස්නස් සාමාන්‍ය මට්ටමක තියෙනවා. ගිය වසරට සාපේක්ෂව මේ වසරේ බිස්නස් හොඳ මට්ටමක පවතිනවා. මේ වෙද්දී හරියටම රාමසාන් සහ සිංහල අවුරුදු සීසන් එක පටන් ගත්තේ නෑ. හරිනම් මේ වෙද්දී සීසන් එක පටන් ගන්න ඕනේ. තව දින කිහිපයකින් බිස්නස්වල වැඩිවීමක් වෙයි කියා බලාපොරොත්තු වෙනවා. 


Q: වෙළෙඳාම අඩුවීමට හෝ වැඩිවීමට බලපෑ හේතු මොනවාද?
පසුගිය වසරවල කොවිඩ් සහ ආර්ථික කඩාවැටීම් එක්ක බිස්නස් අඩුවෙලා තිබුණේ. එහෙත් කාලයත් එක්ක ඒ ගැටලු‍වලට විසඳුම් ලැබෙද්දී නැවතත් බිස්නස්වල වර්ධනයක් දකින්න පුළුවන්. අපි බේකරි ආහාර නිෂ්පාදනය කිරීමට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය සහ බිස්කට් නිෂ්පාදනයට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය දේශීය වෙළෙඳපොළට සහ විදෙස් රටවලින් ආනයනය කරනවා. භාණ්ඩ වැඩි ප්‍රමාණයක් චීනයෙන් තමයි ආනයනය කරන්නේ. ඊට අමතරව ඉන්දියාව, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, මැලේසියාව වගේ රටවලිනුත් භාණ්ඩ ආනයනය කරනවා. මෙම අමුද්‍රව්‍ය තොග සහ සිල්ලර කියන දෙයංශයෙන්ම පාරිභෝගිකයන්ට ලබා ගැනීමට හැකියාව පවතිනවා. මීට අමතරව භාණ්ඩ නිෂ්පාදන අංශයක් ද ආරම්භ කරලා තියෙනවා. එහි සේවකයෝ 10 දෙනෙක් විතර ඉන්නවා. සමස්ත සේවකයෝ 35 දෙනෙක් අප සමඟ සම්බන්ධ වෙලා වැඩ කරනවා. උත්සව සමයත් එක්ක මීට වඩා මිලදී ගැනීම් වල වර්ධනයක් වෙයි කියන බලාපොරොත්තුවෙන් අපි මේ වෙද්දී අමුද්‍රව්‍ය වෙළෙඳපොළට නිකුත් කරලා තියෙන්නේ. 

මනීෂා වීරසිංහ

ඡායාරූප : ලහිරු හර්ෂණ



අදහස් (0)

මේ දවස් වල බිස්නස් සාමාන්‍ය මට්ටමක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 213 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2079 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1592 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site