
කඩුවෙල Nethra Cellular & Communicationහි ව්‍යාපාරික අශෝක ප්‍රසාද්
මේ දිනවල බිස්නස්වල තතු සොයා බැලීමට කඩුවෙල වෙළෙඳ නගරයට ගිය ගමනේ දී ගොඩවැදුණේ Nethra Cellular & Communication වෙළෙඳ ආයතනයටයි. එහි ව්‍යාපාරික අශෝක ප්‍රසාද් මහතා මේ දිනවල බිස්නස් සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසකි.
මේ දවස්වල බිස්නස් කොහොමද?
බිස්නස් නම් හොඳටම අඩුයි. ගිය මාසේ මුල සාමාන්‍ය මට්ටමක බිස්නස් එකක් තිබුණා. එහෙත් මේ වෙද්දී බිස්නස් හොඳටම අඩුවෙලා තියෙන්නේ.
බිස්නස් අඩුවීමට බලපෑ හේතු මොනවාද?
මම වසර පහක කාලයක ඉඳන් මෙම ව්‍යාපාරය කරන්නේ. අද වෙද්දී මිනිස්සු එදාවේල හම්බ කරගන්නෙත් හරිම අමාරුවෙන්. එහෙම තත්වයක් තිබෙද්දී අපෙන් ඇවිත් අලුත් දුරකථනයක්, දුරකථන උපාංගයක් මිලදී ගන්න දක්වන උනන්දුව කලින්ට වඩා සෑහෙන අඩුවෙලා තියෙන්නේ.
සෑම පාරිභෝගිකයෙක්ම අලුතින් උපාංගයක් ගන්නවාට වඩා තමා අතේ තියෙන උපාංගය අලුත්වැඩියා කරගෙන තවත් කාලයක් පාවිච්චි කරන්න තමයි උත්සහ කරන්නේ. පාරිභෝගිකයනුත් දැන් වියදමට සරිලන විදියට ඔවුන්ගේ ජීවන වියදම සමබර කරගෙන මාසය ගෙවා ගන්න තමයි උත්සහ කරන්නේ. සමහර අවස්ථාවල නොගෙන බැරිකමට ඇවිත් දුරකථනයක් හෝ දුරකථන උපාංග මිලදී ගෙන යන අවස්ථා තියෙනවා. සාමාන්‍යයෙන් අපි වෙළෙඳසල උදේ විවෘත කරන් හිටියට සමහර දවස්වලට කඩේ වහනකොට අපෙන් මිලදී ගෙන ගිහින් තියෙන්නේ භාණ්ඩ තුනක් හෝ හතරක් වගේ අඩු ගණනක්. ඒ මට්ටමට අද වෙද්දී බිස්නස් කඩා වැටිලා තියෙන්නේ.
අපි මුදල් යොදවලා භාණ්ඩ වෙළෙඳපොළට ගෙනාවට ඒවා මිලදී ගන්න පාරිභෝගිකයන් එන්නේ නැත්නම් අපිට පැවැත්මක් නැහැ. සාමාන්‍ය මනුස්සයා අතේ මුදල් තිබුණොත් තමයි අපිට බිස්නස් එකක් තියෙන්නේ. භාණ්ඩවල මිල පහත ගියත් පාරිභෝගිකයා අතේ මුදල් නැති එක තමයි බිස්නස් කඩා වැටෙන්න හේතුව.
මනීෂා වීරසිංහ
ඡායාරූප : ලහිරු හර්ෂණ
2025 දෙසැම්බර් මස 18
572
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බිස්නස් නම් හොඳටම අඩුයි