IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මේ අවුරුද්දෙත් හොඳට බිස්නස් තියේවි

ලංකාවේ පමණක් නොව ලෝකයේ කොහේවත් නැති අඩු ගාණට නිවසකට සරිලන ඕනෑම භාණ්ඩයක් කොටුවෙන් ලබාගත හැකිය යන්න බොහෝ දෙනාගේ අදහසයි. එහි වැරැද්දක් නැත්තේද නැත. බොහෝ භාණ්ඩ ඉතා අඩු මිල ගණන් යටතේ පිටකොටුවෙන් ලබා ගත හැකිය. මේ දිනවල වෙළෙඳාමේ තතු දැනගැනීමට අපි දෙවැනි හරස් වීදිය වෙත ගියෙමු. දෙවැනි හරස් වීදිය හාලිමාර් වීදිය නමින් ද අතීතයේ හඳුන්වා ඇත. දෙවැනි හරස් වීදියට යන්නෝ රෙදි සොයන්නෝ ය. එපමණක් නොවේ. සුවඳ විලවුන්, රූපලාවණ්‍ය උපකරණ, මැහුම් උපකරණ සොයන්නට ද සමහරු දෙවැනි හරස් වීදියට යති. දෙවැනි හරස් වීදියේ තිර රෙදි වෙළෙඳසැලක හිමිකරු වූ මොහොමඩ් ඩීන් මහතා මේ දිනවල බිස්නස් පිළිබඳව දැක්වූයේ මෙවැනි අදහසකි.


Q: මේ දිනවල බිස්නස් කොහොමද?
තිර රෙදි, ඇඳ ඇතිරිලි, තුවා තමයි අපි විකුණන්නේ. අපේ ආයතනයේ ශාඛා 4 ක් තියනවා. ප්‍රධාන ශාඛාව තමයි පිටකොටුවේ තියෙන්නේ. මගේ ආයතනයේ සේවකයෝ 300 ක් වගේ වැඩ කරනවා. රජයේ ආයතන සියයට 90 කට වගේ තිර රෙදි ලබා දෙන්නේ අපි.විශ්වවිද්‍යාල, රජයේ සහ පෞද්ගලික බැංකු, රජයේ සහ පෞද්ගලික රෝහල්වලට අපි රෙදි සපයනවා. මේ දවස්වල බිස්නස් හොදයි වරදක් නෑ. පහුගිය සීසන් එකෙත් බිස්සනස් හොඳට තිබ්බා. අලු‍ත් අවුරුද්ද එන නිසා ගොඩක් අය ගෙවල්වලට අලු‍තෙන් තිර රෙදි දානවා, ඇඳ ඇතිරිලි ගන්නවා. ඒ නිසා කලින් අවුරුදුවලට සාපේක්ෂව සියයට 30කින් වගේ බිස්නස් වැඩි වුණා. මේ අවුරුද්දෙත් හොඳට බිස්නස් තියෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. 


Q: බිස්නස් වැඩිවීමට බල පෑ හේතු මොනවාද?
පහුගිය අවුරුදුවල බිස්නස් අඩු වෙන්න හේතුව වුණේ අවශ්‍ය ප්‍රමාණයට රෙදි ආනයනය කරන්න බැරි වුණ එක. ආනයනය සීමා කරලනේ තිබ්බේ. ගිය අවුරුද්දේ ඉඳන් ඕන ප්‍රමාණයට බඩු ගෙන්නන්න පුළුවන්. බඩු ගෙන්නන්න බැරි වුණේ අවශ්‍ය ප්‍රමාණයට ඩොලර් තිබ්බේ නැති නිසා. දැන් එහෙම ඩොලර් ප්‍රශ්න නෑ. ඒ නිසා අපිට ඕන කරන විදියට ඕනෑ ප්‍රමාණට බඩු ගෙන්නනවා. ඒ නිසා අපිට සාධාරණ මිලකට දෙන්නත් පුළුවන්. අනික තිර රෙදිවල එහෙම හොඳ එකතුවක් තියනකොට මිනිස්සු කැමැතියි. මොකද එයාලට තෝරලා ගන්න පුළුවන් නිසා. ඔය හේතු නිසා තමයි අපේ බිස්නස් වැඩි වුණේ.


ශෂිකා අබේරත්න
ඡායාරූප; ඉසුරු පෙරේරා



අදහස් (0)

මේ අවුරුද්දෙත් හොඳට බිස්නස් තියේවි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 725 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 560 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 452 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site