
මිනිස්සුන්ට සල්ලි නැති නිසා ඉදිකිරීම් වැඩ ගොඩක් අඩුයි
තෝමස් රතනජෝති ගල්වල වීදියේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි කරන ව්‍යාපාරික මහතෙකි. දීර්ඝ කාලයක් පුරා ගොඩනැගිලි ද්‍රව්‍ය ක්ෂේත්‍රයේ ව්‍යාපාරවල සේවය කර අත්දැකීම් ලබා රතනජෝති ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළෙන්දෝ නමින් ගොඩනැගිලි ද්‍රව්‍ය ව්‍යාපාරයක් පටන්ගෙන තිබේ. තෝමස් මහතා මේ ව්‍යාපාරය පටන්ගෙන තිබෙන්නේ මිතුරන් කීප දෙනෙක් ද එකතු කර ගනිමිනි.
තමන්ගේම ව්‍යාපාරයක් පටන්ගෙන කෙටි කලක් වුවත් ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි ක්ෂේත්‍රයේ දිගු කාලීන අත්දැකීම් රැසක් ඔහු සතුව තිබේ.
මේ දවස්වල ගත්තොත් බිස්නස් ගොඩාක්ම අඩුයි. පසුගිය කාලේ නත්තල් අලුත් අවුරුද්ද කියන්නේ වෙන කාලවල නම් බිස්නස් වැඩිම කාල. ඒත් මේ පාර ඒකෙ අනිත් පැත්ත වුණේ. මේ පාර බිස්නස් ගොඩක්ම අඩුවුණා. ඒ කියන්නේ නැතිම තරම්. මිනිසුන්ගේ අතේ සල්ලි නැති නිසා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වැඩ ගොඩක් අඩුයි. අවුරුදු 20ක් 25ක් අත්දැකීම් තිබෙන නිසා මං කල්පනා කළා මේ වගේ ක්ෂේත්‍රයක් තෝරා ගත්තොත් හොඳයි කියලා. මං වෙන කඩවල වැඩ කරද්දිත් කල්පනා කරගෙන හිටියේ කවදාහරි මගේම ව්‍යාපාරයක් පටන් ගන්නවා කියලා.
මං හිතන්නේ මිනිස්සුන්ට ගෙවල් හදන්න ඕන දේවල් අඩුවට තිබ්බා නම් මෙහෙම බිස්නස් අඩු වෙන්නේ නැහැ. පළමු කොටම ගොඩනැගිලි ද්‍රව්‍යවල මිල අඩුවිය යුතුයි. ගෙයක් හදනකොට කම්බි වගේ දේවල් ඕනනේ. එත් ඒවායේ මිල ගොඩක් වැඩියි. ගොඩනැගිලි ද්‍රව්‍ය ක්ෂේත්‍රයේ හැමදේම වගේ මම විකුණනවා.
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බිස්නස් නම් නැතිම තරම්