
මාලබේ ‘‘තුනපහ කඩේ’’ ව්‍යාපාරික ඉන්සකා සමරනායක
බිස්නස් යනු කාලයෙන් කාලයට ඉහළ පහළ ගමන් කරන්නකි. විවිධ වූ හේතු මත බිස්නස් අඩු වන අවස්ථාද බිස්නස් වැඩිවන අවස්ථාද පවතී. මේ දිනවල බිස්නස්වල තතු සොයා බැලීමට මාලබේ වෙළෙඳ නගරයට පිවිසුණු අවස්ථාවේ අප ගොඩවැදුණේ තුනපහ වෙළෙඳසලක්වන මාලබේ තුනපහ කඩේ නම්වූ වෙළෙඳ ආයතනයටයි. එහිදී එහි ව්‍යාපාරික ඉන්සකා සමරනායක මහත්මිය මේ දිනවල බිස්නස් සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසකි.
මේ දිනවල බිස්නස් කොහොමද?
අපි මේ බිස්නස් එක පටන් අරන් ලොකු කාලයක් නෑ. සියලුම තුනපහ වර්ග අපි අලෙවි කරනවා. තුනපහ නිෂ්පාදනය කරන්නේ මගේ මහත්තයා. අපි දෙන්නා තමයි බිස්නස් එක කරන්නේ. මේ දිනවල බිස්නස් ගැන කතා කරනවා නම් බිස්නස් ගොඩක් අඩුයි. ටික කාලයක ඉදන් බිස්නස් අඩුයි.
බිස්නස් අඩුවීමට බලපෑ හේතු මොනවාද?
බිස්නස් අඩු වීමට බලපාන මූලිකම හේතුව තමයි රටේ පවතින අර්ථික තත්වය. හරි අමාරුවෙන් මිනිස්සු ජීවත් වෙන්නේ. මිනිස්සු ළඟ සල්ලි නෑ ඕන කරන හැමදේම ලබා ගන්න. අපි වුණත් ඉස්සර යම් භාණ්ඩයක් මිලදී ගන්න කඩේකට ගියාම මිල ගැන ලොකුවට හිතුවේ නෑ. ඕන කරන භාණ්ඩය මිලදී ගන්නවා. ඒකට හේතු වුණේ ඒ කාලේ තිබ්බ ආර්ථිකය එක්ක බඩු මිල අඩුයි. එහෙත් දැන් ඉස්සෙල්ලම බලන්නේ මිල. මිල අඩුම තැනින් තමයි මිලදී ගන්නේ. ඒකම තමයි අද අපේ බිස්නස්වලටත් වෙලා තියෙන්නේ. කලින් ග්‍රෑම් 500 ගත්ත අය දැන් ගන්නේ ග්‍රෑම් 100 යි. පිරිමැස්මෙන් තමයි හැමෝම වැඩ කරන්නේ. ගෙදරක විශේෂ අවස්ථාවකට තමයි තුනපහ වැඩි ප්‍රමාණයක් මිලදී ගන්නේ. ඒ නිසා අපිට බිස්නස් අඩුයි. ඕක තමයි බිස්නස්වල වර්තමාන තත්වය.
ශෂිකා අබේරත්න
ඡායාරූප - ගයාන් අමරසේකර
2025 ඔක්තෝබර් මස 08
1383
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1279
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
465
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මේ දිනවල බිස්නස් ගොඩක් අඩුයි