දැනුත් බිස්නස් තියෙනවා. ඒත් ලැබෙන ලාබය හුඟක් අඩුයි. ඉස්සර නිෂ්පාදනවල හොඳම කොලිටි තිබුණා දැන් බඩුවල කොලිටි නැහැ.
ගල්වල ප්‍රදේශයේ විජය ට්‍රේඩිං ප්‍රයිවට් ලිමිටඩ්හි ව්‍යපාරික එල්. විජේසේකරම්
එල්. විජේසේකරම් ගල්වල ප්‍රදේශයේ සිය ව්‍යාපාරික ස්ථානය පවත්වාගෙන යන්නේ පාරිභෝගිකයාට උපරිම සේවයක් සපයමිනි. විජය ට්‍රේඩිං කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් මෙම ව්‍යාපාරික ස්ථානයේ නාමයයි. දැනට අවුරුදු 18 ක පමණ කාලයක සිට හාඩ්වෙයාර් හා ඉලෙක්ට්‍රිකල් උපකරණ අලෙවි කරන්නේ පාරිභෝගිකයාගේ විශ්වාසය දිනා ගනිමිනි. විජේසේකරම් මහතා මේ දවස්වල බිස්නස් කොහොමදැයි විමසා යන ගමනේදී අපි හමුවුණෙමු.
Q: මේ දවස්වල බිස්නස් කොහොමද?
මේ දවස්වල බිස්නස් හදිසි අනතුරු අංශයේ ඉන්න ලෙඩෙක් වගේ තමයි යන්නේ. එකපාරටම බිස්නස් නැගලා එකපාරටම බිස්නස් බහිනවා. ඒ කාලේ මොන ආණ්ඩු තිබුණත් බිස්නස් තිබුණා කියලා තමයි අපේ තාත්තලා කියන්නේ.
දැනුත් බිස්නස් තියෙනවා. ඒත් ලැබෙන ලාබය හුඟක් අඩුයි. ඉස්සර නිෂ්පාදනවල හොඳම කොලිටි තිබුණා බඩුවල කොලිටි නැහැ. බාල බඩු හුඟක් අද මාකට් එකට එනවා. අපි පුළුවන් තරම් හොඳ නිෂ්පාදන තමයි පාරිභෝගිකයාට ලබාදීමට උත්සාහ කරන්නේ. ඒත් අපි ළඟට එන පාරිභෝගිකයනුත් අඩුම මුදලට තමයි බඩු ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ඒ අයට ගැළපෙන තමයි සමහරු නිෂ්පාදන හඳුන්වා දෙන්නේ. මට මේ ක්ෂේත්‍රයේ කාත් එක්කවත් තරගයක් නැහැ. මං මටම ආවේණික විදියට හොඳ නිෂ්පාදන එක්ක විතරයි වෙෙළඳාම් කරන්නේ.
Q: බිස්නස් අඩු වීමට හේතුව කුමක්ද?
අපි පාරිභෝගිකයාට ලබා දෙන්නේ හරි කොලිටියම විතරයි. තරගය මම ගණන් ගන්නේ නැහැ. ඒත් පාරිභෝගිකයා අතර තරගයක් තියෙනවා. ඔරිජිනල් නිෂ්පාදන වගේම ජනතාව රැවටෙන බාල නිෂ්පාදන තියෙනවා. මම අවුරුදු හතක් සහතිකයක් දෙනකොට වෙන අය බොරුවට සහතික දෙනවා කියනවා. අපේ නිෂ්පාදනයක අවුලක් වුණොත් අවුරුදු 15ක් ගිහිල්ලා හරි හදලා දෙනවා. ඒක තමයි පාරිභෝගිකයා මං ළඟට දිගටම එන්නේ.
අමිල චින්තක ගමගේ
ඡායාරූප – ළහිරු හර්ෂණ
2025 නොවැම්බර් මස 04
180
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2066
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1585
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බිස්නස් හදිසි අනතුරු අංශයේ ඉන්න ලෙඩෙක් වගේ