IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


බිස්නස් ගැන නම් කතා කරලා වැඩක් නැහැ

සෑම පාරිභෝගිකයෙක්ම සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම හා සමානව සිය රුචිකත්වය සපුරාගැනීම වෙනුවෙන් සිය මුදල් යෙදවීමට උත්සුක වෙති. එහෙත් වර්තමානයේ පවතින ආර්ථික පීඩනයත් සමඟ පාරිභෝගිකයන් සිය මූලික අවශ්‍යතා පවා සපුරා ගන්නේ ඉතා අමාරුවෙනි. මෙවැනි තත්වයක් තුළ රෙදිපිළි වෙළෙඳාමට වර්තමාන ආර්ථික තත්වය බලපා ඇත්තේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය ගමනේ දී අපි ගොඩවැදුණේ වසර හතළිහක කාලයක් මුළුල්ලේ බොරැල්ල වෙළෙඳ  නගරයේ රෙදිපිළි අලෙවියෙහි නියුතු ලක්ෂ්මන් පෙරේරා මහතාගේ වෙළෙඳසල වෙත ය. 

Q: මේ දිනවල බිස්නස් කොහොමද?

බිස්නස් ගැන නම් කතා කරලා වැඩක් නැහැ. පසුගිය අවුරුදු සමයේ දී නම් බිස්නස් සාමාන්‍ය මට්ටමකට තිබුණා. මේ දවස්වල නම් බිස්නස් හොඳටම අඩුයි. 


Q: බිස්නස් අඩුවීමට බලපෑ හේතු මොනවාද?
මම පිටකොටුවෙන් සහ පමුණුවෙන් රෙදි ගෙනත් තමයි බිස්නස් එක කරන්නේ. අපේ බිස්නස් කඩා වැටෙන්න පාරිභෝගිකයන්ගේ අර්ථික මට්ටම තමයි ඍජුවම බලපා තියෙන්නේ. පාරිභෝගිකයෝ ඔවුන්ගේ දෛනික අවශ්‍යතා පවා සපුරා ගන්නේ ඉතා අමාරුවෙන්. එහෙම තත්වයක් තියෙද්දී ඇඳුමක් මිලදී ගන්න පාරිභෝගිකයෝ එන්නේ නැහැ. 
ඊට අමතරව අද වෙද්දී අපේ වෙළෙඳසලටම ඇවිත් රෙදි මිලදී ගන්න අවශ්‍ය නැහැ. පාරිභෝගිකයන්ට වෙළෙදපොළේ රෙදිපිළි මිලදී ගන්න විවිධ අවස්ථා තියෙනවා. ඉස්සර පාරිභෝගිකයෝ පිටකොටුවෙන් රෙදිපිළි මිලදී ගැනීමට උත්සාහ කළත් අදවන විට නුගේගොඩ, මහරගම, වත්තල, කිරිබත්ගොඩ, පමුණුව යන ප්‍රදේශවල ප්‍රාදේශීය වශයෙන් නිමිඇඳුම් කඩ විවෘත කරලා තියෙන්නේ. ඒ වෙළෙඳ නගර කේන්ද්‍ර කරගනිමින් නමගිය වෙළෙඳසල් විවෘතවීමත් සමඟ පාරිභෝගිකයෝ ඒ ස්ථානවලින් රෙදිපිළි මිලදී ගන්න පුරුදු වෙලා ඉන්නේ. ඒ තැන්වල තමයි හොඳම රෙදි තියෙන්නේ, සහන මිලට රෙදිපිළි ගන්න පුළුවන් කියන මතයක් පාරිභෝකයෝ තුළ තිබෙනවා. ඒ නිසා අපි වගේ සාමාන්‍ය මට්ටමෙන් පවත්වාගෙන යන වෙළෙඳසල්වලට ඇවිත් රෙදිපිළි මිලදී ගන්න මදිකමක් දක්වනවා. 
කාලයක් පුරා අපිත් එක්ක ගනුදෙනු කරපු පාරිභෝගිකයෝ අඩුවෙලා නැහැ. එහෙත් අලු‍තෙන් අපි සමග ගනුදෙනු කරන්න සම්බන්ධ වන පාරිභෝගිකයන්ගේ අඩුවීමක් තියෙනවා. කාලයක ඉඳන් මේ නගරයේ මෙවැනි වෙළෙඳකුටිවල වෙළෙඳාම් කළ සෑම වෙළෙන්දෙකුටම මෙය පොදුවේ බලපා තිබෙන කාරණාවක්.

මනීෂා වීරසිංහ
ඡායාරූපය - ඉසුරු පෙරේරා



අදහස් (0)

බිස්නස් ගැන නම් කතා කරලා වැඩක් නැහැ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 640 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17657 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 729 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site