අවුරුදු 50කටත් වැඩි කාලයක් පුරා පවත්වාගෙන එන එස්.එම්.ට්‍රේඩර්ස්හි හිමිකරු වන්නේ සම්මුගම් රාජසේකරම්ය. රටෙන් ගෙන්වන ඕනෑම ඇණ වර්ගයක් පහසු මිලකට පාරිභෝගිකයා අතට පත් කිරීම රාජසේකරම් මහතාගේ අපේක්ෂාවයි. චීනය, ඉන්දියාව ඔහු ඇණ ආනයනය කරන රටවල් වේ. මේ දවස්වල බිස්නස් කොහොමදැයි සොයා ගෙන යන ගමනේ එක්තරා දිනක දහවල් කාලයේ අපි ඔහුගේ වෙළෙඳ පොලටද ගොඩ වැදුණෙමු.
Q: මේ දවස්වල බිස්නස් කොහොමද?
හැමදාම එකම වගේ තියෙනවා. ඒකේ වෙනසක් නැහැ. මේක ඉස්සරහට මොන විදියට වෙනස් වෙයිද කියන එක ගැන අවබෝධයක් නැහැ. අනිත් අයට කොහොමද දන්නෑ මට නම් බිස්නස් හොඳටම හොඳයි.
Q: බිස්නස් හොඳ වෙන්න හේතුව මොකක්ද?
ඒකට මොකක්ද හේතුව කියලා මට හරියටම කියන්න බැහැ. පාරිභෝගිකයන්ගේ අතේ මේ දවස්වල සල්ලි ගැවසෙනවා. මං හිතන්නේ එතකොට ඒ අය තමන්ගේ නිවාස, ව්‍යාපාර ස්ථාන වැඩි දියුණු කරනවා. එතකොට අපෙන් තමයි ඒ අයට අවශ්‍ය ඇණ වර්ග ගන්නේ. ජනතාවගේ පර්ස් එක බර වෙන්න බර වෙන්න අපේ ලාච්චුවත් පිරෙනවා. මං හිතන්නේ බිස්නස් වැඩි වෙන්න තව හේතුවක් තමයි අපි කස්ටමස්ලාට දෙන හරි සර්විස් එක. අපි ගාවට ආපු පාරිභෝගිකයෙක් ආයේ කවදාවත් නෑවිත් ඉඳලා නැහැ. දැනට මං ළඟ සේවකයෝ පස් දෙනෙක් වැඩ කරනවා. ඒ හැමෝම මගේ ව්‍යාපාරය දිනෙන් දින ඉස්සරහට ගෙනියන්න ලොකු සහයෝගයක් ලබාදෙනවා. මොකද මාගේ ව්‍යාපාරික ස්ථානයට එන ජනතාව නැවත මගේ තැනට එනවාද නැද්ද කියලා තීරණය කරන්නෙ මගේ සේවකයන්ගේ හැසිරීම මත. ඒකත් මගේ සේවකයෝ අවබෝධ කරගෙන ඉන්නේ. මගේ බිස්නස් නම් දෙයියනේ කියලා හැමදේම හොඳට යනවා.
අමිල චින්තක ගමගේ
ඡායාරූප ඉසුරු පෙරේරා.
2025 දෙසැම්බර් මස 04
741
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බිස්නස් හොඳටම හොඳයි: ඉදිරියේදී මොනව වෙයිද දන්නේ නෑ