IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මේ දිනවල බිස්නස්වල තියෙන්නේ අඩුවක්

මේ දිනවල බිස්නස්වල තත්වය පිළිබඳව සොයා බැලීමට අපි පිටකොටුව, නුගේගොඩ, මහරගම, කොහුවල, දෙහිවල, වැල්ලම්පිටිය, කොලොන්නාව, බොරැල්ල, දෙමටගොඩ, කිරිබත්ගොඩ ආදී ප්‍රදේශවල ඇදුම්, පාවහන්, තිර රෙදි, ප්ලාස්ටික් බඩු, පාසල් උපකරණ, ගෘහ උපකරණ ආදී එකී මෙකී නොකී භාණ්ඩ අලෙවිසැල් වෙත ගියෙමු. බිස්නස්වල තතු සෙවීමට අප මෙවර ළඟා වූයේ කොට්ටාව රන් ආභරණ වෙළෙඳසලක් වූ තිලකරත්ත ජුවලර්ස් වෙතය. 

එහි හිමිකරු වූ විමර්ශන් තිලකරත්න මහතා මේ දිනවල බිස්නස් පිළිබද දැක්වූයේ මෙවැනි අදහසකි.

මේ දිනවල බිස්නස් කොහොමද?
මේ ව්‍යාපරය පටන් අරන් මේ වෙද්දි වසර 12 ක් වගේ වෙනවා. බිස්නස් කාලයෙන් කාලයට අඩු වැඩි වෙන එක සාමාන්‍ය දෙයක්. මේ දිනවල බිස්නස්වල තත්වය ගැන කියනවා නම් බිස්නස්වල අඩුවක් තියනවා. කලින් සාමාන්‍ය පරිදි බිසනස් එක කෙරීගෙන ගියත් මාස 6ක 7ක වගේ කාලයක සිට බිස්නස්වල අඩුවක් තියනවා.


බිස්නස් අඩුවීමට බලපෑ හේතු මොනවාද?
බිස්‍නස් අඩු වෙන්න බලපාන ප්‍රධාන හේතුව තමයි රත්තරන්වල මිල ගණන් ඉහළ යෑම. එකවරම රත්තරන් මිල ගණන් විශාල මුදලකින් ඉහළ ගියා. රුපියල් ලක්ෂ දෙකක් පමණ වූ රත්තරන් පවුමක් රුපියල් 40,000ක වගේ විශාල මුදලකින් එකවර වැඩි වුණා. ඒක තමයි බිස්නස් අඩු වෙන්න බලපාපු ප්‍රධාන හේතුව. 
මේ දිනවල කැරට් 22 රත්තරන් පවුමක මිල රුපියල් 246,000 යි. කැරට් 24 පවුමක මිල රුපියල් 266,000 යි. මේ ගණන්වලට අමතරව හැදුම් කුලියකුත් එකතු වෙනවා. පාරිභෝගිකයන්ට දරගන්න අමාරුයි මේ මිල ගණන්. අගෝස්තු නැකත් මාසයක් නිසා විවාහ උත්සව වැඩියි. එහෙත් බිස්නස්වල වැඩිවීමක් නෑ. 
අනෙක් රත්තරන් භාණ්ඩවලත් අලෙවිය අඩුයි. ඕක තමයි මේ දිනවල බිස්නස්වල තත්වය. 

ශෂිකා අබේරත්න
ඡායාරූප - ඉසුරු පෙරේරා



අදහස් (0)

මේ දිනවල බිස්නස්වල තියෙන්නේ අඩුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 282 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site