IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


බිස්නස් තියෙන්නේ සාමාන්‍ය මට්ටමකට

බත්තරමුල්ල ZENO Mobile වෙළෙඳ ආයතනයේ ව්‍යාපාරික හෂේන් සංජය


මේ දිනවල බිස්නස්වල තතු සොයා බැලීමට බත්තරමුල්ල වෙළෙඳ නගරයට ගිය ගමනේ දී අපි ගොඩවැදුණේ ජංගම දුරකථන සහ ඉලෙක්ට්‍රොනික් උපංග වෙළෙඳසලක් වන ZENO Mobile වෙළෙඳ ආයතනය වෙතටයි. එහිදී ව්‍යාපාරික හෂේන් සංජය මහතා මේ දිනවල බිස්නස් සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසකි.

Q: මේ දවස්වල බිස්නස් කොහොමද?
මේ කාලසීමාවේ බිස්නස් ගැන කිව්වොත් බිස්නස් සාමාන්‍ය මට්ටමකට තමයි තියෙන්නේ. සමහර දවස්වලට වෙළෙඳසල විවෘත කරපු වෙලාවේ ඉඳන් හවස් වෙනකන් බිස්නස් තියෙන දවසුත් බිස්නස් අඩු දවසුත් තියෙනවා.


Q: බිස්නස් මේ තත්වයට පත්වීමට බලපෑ හේතු මොනවාද?
අපි පිටකොටුවෙන් තමයි ව්‍යාපාරයට අවශ්‍ය කරන භාණ්ඩ මිලදී ගන්නේ. අපේ වෙළෙඳ ආයතනයෙන් ජංගම දුරකථන, දුරකථන උපාංග සහ ඉලෙක්ට්‍රොනික් උපාංග මිලදී ගන්න පුළුවන්. ව්‍යාපාරය ආරම්භ කරන්න කලින් අපි භාණ්ඩවල මිල සම්බන්ධයෙන් යම් සොයා බැලීමක් සිදු කළා. ඒ කාලසීමාවේ මිල ගණන් එක්ක සැසඳුවාම අද වෙද්දී යම් මට්ටමකට මිල ගණන් අඩුවෙලා තියෙනවා. අපි ඉදිරියේ දී පාරිභෝගිකයාට පහසු වන පරිදි යම් කොටස් වශයෙන් උපාංග මිලදී ගන්න අවස්ථාව සලසා දෙන්න බලාපොරොත්තු වෙනවා. 
අපි හඳුනාගත් විදිහට පාරිභෝගිකයා අතේ අමතර භාණ්ඩයක් මිලදී ගන්න මුදල් නොමැතිකම තමයි බිස්නස් අඩුවෙන්න ප්‍රධානවම බලපා තියෙන්නේ. අද වෙද්දී අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගන්න මුදල් යෙදෙව්වම අමතර භාණ්ඩයක් මිලදී ගන්න පාරිභෝගිකයාට හැකියාවක් නැහැ. ඇතැම් පාරිභෝගිකයෝ වෙළෙඳසලට ඇවිත් මිල ගණන් අහලා හැරිලා යන අවස්ථා තියෙනවා. පාරිභෝගිකයෙක් උපාංගයක් ගන්න කලින් අවම වශයෙන් වෙළෙඳසල් පහ හයකට ගිහින් මිල සොයා බලනවා. පාරිභෝගිකයෝ අපේ වෙළෙඳසලේ උපාංගවල මිල සහ අනෙක් වෙළෙඳසල්වල මිලත් සංසන්දනය කරලා උපාංගයක් මිලදී ගන්න යොමු වෙන්නේ. එතකොට පාරිභෝගිකයෝ ඔය කියන වෙළෙඳසල් පහ හයටම ගිහින් මිල අඩුම තැනින් තමයි භාණ්ඩය මිලදී ගන්නේ. එයත් බිස්නස් යම් මට්ටමකින් පහත වැටීමට බලපා තියෙනවා.


මනීෂා වීරසිංහ
ඡායාරූප : සුමුදු හේවාපතිරණ



අදහස් (0)

බිස්නස් තියෙන්නේ සාමාන්‍ය මට්ටමකට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1560 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1362 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 489 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site