IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


බිස්නස් හොඳයි වරදක් නෑ

මේ දිනවල බිස්නස්වල තත්වය පිළිබඳව සොයා බැලීමට අපි පිටකොටුව, නුගේගොඩ, මහරගම, කොහුවල, දෙහිවල ආදී ප්‍රදේශ වෙත ගියෙමු. බිස්නස්වල තතු සෙවීමට අප මෙවර ළඟා වූයේ බොරැල්ල නගරය වෙතය. විවිධාකරයේ වූ සෙරප්පු සපත්තු වෙළෙදසැලක් වූ My Shoes වෙත අපි ගොඩ වූයෙමු. එහි හිමිකරු වූ අබ්දුල් තාජු ශෙරිෆ්ජීන් හම්සජීන් මහතා මේ දිනවල බිස්නස් පිළිබඳ දැක්වූයේ මෙවැනි අදහසකි.

Q:  මේ දිනවල බිස්නස් කොහොමද?
මම අවුරුදු 20 ක වගේ කාලයක් බිස්නස් කරනවා. ප්‍රධාන වශයෙන් තොග වෙළෙදාම තමයි කරන්නේ. සිල්ලර වෙළෙදාමත් සුළු වශයෙන් කරනවා.. මේ වෙළෙදසැලට අමතරව තවත් ශාඛා තියනවා. ඒවා කුලියට දීලා තියෙන්නේ. බිස්නස් ගැන කියනවා නම් බිස්නස් සාමාන්‍ය විදියට කෙරීගෙන යනවා. බිස්නස් හොඳයි වරදක් නෑ. 


Q: බිස්නස් හොඳවීමට බල පෑ හේතු මොනවාද?
බිස්නස් නෑ බිස්නස් අඩුයි කියලා තමයි බිස්නස් කරන ගොඩක් අය කියන්නේ. බිස්නස් අඩු වෙන්නේ හරි වැඩි වෙන්නේ හරි එයට යොදවන කැපකිරීම උත්සාහය මත. කැපකිරීමක් කරල පාරිභෝගික පිරිසක් හදා ගත්ත අයට බිස්නස් තියනවා. හැබැයි කිසිම සැලකිල්ලක් නැතුව ඕනවට එපාවට බිස්නස් කරන අයට බිස්නස් අඩුයි. 
ගොඩක් අය වැඩියෙන් ලාබ ගන්න කියල වැඩි මිල ගණන්වලට බඩු විකුණනවා. එතකොටත් බිස්නස් අඩු වෙනවා. උත්සව සමයත් ඉවරවුණා විතරක් නිසා පාරිභෝගිකයන්ට මුදල් අග හිඟකම් තියනවා. ඒ නිසා පාරිභෝගිකයෝ හොඳ භාණ්ඩ සාධාරණ මුදලකට තමයි හොයන්නේ. පාරිභෝගිකයෝ බලාපොරොත්තු වෙන දේ එයාල බලාපොරොත්තු වෙන ගානට අපිට දෙන්න පුළුවන්නම් අපිට බිස්නස් තියනවා. සෙරප්පු සපත්තු ගත්තාම ලංකාවේ ඒවා ඉල්ලන අය වගේම ආනයනික සෙරප්පු සපත්තු ඉල්ලන අය ඉන්නවා. ඒ අයට ඒ ඉල්ලන වර්ගවලින් රටින් ආනයනය කරලා දෙනවා. ඒ වගේ ඉල්ලු‍මට අනුවයි සැපයුම කරන්න ඕන. එතකොට බිස්නස් අඩු වෙන්නේ නෑ. ඒක තමයි බිස්නස් කරන සිස්ටම් එක. 

ශෂිකා අබේරත්න
ඡායාරූප - ඉසුරු පෙරේරා



අදහස් (0)

බිස්නස් හොඳයි වරදක් නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site