IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


බිස්නස් තියෙන්නේ සාමාන්‍ය මට්ටමක

නාවින්න Loory Body Privte Limited  ආයතනයේ 
කළමනාකරු 
චමීර සමරසේකර

මනීෂා වීරසිංහ

මිනිස් අවශ්‍යතා හා වුවමනා ඉටුකරන ඕනෑම කටයුත්තක් ව්‍යාපාරයක් වශයෙන් සරළව අර්ථ ගැන්විය හැකිය. ව්‍යාපාරයක් බිහිවනුයේ මිනිස් අවශ්‍යතා සහ වුවමනා මත පදනම්ව ය. මිනිසා අපේක්ෂා කරන ළඟා කරගත යුතු යැයි සලකන මූලික ඉලක්කයකි වාහනයක් මිලදී ගැනීම. වාහන ව්‍යාපාරය ගත් විට ආනයනික වාහන අලෙවි කිරීම, වාහන අමතර කොටස් වෙළෙඳාම සහ වාහන අලු‍ත්වැඩියා කිරීම මෙම ව්‍යාපාරයත් සමග ගොඩනැඟි තිබෙන තවත් ව්‍යාපාර අංශ වේ. 

මේ දිනවල බිස්නස් තතු සොයා බැලීමට ගිය ගමනේ දී අපි ගොඩවැදුණේ නාවින්න වෙළෙඳ නගරයේ Loory Body Privte Limited  ආයතනය වෙතටයි. එම වෙළෙඳ ආයතනයේ කළමනාකරු චමීර සමරසේකර මහතා මේ දිනවල බිස්නස් සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසකි.

 

Q මේ දවස්වල බිස්නස් කොහොමද?

අපි වසර 10ක පමණ කාලයක සිට ලොරි බොඩි අලු‍ත්වැඩියා කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නේ. අප ආයතනයේ සේවකයන් 25ක් සේවය කරනවා. පසුගිය වසරවලට සාපේක්ෂව ගත්තහම මේ වසරේ බිස්නස් සාමාන්‍ය මට්ටමක තමයි තියෙන්නේ. පසුගිය වසර හතරක කාලයක ඉඳන් වාහන අලු‍ත්වැඩියා කිරීමේ ව්‍යාපාර පහත වැටිලා තමයි තියෙන්නේ.

Q බිස්නස් අඩුවීමට බලපෑ හේතු මොනවාද?

අපගේ ව්‍යාපාරයෙන් ලොරි චැසිය සඳහා ලොරි බොඩිය නිර්මාණය කිරීම සිදු කරනවා. පසුගිය වසර හතරක කාලයේ වාහන ආනයන කිරීමේ දී එල්ල වුණු සීමා සහ බදු හේතුවෙන් වාහන අලු‍ත්වැඩියා කිරීමේ කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වුණා. අපේ ව්‍යාපාරය ගත්තහම වෙළෙඳපොළට ලොරි රථ ආනයනය කළොත් තමයි බිස්නස් එකක් ගොඩනැගෙන්නේ. 

මේ වෙද්දී වාහන ආනයනය සඳහා පනවා තිබූ තහනම ඉවත් කිරීමත් එක්ක අප්‍රේල් අන්තිම වගේ වෙද්දී නැවතත් මෙරටට ට්‍රක්ස් සහ ලොරි චැසි ගෙන්වයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා. එහෙම වුණොත් ඉදිරියේ දී වාහන අලු‍ත්වැඩියා කිරීමේ කාර්මාන්තයේ නියුතු පිරිසට හොඳ කාලයක් උදාවෙයි.

ඡායාරූප : ජයමාල් චන්ද්‍රසිරි



අදහස් (0)

බිස්නස් තියෙන්නේ සාමාන්‍ය මට්ටමක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 549 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1076 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site