BORELLA FASHION HOUSE හිමිකරු කේ.පී.ඩී.එම්. රංජිත්
මේ දිනවල බිස්නස්වල තතු සොයා බැලීමට ගිය ගමනේ දී බොරැල්ල වෙළෙඳ නගරයේ රෙදිපිළි ව්‍යාපාර ආයතනයක් වන BORELLA FASHION HOUSE වෙළෙඳ ආයතනයට ගොඩවැදුණු අවස්ථාවේ එම ආයතනයේ හිමිකරුවන කේ.පී.ඩී.එම්. රංජිත් මහතා දැක්වූයේ මෙවන් අදහසකි.
Qමේ දවස්වල බිස්නස් කොහොමද?
මේ දිනවල බිස්නස් හොඳටම හොඳයි කියන්න බැහැ. බිස්නස් සාමාන්‍ය මට්ටමකට තියෙනවා. සීසන් එකේ බිස්නස් ටිකක් තිබුණා. මේ දවස්වල පාරිභෝගිකයෝ අතරින් පතර ඇවිත් ඇඳුමක් දෙකක් අරගෙන යනවා. ගිය වසරට සාපේක්ෂව ගත්තහම හොඳ බිස්නස් එකක් මෙදා පාර තියෙනවා.
Qබිස්නස් මේ තත්වයට පත්වීමට බලපෑ හේතු මොනවාද?
අපි වසර තිහක කාලයක ඉඳන් රෙදිපිළි බිස්නස් කරන්නේ. අපිට බිස්නස් නැහැයි නැහැයි කියලා හිටියොත් කොහොමත්ම බිස්නස් එකක් නැතුව යනවා. කාලයක් පුරාවටම අපිත් එක්ක ගනුදෙනු කරපු පාරිභෝගිකයන් අපෙන් බඩු ගන්න එනවා. වෙළෙඳාමක් රඳා පවතින්න නම් පාරිභෝගිකයා සහ වෙළෙන්දා අතර සුහදත්වයක් තියෙන්න ඕනේ. එහෙම සම්බන්ධයක් තියෙනවා නම් බිස්නස් නෑ කියලා අඬ අඬ ඉන්න ඕනේ නෑ.
අපේ ව්‍යාපාරවලට විතරක් නෙමෙයි හැම බිස්නස් එකක්ම මේ කාලේ අමාරුවෙන් තමයි යන්නේ. කලින් මේ වීදියේ වෙළෙඳසැලවල් මෙහෙම පාලුවට ගිහින් නැහැ. නගරයට යම් කාර්යයක් සඳහා එන කෙනෙක් ඔවුන්ට හිතුන ගමන් ඇවිත් ඇඳුමක් මිලදී ගෙන ගියා. එහෙත් දැන් එහෙම නැහැ. පාරිභෝගිකයෝ සෑම අවස්ථාවකම උත්සහ කරන්නේ නමගිය වෙළෙඳසැලකට ගිහින් ඇඳුමක් ගන්න. පාරිභෝගිකයන්ට රෙදිපිළි මිලදී ගැනීමට අවස්ථා බොහෝමයක් නිර්මාණය වීම අපේ බිස්නස් කඩා වැටෙන්න ප්‍රධාන වශයෙන් බලපා තිබෙනවා.
මනීෂා වීරසිංහ
ඡායාරූප - ඉසුරු පෙරේරා

2025 දෙසැම්බර් මස 18
533
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
270
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බිස්නස් හොඳටම හොඳයි කියන්න බැහැ